3RD PARTY රක්ෂණයක් නම් අනතුරකදී වන්දි ලැබෙන අලුත්ම ක්‍රමය ගැන රජයෙන් පණිවිඩයක්

time
මිනිත්තු 1 කියවීම
feature image

තුන්වැනි පාර්ශ්වයේ (3rd Party) රක්ෂණයක් සහිත වාහනයක ගැටීමෙන් යමෙකුට ජීවිත හානියක් හෝ වෙනයම් අනතුරක් සිදු වුවහොත් එම පුද්ගලයාට අධිකරණයට නොයා අදාළ වන්දි මුදල රක්ෂණ සමාගමෙන් ලබාදීමට රක්ෂණ සමාගම් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයට එකඟතාවය පළකර ඇතිබව වාර්තා වනවා.

මෙම රෙගුලාසි මෝටර් රථ ප්‍රවාහන පනතට ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇති බවත්, එම සංශෝධන කටයුතු මාර්තු මස පළමුවැනිදා වනවිට සිදු කිරීමට නියමිත බවයි ප්‍රවාහන රාජ්‍ය ආමාත්‍යවරයා පවසන්නේ.

මෙරට තිබෙන හතළිහකට ආසන්න රක්ෂණ සමාගම් සහ රක්ෂණ නියාමන කොමිෂන් සභාව සමග සාකච්ඡා කිරීමෙන් පසුව මෙම තීරණය ගත් බවත් එහිදී රුපියල් ලක්ෂ පහක උපරිමයකට යටත්ව වන්දි ගෙවීමට රක්ෂණ සමාගම් කැමැත්ත පළකර ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අනතුරට ලක්වූ පුද්ගලයාට එම වන්දි මුදල ප්‍රමාණවත් නොවන්නේනම් අධිකරණය හමුවට ගොස් වන්දි මුදල වැඩිකර ගැනීමට හැකියා හිමිවනවා.

2018 වසරේ වන්දි පුද්ගලයන් 562 ක්ද, 2019 වසරේදී පුද්ගලයන් 653 ක්ද, 2020 වසරේදී පුද්ගලයන් 449 ක්ද, 2021 වසරේදී පුද්ගලයන් 3500 ක්ද, 2022 වසරේදී පුද්ගලයන් 423 ක්ද රිය අනතුරු වලින් වන්දි ලබාගෙන ඇත්තේ වසර ගණනක් අධිකරණයේ විභාග වූ නඩු වලින් අනතුරුව බවද ඔහු සඳහන් කළා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!