ඉන්ධන සඳහා QR ක්‍රමවේදය අහෝසියි
මිනිත්තු 1 කියවීම
මිනිත්තු 1 කියවීම

ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (සැප්තැම්බර් 01) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඉන්ධන පෝලිම් අවම කිරීමේ අරමුණෙන් බලශක්ති අමාත්‍යාංශය හඳුන්වා දුන් ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදය 2022 අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක වුණා.





























