ආබාධිත ජනතාවට සාමාන්‍යයේ රියදුරු බලපත්‍රයක් මෙම මාසයේ සිට
මිනිත්තු 1 කියවීම
මිනිත්තු 1 කියවීම

ශ්‍රී ලංකාවේ ආබාධිත ජනතාවට සාමාන්‍යයේ රියදුරු බලපත්‍රයක් මෙම මාසයේ සිට නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළා.
ආබාධිතයින්ට රියදුරු බලපත්‍ර දීමට ඇති බාධා ඉවත් කිරීමේ කමිටුව දුන් නිර්දේශයක් මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව අස්ථි, මස් පිඩු සහ ස්නායු ආබාධ පවතින ඕනෑම ආබාධිතයකුට වාහන පැදවිය හැකි නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් නිකුත් කරනු ලබනවා.
(Source : newscenter.lk)





























