ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පූර්ණ විදුලි මෝටර් රථය වෙළඳපොළට

time
මිනිත්තු 2 කියවීම
feature image

අපි හැමෝම භාවිතා කරන්නේ පිටරටින් ලංකාවට ගෙන්නපු වාහන. ඒකට හේතුව තමයි තවමත් ශ්‍රී ලංකා වෙළඳපොළේ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත වාහනයක් නොමැති වීම. හැබැයි ඔයාට පුලුවන් 2023 නොවැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පූර්ණ විදුලි මෝටර් රථයක් මිලදී ගන්න. ඉතින් අද MotorGuide අපි Weekly News තුළින් ඔබට කියන්නේ ඒ ගැන.

"මෝක්ෂ" නම් මෙම පූර්ණ විදුලි මෝටර් රථය නිර්මාණය කරලා තියෙන්න Ideal Motors සමාගම විසින්. මෙය රෝද හතරේ, හතරැස් විදුලි වාහනයක් විදිහට තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. ඒ වගේම මෙහි හතරදෙනෙක්ට අසුන්ගෙන යාමේ හැකියාවත් තියෙනවා. මෝක්ෂ රථය four doors, hatchback, right hand drive vehicle එකක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

මේ රථයේ Overall Length එක 2850 mm සහ Overall Width එක 1400 mm වෙනවා. ඒ වගේම Overall Height එක1550 mm සහ Wheelbase එක 1980 mm ලෙස හඳුන්වන්න පුලුවන්. විශේෂම දේ තමයි 220 mm Ground Clearance එකක් තියෙන නිසා ලංකාවේ පාරවල් වලටත් හොඳටම match වෙනවා. මෙම ‘අයිඩියල් මෝක්ෂ' විදුලි මෝටර් රථය ඇලෝයි වීල් සහිත පූර්ණ වායුසමීකරණය කළ වාහනයක්. මීට අමතරව මගීන්ට informative system එකක් විදිහට Apple CarPlay සහ Android Auto සමඟ එන අඟල් 7 ක multimedia touchscreen display එකක් ලබා දීලා තියෙනවා.

මෝක්ෂ මෝටර් රථයේ battery එක ගැන කතා කළොත් 22.46 kWh ලිතියම් battery එකක් තමයි තියෙන්නේ. එය එක රැයකින් ඇම්පියර් 15 ක ගෘහස්ථ චාජරයකට සම්බන්ධ කිරීමෙන් ලබා ගන්නා ආරෝපණයකින් කිලෝමීටර් 200 ක් දක්වා පරාසයක් ලබා දෙනවා. ඉතින් Ideal Motors විසින් 2023 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යුත් මෝටර් රථය ‘මෝක්ෂ' එළිදැක්වීමට නියමිතයි. මේ රථය රුපියල් මිලියන 4.5කට අලෙවි කිරීමට තමයි දැනට ඇස්තමේන්තු කරලා තියෙන්නේ.

අපේ රටේ නිෂ්පාදිත අපේම මෝටර් රථයක යනකොට මොන වගේ feeling එකක් දැනෙයිද? විශේෂම දේ තමයි මෙම මෝටර් රථය අපනයනය කිරීම සම්බන්ධයෙන් විමසීම් මේ වනවිටත් අප්‍රිකාවෙන් ලැබී තියෙනවා. ඉතින් 2024 වසර අවසානයේ සිට "මෝක්ෂ" අපනයනය කිරීමට සැලසුම් කරන බව තමයි වාර්තා වෙන්නේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

  • Kia Sorento Hybrid SX Tech Pack 2026

    SUV

    රු 34.5M - 38.8M

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!