Maruti Suzuki නවතම මෝටර් රථය වෙළෙඳපොළට නිකුත් කරයි

time
මිනිත්තු 2 කියවීම
feature image

Maruti Suzuki කියන්නේ ශ්‍රී ලංකාවේ ඕනම කෙනෙක් නම කිව්ව ගමන් දන්න මෝටර් රථ නිෂ්පාදන සමාගමක්. 1983 දී තමයි මේ සමාගම මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කරන්නේ. ඉතින් අද MotorGuide අපි අරගෙන ආවේ Maruti Suzuki සමාගම විසින් 2023 වසරේ වෙළෙඳපොළට නිකුත් කරපු නවතම මෝටර් රථය ගැනයි.

ඉන්දියාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන Maruti Suzuki එහි නවතම මෝටර් රථය වෙන Invicto එළිදක්වා තිබෙනවා. එය තමයි දැනට ඉන්දියාවේ මිල අධිකම මෝටර් රථය වෙන්නේ.

මේ මෝටර් රථය මූලික වශයෙන් පසුගිය වසරේ එළිදැක්වූ Toyota Innova HyCross MPV රථයේ rebadged version එකක් විදියට හඳුන්වන්න පුලුවන්. Invicto කියන්නේ Maruti සහ Toyota Kirloskar අතර හවුල්කාරීත්වයෙන් පසුව නිපද වූ නිෂ්පාදනයක්.

මෙම මෝටර් රථයේ variants තුනක් අපිට බලාගන්න පුලුවන්.

  • Zeta+ (7 seater)
  • Zeta+ (8 seater)
  • Aplha+ (7 seater)

ඒ වගේම මේ Invicto රථය Nexa Blue සහ Mystic White ඇතුළුව වර්ණ හතරකින් ලබා ගන්න පුලුවන්.

නවතම Maruti Suzuki රථයේ hybrid motor එකක් සමඟ 2.0-litre petrol engine එකක් තමයි තියෙන්නේ. පෙට්‍රල් එන්ජිම මඟින් 172bhp බලයක් සහ 188Nm torque එකක් ලබා දීම සිදු කරනවා. මෙහි e-CVT transmission එකක් තමයි තියෙන්නේ.

දැනට මෙම මෝටර් රථයේ වටිනාකම බොහෝ දුරට රුපියල් මිලියනයකට (ඩොලර් 12,000) අඩු මිලක් වනු ඇති බවයි අපේක්ෂා කරන්නේ.

ඉතින් මේ දේවල් තමයි අලුතෙන් නිකුත් වුණු Maruti Suzuki Invicto රථය ගැන කතා කරන්න තියෙන්නේ. ඉදිරියේදී මේ ගැන අලුත්ම updates MotorGuide අපි ඔයාට අරගෙන එන්නම්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!