3RD PARTY රක්ෂණයක් නම් අනතුරකදී වන්දි ලැබෙන අලුත්ම ක්‍රමය ගැන රජයෙන් පණිවිඩයක්

time
මිනිත්තු 1 කියවීම
feature image

තුන්වැනි පාර්ශ්වයේ (3rd Party) රක්ෂණයක් සහිත වාහනයක ගැටීමෙන් යමෙකුට ජීවිත හානියක් හෝ වෙනයම් අනතුරක් සිදු වුවහොත් එම පුද්ගලයාට අධිකරණයට නොයා අදාළ වන්දි මුදල රක්ෂණ සමාගමෙන් ලබාදීමට රක්ෂණ සමාගම් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයට එකඟතාවය පළකර ඇතිබව වාර්තා වනවා.

මෙම රෙගුලාසි මෝටර් රථ ප්‍රවාහන පනතට ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇති බවත්, එම සංශෝධන කටයුතු මාර්තු මස පළමුවැනිදා වනවිට සිදු කිරීමට නියමිත බවයි ප්‍රවාහන රාජ්‍ය ආමාත්‍යවරයා පවසන්නේ.

මෙරට තිබෙන හතළිහකට ආසන්න රක්ෂණ සමාගම් සහ රක්ෂණ නියාමන කොමිෂන් සභාව සමග සාකච්ඡා කිරීමෙන් පසුව මෙම තීරණය ගත් බවත් එහිදී රුපියල් ලක්ෂ පහක උපරිමයකට යටත්ව වන්දි ගෙවීමට රක්ෂණ සමාගම් කැමැත්ත පළකර ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අනතුරට ලක්වූ පුද්ගලයාට එම වන්දි මුදල ප්‍රමාණවත් නොවන්නේනම් අධිකරණය හමුවට ගොස් වන්දි මුදල වැඩිකර ගැනීමට හැකියා හිමිවනවා.

2018 වසරේ වන්දි පුද්ගලයන් 562 ක්ද, 2019 වසරේදී පුද්ගලයන් 653 ක්ද, 2020 වසරේදී පුද්ගලයන් 449 ක්ද, 2021 වසරේදී පුද්ගලයන් 3500 ක්ද, 2022 වසරේදී පුද්ගලයන් 423 ක්ද රිය අනතුරු වලින් වන්දි ලබාගෙන ඇත්තේ වසර ගණනක් අධිකරණයේ විභාග වූ නඩු වලින් අනතුරුව බවද ඔහු සඳහන් කළා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

  • Toyota RAV4 2.5L Petrol 2026

    SUV

    රු 48M - 50M

  • Toyota RAV4 2.5 Hybrid AWD 2026

    Compact SUV

    රු 420M - 50M

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!