හෙට (15) කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක් - පොලිසීය

time
මිනිත්තු 3 කියවීම
feature image

2024 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීම අගෝස්තු 15 වන දා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ සිදු කිරීමට නියමිත ය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, හෙට (අගෝ. 15) පෙරවරු 8:00 සිට පස්වරු 2:00 දක්වා කාලය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ය.

එදින පහත දක්වා ඇති පරිදි රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව

2024.08.15 වන දින උදෑසන 08.00 සිට දහවල් 02.00 දක්වා වැලිකඩ හන්දියේ සිට ආයුර්වේද හන්දිය දක්වා (කොළඹට ඇතුළු වන ) පරණ පාර කොටස වාහන ගමනා ගමනය සීමා කිරීමට කටයුතු කරනු ඇත.

2024.08.15 වන දින උදෑසන 08.00 සිට දහවල් 02.00 දක්වා තලවතුගොඩ හන්දියේ සිට කොළඹ දෙසට ගමන් කරන සියළුම වාහන තලවතුගොඩ හන්දිය, කිඹුලාවල හන්දිය ඔස්සේ පිටකෝට්ටේ හන්දියට පැමිණ නාවල පාර ඔස්සේ නාරාහේන්පිට දෙසට හෝ නුගේගොඩ දෙසට ගමන් කර කොළඹ දෙසට ගමන් කළ යුතුය.

ඔබේසේකරපුර මාර්ගයෙන් පරණ පාරට පැමිණෙන වාහන මාදින්නාගොඩ හරහා වැලිකඩ හන්දියට ගමන් කළ යුතුය

2024.08.15 වන දින උදෑසන 08.00 සිට දහවල් 02.00 දක්වා පොල්දූව හන්දියේ සිට බොරැල්ල දෙසට සහ බොරැල්ල දෙස සිට පොල්දූව හන්දිය දක්වා කන්ටේනර් රථ ගල්, වැලි පටවන ලද ටිපර් රථ වලට ඇතුළු වීම සීමා කෙරෙනු ඇත.

තවද ජනාධිපති අපේක්ෂකයින් සමඟ පැමිණෙන සාක්ෂිකරුවන්ගේ වාහන නැවැත්වීම සම්බන්ධයෙන් හා පාක්ෂිකයින් ස්ථාන ගත වීම සම්බන්ධයෙන් ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබේ

වැලිකඩ හන්දියේ සිට ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ආයුර්වේද හන්දිය දක්වා පරණ පාර ආයුර්වේද හන්දිය සිට වැලිකඩ හන්දිය දක්වා ප්‍රදේශය මඟහැර විකල්ප මාර්ග භාවිතා කරන රියදුරන් දැනුවත් කරන ලෙසට ඉල්ලා සිටිමි.

පහත සඳහන් මාර්ගවල බස් රථ පහත පරිදි ගමනාන්තය දක්වා ගමන් කළ යුතුය.

  • 176 මාර්ගය නාවල පාරෙන් වැලිකඩ හන්දියට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ඔස්සේ ආයුර්වේද හන්දියට පැමිණ ගමනාන්තය දක්වා ගමන් කළ යුතුය.
  • මාර්ග අංක 170, 171, 175,177,190 යන මාර්ගවල බස් රථ වැලිකඩ හන්දියට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ඔස්සේ ආයුර්වේද හන්දිය වෙත පැමිණ ගමනාන්තය දක්වා ගමන් කළ යුතුය.පොල්දූව දෙස සිට සහ නාවල පාරෙන් කොළඹට ඇතුළු වන සියළුම වාහන සාමාන්‍ය පරිදි වැලිකඩ හන්දිය පැමිණ එතැන් සිට ආයුර්වේද හන්දිය දක්වා ගමන් කර සාමාන්‍ය පරිදි කොළඹට ඇතුළු විය හැකිය. වැලිකඩ හන්දියත් ආයුර්වේද හන්දියත් අතර කොළඹට ඇතුළු වන පැත්තේ ඇති සියළුම අතුරු මාර්ග වලින් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයට ඇතුළු වන සියළුම වාහන වමට හරවා බොරැල්ල ආයුර්වේද හන්දිය දෙසට ගමන් කළ යුතුය.බොරැල්ල කොටා පාරෙන් සහ කාසල් වීදියෙන් කොළඹින් පිටවන වාහන ආයුර්වේද හන්දියට පැමිණ ආයුර්වේද හන්දියෙන් පරණ පාර ඔස්සේ වැලිකඩ හන්දිය දක්වා ගමන් කළ හැකිය. එමෙන්ම අතුරු මාර්ග වලින් පරණ පාරට ඇතුළු වන සියළුම වාහන වමට හරවා වැලිකඩ හන්දිය දෙසට ගමන් කල යුතුය.

2024.08.15 වන දින උදෑසන 08.00 සිට දහවල් 02.00 දක්වා ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ආයුර්වේද හන්දියේ සිට වැලිකඩ දක්වා (කොළඹින් පිටවීම) කොටස වාහන ගමනා ගමනය සීමා කිරීමට කටයුතු කරනු ඇත.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

  • Toyota RAV4 2.5L Petrol 2026

    SUV

    රු 48M - 50M

  • Toyota RAV4 2.5 Hybrid AWD 2026

    Compact SUV

    රු 420M - 50M

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!