මේ මස පළමු සති 2ට CCTV මගින් ඇල්ලූ රථවාහන නඩු 793ක්

Nipuna Marasinghe
time
මිනිත්තු 2 කියවීම
feature image

කොළඹ නගරයේ ස්ථාපිත කර ඇති ආරක්ෂක කැමරා පද්ධතියෙන් රථවාහන වැරැදි සම්බන්ධයෙන් නඩු ලබා ගැනීම් ආරම්භ කළ පසුගිය 01 වෙනිදා සිට 15 වෙනිදා දක්වා කාලය තුළ නඩු 793ක් ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා. මාර්ග නීති උල්ලංඝනය කිරී‍ම් සම්බන්ධයෙන් එසේ ආරක්ෂක කැමරාවලට හසුවූ වාහනවල අංකයට අනුව හිමිකරුවන් හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ වාහනවල හිමිකරුවන්ගේ නිවෙස් වෙත ලිපි නිකුත් කිරීමේ කටයුත්ත පොලිස් ස්ථාන 300ක පමණ ප්‍රමාණයකට පැවරී ඇති බවද ඒ මහතා පවසනවා. ආරක්ෂක කැමරා පරීක්ෂා කරමින් දැනට නඩු ගැනීම් සිදුවන්නේ තෝරාගත් කාලසීමාවකදී පමණක් බවත් ඉදිරියේදී එය පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් සඳහන් කළා.

කොළඹ නගරයේ මේ වන විට ස්ථාන 33ක ආරක්ෂක කැමරා 108ක් ස්ථාපිත කර ඇත. එම කැමරා සියල්ලකම දර්ශන නිරීක්ෂණය කිරීමේ මැදිරිය පිහිටා ඇත්තේ කොළඹ පිටකොටුවේ පිහිටි නියෝජ්‍ය පොලිස්පති කාර්යාල සංකීර්ණය පිහිටි ගොඩනැඟිලි සංකීර්ණය තුළය. මෙම කැමරා පද්ධතිය හැරුණු කොට කැමරා සවිකළ වෑන් රථ දෙකක් දිවයිනේ නගර ආශ්‍රිතව ස්ථාපිත කර ඒ තුළින්ද නඩු ගැනීම් මේ වන විට සිදු කරමින් පවතී. කොළඹ නගරයේ සවිකර ඇති මෙම ආරක්ෂක කැමරා පද්ධතිය ස්ථාපිත කෙ‍ෙරන්නේ 2010 වසරේදීය. එම කැමරා පද්ධතිය ස්ථාපිත කිරීමෙන් පසු කැමරාවලින් නිරීක්ෂණය කර මාර්ග නීති උල්ලංඝනය කළ රියැදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීම් දිගින් දිගටම සිදුවිය. එහිදී සිදුවූයේ නීති උල්ලංඝනය කළ වාහනයේ අංකය ඉදිරියෙන් සිටින රථවාහන අංශයේ නිලධාරියකුට දැනුම් දෙමින් නඩු පැවරීම් හෝ දඩ පත්‍රිකා නිකුත් කිරීම්ය.

එසේ 2010 වසරේ දෙසැම්බර් 29 වෙනිදා සිට 2023 වසරේ දෙසැම්බර් 31 වෙනිදා දක්වා කාලය තුළ ආරක්ෂක කැමරා නිරීක්ෂණය කර වැරැදි කළ රියැදුරන් එක්ලක්ෂ දහහතර දහස් නවසිය අසූදෙදෙනෙකුට (114,982) එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇත. එසේම රිය අනතුරු 66512ක් ද මෙම කැමරා පද්ධතිය තුළින් මේ කාලය තුළ නිරීක්ෂණය කර රියැදුරන්ට එරෙහිව නඩු පැවරීම් ද කර තිබේ.

සමාන පුවත්

  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback

    රු 4.6M - 5.3M

  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 සමාලෝචනය

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4

    රු 5M - 7.5M

  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback

    රු 25M - 40M

  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback
  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4
  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan

    රු 12M - 13.5M

  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan

    රු 15M - 18M

  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

    රු 17.5M - 19.8M

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!