වාහන සහ වාහන හිමියන් පිළිබඳව රජය විසින් ගත් නවතම තීරණ

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහන ඇති අයට රජයෙන් ගැසට්ටුවක්

වෘත්තීය කාණ්ඩ කිහිපයක නියැලෙන තැනැත්තන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා මුදල්, ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. අදාළ ගැසට් නිවේදනය අනුව මෙලෙස ‌දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙත ලියාපදිංචි වීම අනිවාර්ය වන පිරිස අතරට;

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින්ද අයත්. (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)

මීට අමතරව 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති, හෝ 2024 ජනවාරි 01 දින හෝ ඊට පසු වයස අවුරුදු 18 ට එළඹෙන සියලු තැනැත්තන්ද මෙම නව විධිවිධානයට යටත් වනු ඇත.

(Source : Department of Government Information - news.lk)

පළාත් අකුරු වාහන අංක තහඩුවෙන් ඉවතට

මෙම වසරේ සිට බලපැවැත්වෙන පරිදි(2023 ජනවාරි 01 දා සිට) නව වාහනයක් ලියාපදිංචි කිරීමේදී සහ අයිතිය පැවරීමේදී වාහන අංක තහඩුවෙන් පළාත් අකුරු ඉවත් කිරීමට රජය පසුගිය වසරේදී තීරණය කළා. ඒ අනුව දැනට නිකුත් කර තිබෙන අංක තහඩුවල තිබෙන පළාත් අක්ෂරය තිබීම පිළිබඳව ගැටළුවක් නොමැති නමුත් නිකුත් කර තිබෙන වාහනය වෙනත් පළාතකට අලෙවි කළහොත් ඊට පසු නිකුත් කරන නව තහඩුවේ පළාත සඳහන් වන්නේ නැහැ.

(Source: Department of Government Information - news.lk & Ada Derana)

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ටත් රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමට අවධානය

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම මෙම වසරේ ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවනවා.පසුගිය වසරේ දී ගම්පහ දිස්ත්‍රිකයේ ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන් 75 දෙනෙකුට රියැදුරු පුහුණු බලපත්‍රය ලබා දී ඊට අදාළ නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබුණා.

එහි සාර්ථකත්වය මත අදාළ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර මේ වන විට රියදුරු බලපත් ලබා ගැනීම සඳහා දිවයින පුරා සිටින ශ්‍රවණාබාධිත පුද්ගලයින් 1000කට ආසන්න ප්‍රමාණයක් අයදුම් කර ඇති බවද ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරනවා.

(Source: Ministry of Transport and Highways - official website)

රියැදුරු බලපත අහිමි කරන ලකුණු කපන ක්‍රමය

රථවාහන අනතුරු අවම කිරීමේ අරමුණෙන් රියැදුරු බලපත්‍ර අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව සැලසුම් කළ ක්‍රමවේදය එළඹෙන මාස කිහිපයේදී ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.

රියැදුරු විසින් සිදු කරන වැරදි අනුව බලපත්‍රයේ ලකුණු අඩුවීම මෙහිදී සිදු වේ. ලකුණු අවසන් වීමේදී රියැදුරු බලපත්‍රය අහෝසි වීමට නියමිතය. අදාළ වරද අනුව ලකුණු අහිමි කිරීමට බලය රථවාහන පොලිසිය සතු ය.

මෙසේ එක් රියැදුරු බලපත්‍රයක් සඳහා ලැබෙන ලකුණු සංඛ්‍යාව 24 ක්. ලකුණු අවසන් වීමත් සමඟ අවලංගු වන බලපත්‍රය ලබාගැනීම සඳහා රියැදුරු නැවත මුල සිට ඉල්ලුම් කළ යුතුව බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

(Source: Department of Government Information - news.lk & BBC Sinhala)

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී පරීක්ෂණයට ප්‍රථමාධාර පිළිබඳ පුහුණුව ද ඇතුලත් කිරීමට පියවර.

රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ප්‍රථමාධාර පිළිබඳ පුහුණුව ද ඇතුළත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, රතු කුරුස සමාජය (කොළඹ ශාඛාව), ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආයතන එක්ව ‍ප්‍රථමාධාර පුහුණුව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දෛනිකව සිදුවන රථවාහන හා මාර්ග අනතුරු ඇතුළු අනතුරුවලදී සිදුවන ජීවිත හානි වළක්වා ගැනීම සහ නිවැරදි ප්‍රථමාධාර ක්‍රමවේද හඳුන්වා දීමේ වැදගත්කම පිළිබඳ සලකා බලමින් රියැදුරන් වෙත මෙම ප්‍රථමාධාර පුහුණුව ලබාදීම මෙහි අරමුණයි.

ඉදිරියේදී රියැදුරු බලපත්‍ර ලබා දීමේ දී පැවැත්වෙන ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණයේදි ඊට ප්‍රථමාධාර පුහුණුව පිළිබඳව කොටසක් ඇතුළත් කිරීමටත් ප්‍රථමාධාර ලබාදීම පිළිබඳව තත්ත්වයන් වඩාත් විධිමත් කිරීම පිළිබඳවත් රජයේ අවධානය යොමුව තිබෙනවා.

(Source: Ministry of Transport and Highways - official website)

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!