Lagonda නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතියි

time
මිනිත්තු 2 කියවීම
feature image

Luxury Vehicles කිව්ව ගමන් අපේ මතකෙට එන වාහන කීපය අතරින් ඉහළින්ම තියෙන නමක් තමයි Aston Martin කියන්නේ. ඉතින් මේ Aston Martin සමාගමෙන් එළියට දැම්ම Luxury Vehicle එකක් තමයි Lagonda. Lagonda කියන්නේ British luxury car brand එකක්. ඉතින් මේ car brand එක ආරම්භ වෙන්නේ 1906දී. 1947 අවුරුද්ද වෙනකොට Lagonda කියන brand name එක Aston Martin සමාගමට අයත් වෙනවා.

හැබැයි අවාසනාවකට අවුරුදු 118ක් පරණ මේ Lagonda luxury car brand එක සම්පූර්ණයෙන්ම නවත්වන්න Aston Martin සමාගම තීරණය කරලා තියෙනවා. අද MotorGuide weekly news තුළින් අපි ඔබට කියන්නේ ඒ ගැන.

Aston Martin සමාගම sports cars කෙරෙහි අවධානය යොමු කරන බැවින් Lagonda නිෂ්පාදනය කරන සම්පූර්ණයෙන්ම නතර කරන බවයි වාර්තා වන්නේ. මේ වන විට සාමාන්‍ය Aston Martin මෝටර් රථයක් පවුම් 213,000 ක් පමණ වෙනවා. මෙයට හේතුව වන්නේ High levels personalization වාහන නිෂ්පාදනය කිරීමයි. නමුත් සමාගමට වෙන් වූ සුඛෝපභෝගී සන්නාමයක් දියත් කිරීමට කිසිදු සැලසුමක් නැති බවයි සමාගමේ ඉහළ නිලධාරීන් සඳහන් කරන්නේ.

නමුත් Aston Martin සමාගම තම කලින් ප්‍රධාන විධායක නිලධාරි Andy Palmer යටතේ සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබුණා. විශේෂයෙන්ම ඔහු Bentley සමාගමට ප්‍රතිවාදියා ලෙස Lagonda පුනර්ජීවනය කිරීමට සැලසුම් කරමින් සිටියා. එසේම 2018දී සහ 2019දී concept cars විදිහට super-saloon සහ SUV නිර්මාණයට Lagonda සැලසුම් කර තිබුණා.

2020 දී Palmer ගේ ඉවත්වීමෙන් පසුව, Lagonda ව්‍යාපෘතිය පිළිබඳව කිසිදු විස්තරයක් වාර්තා වුණේ නැහැ. නමුත් බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ Aston Martin හි දැනට පවතින sports cars සඳහා ආයෝජනය කිරීම, DBX SUV launch සහ Valkyrie hypercar සංවර්ධනය කිරීම සඳහා එය අත්හිටුවා ඇති බවයි.

මේ සිද්ධියෙන් පසුව Aston Martin සමාගමේ දැන් සභාපති Lawrence Stroll පවසා ඇත්තේ Aston Martin, සුඛෝපභෝගී වෙළඳපොලට ගෙනයාමට තමාට අභිලාෂයක් නොමැති බවයි. මේ විදිහට තමයි අවුරුදු 118ක් පරණ මේ Lagonda luxury car brand එක සම්පූර්ණයෙන්ම නවත්වතින්නේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Toyota RAV4 2.5 Hybrid AWD 2026

    Compact SUV

    රු 420M - 50M

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

  • Kia Sorento Hybrid SX Tech Pack 2026

    SUV

    රු 34.5M - 38.8M

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!