QR කේතය සහිත නව රියදුරු බලපත්‍රයක්

දැනට පවතින අර්ධ සන්නායක චිප් වෙනුවට QR කේත සහිත රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) දියත් කර ඇති බව වාර්තා වේ.
මාධ්‍ය වාර්තාවලට අනුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසුවේ ඩිජිටල් හෝ ස්මාර්ට් රියදුරු බලපත්‍ර හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ඔක්තෝම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව ආරම්භ කළ බවයි.
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සහ නිකුත් කිරීම නැවත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත භාරදීමෙන් අනතුරුව ඔක්තෝබර් 16 වන දින මුද්‍රණ ක්‍රියාවලිය ආරම්භ කළ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස චිප් කියවීම් ඒකක ආනයනය කිරීමේදී ඇති වූ දුෂ්කරතා හේතුවෙන් අර්ධ සන්නායක චිප් වෙනුවට QR කේතයක් ඇතුළත් කිරීමට තීරණය කර ඇත. QR කේත සඳහා වෙනම ජංගම යෙදුමක් හඳුන්වා දී ඇති අතර එය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය සහ පොලිස් දෙපාර්තමේන්තුව විසින් පමණක් ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.
රථවාහන වැරදි සඳහා වැරදි ලකුණු ක්‍රමය ද ස්මාර්ට් රියදුරු බලපත්‍රයට ඇතුළත් කර ඇති බවද වීරසිංහ මහතා පැවසීය.
(Source : NewsWire)





























