2024 Aston Martin DBX හි නවතම update එක

time
මිනිත්තු 2 කියවීම
feature image

බොහෝ දෙනා කැමතියි, මෑත කාලයේ නිෂ්පාදනය කරපු වාහන ගැන අලුත්ම විස්තර දැන ගන්න. ඒ වාහන අතරට Aston Martin DBX එකත් අයත් වෙනවා. Aston Martin DBX කියන්නේ, 2020 වසරේ සිට බ්‍රිතාන්‍යයේ luxury car manufacturer කෙනෙක් වන Aston Martin විසින් නිෂ්පාදනය කළ crossover SUV රථයක්. මෙම සමාගම විසින් නිෂ්පාදනය කළ පළමු SUV රථයත් Aston Martin DBX වනවා. මේ Aston Martin DBX එකට ළඟදීම DB12 sports car එකෙන් ලබා ගත් අලුත්ම infotainment system එකක් සමඟින් wide interior update එකක් ලබා දෙන බව, සමාගමේ සභාපති Lawrence Stroll පවසනවා. ඉතින් MotorGuide weekly news තුළින් අපි අද ඔබට කියන්නේ, 2024 Aston Martin DBX හි නවතම update එක ගැන.

Mercedes-Benz වෙතින් ලබා ගත් outdated infotainment system එකක් තමයි, top-selling DBX එකේ දකින්න ලැබෙන්නේ. එහි touchscreen එකක් වෙනුවට screen එක control කරන්න, trackpad භාවිතා කරනවා. මේ සැකසුම සමහර අයගේ විවේචනයටත් ලක් වුණා. මේ දේවල් වලට අමතරව Aston Martin විසින් design කළ software එකක් සහිත නව touchscreen එකකින් DB12 සමන්විත වෙනවා.

Updated DBX එක launch කරන දිනය පිළිබඳ වඩාත් නිවැරදි indication එකක් ලබා දෙන ලෙස Autocar විසින් Aston Martin ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. මේ වසරේ Aston Martin හි චීනයේ ප්‍රධාන වෙළඳපොලේ විකුණුම් ප්‍රමාණය අඩු වෙලා තියෙන අතර එහිදී DBX සඳහා පැවති ඉල්ලුම වැඩි වුණා. ඒ වගේම DBX හි high-tech interior එක කෙරෙහි වෙළඳපොල වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා.

හැබැයි කොහොම වුණත්, Aston Martin පවසන විදිහට, පළමු මාස නවය තුළ DBX සමස්ත විකුණුම් ප්‍රමාණය 23% කින් ඉහළ ගොස් තියෙනවා. ඒ වගේම මෙය DBX 707 විසින් මෙහෙයවනු ලබනවා. ඒක මේ වසරේ SUV හි මුළු විකුණුම් වලින් 70% ක් පමණ වුණා. මේ වසරේ මේ දක්වා Aston හි සියලුම විකුණුම් වලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති අතර, එමඟින් මෙම මාදිලියේ වැදගත්කම ඉස්මතු කරනවා.

DB12 හි නව software platform combined කිරීම සම්බන්ධ ගැටළු, නවතම sports car එක බෙදාහැරීමට බාධාවක් වෙලා තියෙනවා. DBX එක 2020 දී South Wales හි Aston Martin's St Athan factory එකේ නිෂ්පාදනයට ගියා. ඒ වගේම PS (697bhp) සඳහා rate කර ඇති 707 version එක create කිරීම සඳහා 2022 වර්ෂයේදී redesign කළා. ඒ කොහොම වුණත්, DBX එකේ dashboard එක බොහෝ දුරට නොවෙනස්ව පවතිනවා.

මේ තමයි, 2024 Aston Martin DBX හි නවතම update එක. Technology එක වගේම ඔබ ගොඩක් ආදරේ කරන වාහනත් දිනෙන් දින update වෙමින් market එකට එනවා. ඒ නිසා ඔබ ඒ ගැන අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න ඕනේ. ඉතින් ඉදිරියේදීත් මේ විදිහටම ලෝකේ වටේ තියෙන වාහන වල සිදුවන නවතම update ගැන ඔබව දැනුවත් කරන්න MotorGuide අපි සූදානම්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!