වාහන ගෙන්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි

time
මිනිත්තු 2 කියවීම
feature image

වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, ඉකුත් 2024 වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට මේ වසරේ ජනවාරි 27 වැනිදා දක්වා ආනයන අපනයන පාලකවරයාගේ රෙගුලාසි යටතේ ණයවර ලිපි නිකුත්කළ වාහන මුදාහැරීමට එමගින් රේගු අධ්‍යක්ෂවරයාට අවසර ලබාදී තිබේ.

එමෙන්ම, 2024 වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට 2025 වසරේ ජූලි 31 වැනිදා තෙක් වාහන ආනයනයට ද හැකියාව පවති.

ආනයනය කරන මෝටර් වාහනය අලෙවි කිරීමට නම් දින 90ක් ඇතුළත අදාළ ගැනුම්කරුගේ නමින් මෝටර් වාහන දෙපාර්ථමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.

අදාළ ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ වාහනය ලියාපදිංචිය සඳහා ආනයනකරු හෝ ගැණුම්කරු බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඇතුළත් අදාළ ලියකියවිළි ඉදිරිපත් කළ යුතු බවය.

මෙලෙස ආනයන සීමා ලිහිල් වන්නේ අදාළ රෙගුලාසි යටතේ ආනයනය කළහැකි සීමාවන්ට යටත්වූ වාහන කිහිපයක් පමණයි.

මෝටර් වාහන දෙපාර්ථමේන්තුවේ ලියාපදිංචි වාහන ආනයනකරුවන් හැර අනෙකුත් පුද්ගලයන්ට වසරක කාලයක් තුළ මෙලෙස ආනයනය කළ හැකිවන්නේ එක් වාහනයක් පමණක් බව අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වේ.

යම් වාහන ආනයනකරුවෙකු 2025 වසරේ දෙසැම්බර් දක්වා මාස 06ක කාලයක් තුළ අනුමත වාහන සංඛ්‍යාව 25%කින් ඉක්මවා ආනයනය කරන්නේනම් එවැනි ආනයනකරුවෙකුට අවම වශයෙන් වසර 3ක් වාහන ආනයනය තහනම් කෙරෙනු ඇත.

අදාළ රෙගුලාසි උල්ලංඝනය කරමින් මෝටර් වාහන ආනයනයට අදාළ නියාමනයන්ට අනුකූල නොවන ලෙස ආනයනය කරන වාහන අදාළ ආනයනකරු විසින් දින 90ක් තුළ ඔහුගේ වියදමින් ප්‍රති අපනයනය කළ යුතු වීමත් විශේෂත්වයකි.

ඊට අමතරව

  • අවසර ලත් වාහන: 1000cc ට අඩු කුඩා වාහන, කැබ් රථ, ආසන 10+ ප්‍රවාහන වාහන, ඩම්පර්, කිරි බවුසර් (අවුරුදු ක් හෝ ඊට අඩු) සහ ත්‍රිරෝද රථ (අවුරුදු 4ක් හෝ ඊට අඩු) ඇතුළත් වේ.
  • විශේෂ කාර්ය වාහන: ගිනි නිවන රථ, දොඹකර ලොරි (අවුරුදු 7-10ත් අතර), ගලි බවුසර් සහ කසළ ට්‍රක් රථ.
  • ලියාපදිංචි ආනයනකරුවන්: ආනයන සඳහා සීමාවක් නැත. අනෙක් ඒවා: මාස 12ක් ඇතුළත එක් වාහනයක්.

Gazette_No_2421-04

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

  • Toyota RAV4 2.5L Petrol 2026

    SUV

    රු 48M - 50M

  • Toyota RAV4 2.5 Hybrid AWD 2026

    Compact SUV

    රු 420M - 50M

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!