Ford Maverick Lobo Sport Truck නැවත පණ ලබයි

time
මිනිත්තු 2 කියවීම
feature image

Ford Maverick compact ට්‍රක් රථය ST moniker භාවිතා කරනවයි කියලා බොහෝ දෙනා හිතුවත්, මෑතකදී Ford USPTO වෙත "Maverick Lobo" සඳහා trademark එකක් ගොනු කර තිබෙනවා. ඒ වගේම Ford සිය third-quarter එකේ 2023 වර්ෂයේ ප්‍රතිඵල වලදී ද Maverick nameplate එකේ සිය නම තහවුරු කර ගෙන තිබුණා. ඉතින් මේ Ford Maverick lobo Sport Truck රථය නැවත පණ ලැබීමේ සිදුවීම ගැන තමයි, අද MotorGuide weekly news තුළින් අපි ඔබට කියන්නේ.

නවතම මාදිලියේ Ford Maverick එක market එකට පැමිණෙමින් තිබෙනවා. එහි සුපිරි ජනප්‍රිය compact pickup truck රථයේ නව ප්‍රභේදයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පසුගිය මාසයේ සිය කාර්තුමය ඉපැයීම් වාර්තාවෙන් Ford විසින් හෙළි කළා. ඉදිරියට එන ව්‍යුත්පන්නයන්ගෙන් එකක් හෝ Maverick sport ට්‍රක් රථයක් වන බවද ඔවුන් විශ්වාස කරනවා.

මෙය දැනට speculation එකක් පමණක් වනවා. නැවතත් 2023 අගෝස්තු 14 වන දින Blue Oval brand එක "Maverick Lobo" trademark කළා. මේ ට්‍රක් රථයේ වඩාත්ම කැපී පෙනෙන දේ තමයි, එය Goodyear Wrangler Territory HT සියලුම ටයර් size එක 19 inch වීම. Maverick නිෂ්පාදනයේ දැනට පවතින සියල්ලටම වඩා rim එක විශාලයි.

මෙම ට්‍රක් රථයේ front එක සහ rear එක camo මඟින් cover වෙලා තිබෙනවා. ඒ නිසාම, ට්‍රක් රථයට aggressive face එකක් ලැබෙනවා. Grill එක හෝ air intake එක විශාල නම්, ඉන් අදහස් කරන්නේ, hood එක යට powerful engine එකක් ඇති බවයි. තත්පර 5.9 ක කාලයකින් පැයට සැතපුම් 60 ක වේගයකින් drive කළ all-wheel-drive model පරීක්ෂා කර තිබෙන අතර, quarter එක තත්පර 14.5 ක කාලයකින් පැයට සැතපුම් 95 ක් දක්වා අවසන් කර තිබෙනවා. මේක Mustangs කිහිපයකට වඩා වේගවත් වන බව තමයි වාර්තා වෙන්නේ.

මේ තමයි, Ford Maverick Lobo Sport Truck රථයේ අලුත්ම කතාව. මේ වගේ ලෝකේ වටේම තියෙන වාහන අලුත් වෙමින් market එකට එනවා. ඉතින් ඒ සියලුම වාහන විස්තර ගැන ඉදිරියේදීත් MotorGuide තුළින් අඩුවක් නැතුව ඔබට දැන ගන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!