විද්‍යුත් වාහන ගැන ලෝකයෙන් ඇසෙන අලුත්ම කතාව මෙන්න

Nipuna Marasinghe
time
මිනිත්තු 2 කියවීම
feature image

ෆොසිල ඉන්ධන යුගයේ අවසානය කරා ලෝකය යොමුවෙද්දී EV නැත්නම් විද්‍යුත් වාහන භාවිතය ලොව පුරා ප්‍රචලිතවෙමින් පවතින බව රොයිටර්ස් පුවත් සේවය අනාවරණය කරනවා.

ලෝකයේ රටවල් රැසක් මේ වනවිට කාලගුණ විපර්යාසවලට මුහුණ දෙමින් සිටීම නිසා පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුවීඹ ඊට හේතුව වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව පසුගියදා ඩුබායිහි පැවති COP28 සමුළුවේදී සාකච්ඡාවට ගැනුණි.

කෙසේ වුවද ප්‍රංශය මූලික කරගත් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පුරෝකථනය කරන්නේ, මෙම දශකය අවසානය වනවිට ලෝක ඉන්ධන පරිභෝජනය එහි උච්චතම අගය සටහන් කරනු ඇති බවය.

එය දෛනිකව ඉන්ධන බැරල් මිලියන 103ක් වනු ඇතැයි පැවසෙයි.

ප්‍රවාහනය, ලොව ඉන්ධන ඉල්ලුමෙන් සියයට 60කට හේතුවී තිබේ.

අමෙරිකාවේ ඉන්ධන ඉල්ලුමෙන් ප්‍රවාහනය සඳහා වන ඉන්ධන ඉල්ලුම් ප්‍රතිශතයක් ලෙස සියයට 10කි.

කෙසේ වුවද ඉදිරියේ දී මෙම ඉල්ලුම් පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය අපේක්ෂා කරයි.

ඔවුන් 2030 වසර වනවිට දෛනිකව තෙල් බැරල් මිලියන 5ක අවමවීමක් අපේක්ෂා කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඒ විද්‍යුත් වාහන සඳහා වන ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යාම හේතුවෙනි.

මේ වනවිට ලොව වාහන ඉල්ලුමෙන් විද්‍යුත් වාහන සඳහා වන ඉල්ලුම් සියයට 30කි.

මෙම දශකය අවසානය වනවිට එය සියයට 40ත් 45ත් අතර අගයත් දක්වා ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය අපේක්ෂා කරයි.

2015 ප්‍රංශ සම්මුතිය වන්නේ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ක් ඇතුළත පවත්වාගෙන යාමට ය.

කෙසේ වුවද ප්‍රංශ සම්මුතියට අනුව, ගෝලීය උෂ්ණත්වය සීමා කිරීම සඳහා වන එම අරමුණ ඉටුකර ගැනීම සඳහා 2030 වනවිට විද්‍යුත් වාහන සඳහා වන ඉල්ලුම තවත් ඉහළ යායුතු බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ අපේක්ෂාව වෙයි.

විද්‍යුත් වාහනවල මිල සහ ආරෝපණ මධ්‍යස්ථාන ප්‍රමාණය මත විද්‍යුත් වාහන සඳහා වන ඉල්ලුම් රඳා පවතී.

චීනය සැලකෙන්නේ එම සාධක දෙකෙන්ම පිරිපුන් රටක් ලෙසට ය.

චීනයේ විද්‍යුත් වාහනයක සාමාන්‍ය මිල ඩොලර් 33, 964කි.

අමෙරිකාවේ විද්‍යුත් වාහනයක මිල ඩොලර් 53,000 ඉක්මවයි.

එමෙන්ම, අමෙරිකාවේ ඇති ආරෝපණ මධ්‍යස්ථාන ගණන 52,000ක් පමණක් වන අතර චීනයේ ආරෝපණ මධ්‍යස්ථාන ගණන මිලියනයකට අධික ය.

ඒ අනුව ඉදිරියේදී චීනය, ලෝක විද්‍යුත් වාහන වෙළෙඳපොලේ ප්‍රමුඛත්වය ගනු ඇතැයි අපේක්ෂිතය.

(Source : Ada Derana)

සමාන පුවත්

  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback

    රු 4.6M - 5.3M

  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 සමාලෝචනය

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4

    රු 5M - 7.5M

  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback

    රු 25M - 40M

  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback
  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4
  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan

    රු 12M - 13.5M

  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan

    රු 15M - 18M

  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

    රු 17.5M - 19.8M

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!