ලොව පළමු පියාසර මෝටර් රථයට එක්සත් ජනපදයේ අනුමැතිය

time
මිනිත්තු 2 කියවීම
feature image

පියාඹන කාර් කියන්නේ පොඩි කාලේ අපි දැකපු film, cartoon වල තිබ්බ දෙයක්. හැබැයි ඉගිලෙන්න පුළුවන් විදිහට මෝටර් රථ නිෂ්පාදනය කරන ඉතිහාසය, චිත්‍රපට සහ cartoon නිර්මාණයට එහා ගිය එකක්. මොකද මුලින්ම සැහැල්ලු ගුවන් යානයක් නිර්මාණය කරන්නේ 1909 දී. ඒ අමෙරිකානු ජාතික Waldo Waterman නම් අයෙක්. හැබැයි සැහැල්ලු ගුවන් යානයක් කිව්වට මේක ග්ලයිඩරයක්.

කෙසේ හෝ 1929 දී පෙරට වඩා තාක්ෂණයෙන් ඉහළ “Whatsit” කියන ගුවන් යානය නිර්මාණය කරනවා. නමුත් මෙය නිර්මාණය වුණේ සාමාන්‍ය ගුවන් යානාවල වගේ දිගු වලිග කොටසක් නොමැතිව. ඉතින් මේ සංකල්පය තමයි පියාඹන මෝටර් රථ නිර්මාණය කරන්න පොලඹවලා තියෙන්නේ. ඉතින් අද MotorGuide අපි ඔබට අරගෙන ආවේ සිහිනයක් යථාර්තයක් බවට පත් කළ එක්සත් ජනපදයේ අනුමැතිය ලැබූ ලොව පළමු පියාසර මෝටර් රථය ගැනයි.

Alef Aeronautics ගේ පියාසර කරන මෝටර් රථය, ඇමරිකානු රජයෙන් නීතිමය අනුමැතිය ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒ එක්සත් ජනපදයේ අනුමැතිය ලැබූ ලොව පළමු පියාසර මෝටර් රථය ලෙසයි.

ගුවන් සේවා නීති සමාගමක් වන Aero Law Center ආයතනයට අනුව, එක්සත් ජනපද Federal Aviation Administration (FAA) වෙතින් විශේෂ ගුවන් යෝග්‍යතා සහතිකයක් ලැබී ඇති බවයි මෝටර් රථ සමාගම නිවේදනය කරලා තියෙන්නේ.

මෙවැනි වාහනයක් එක්සත් ජනපදයේ සහතික කළ පළමු අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Alef Aeronautics ගේ පියාසර කරන මෝටර් රථය සියයට 100ක් විදුලි බලයෙන් තමයි ක්‍රියා කරන්නේ. ඒ වගේම මේ රථයට, එක් අයෙකු හෝ දෙදෙනෙකු රැගෙන යෑමටත් හැකියාව තියෙනවා.

Alef Aeronautics සමාගම පවසන්නේ මේ මෝටර් රථය ගුවන්ගත කිරීම සහ ගොඩබෑම සහ භූගත යටිතල පහසුකම් අතර අන්තර්ක්‍රියා පාලනය කිරීම සඳහා එහි ප්‍රතිපත්ති පිළිබඳව මේ දිනවල ක්‍රියාකාරීව කටයුතු කරන බවයි.

මේ රථයට නවතා ඇති රථවාහන හා අනතුරුවලට ඉහළින් පියාසර කරන්න හැකියාව තියෙන නිසා මෝටර් රථය දළ වශයෙන් ඩොලර් 300, 000ක පමණ මුදලක් වන බවයි වාර්තා වෙන්නේ.

2025 වසරේ අවසානය වන විට Alef Aeronautics සමාගම පාරිභෝගිකයින්ට පියාසර මෝටර් රථ ලබා දීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නිවේදනය කරලා තියෙනවා. එහෙනම් තව අවුරුදු දෙකකින් අපි බලමු නේද Car එකකින් අහසේ යනකොට මොන වගේ හැඟීමක් දැනෙයිද කියලා

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

  • Toyota RAV4 2.5L Petrol 2026

    SUV

    රු 48M - 50M

  • Toyota RAV4 2.5 Hybrid AWD 2026

    Compact SUV

    රු 420M - 50M

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

  • Kia Sorento Hybrid SX Tech Pack 2026

    SUV

    රු 34.5M - 38.8M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!