ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පූර්ණ විදුලි මෝටර් රථය වෙළඳපොළට

Nipuna Marasinghe
time
මිනිත්තු 2 කියවීම
feature image

අපි හැමෝම භාවිතා කරන්නේ පිටරටින් ලංකාවට ගෙන්නපු වාහන. ඒකට හේතුව තමයි තවමත් ශ්‍රී ලංකා වෙළඳපොළේ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත වාහනයක් නොමැති වීම. හැබැයි ඔයාට පුලුවන් 2023 නොවැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පූර්ණ විදුලි මෝටර් රථයක් මිලදී ගන්න. ඉතින් අද MotorGuide අපි Weekly News තුළින් ඔබට කියන්නේ ඒ ගැන.

"මෝක්ෂ" නම් මෙම පූර්ණ විදුලි මෝටර් රථය නිර්මාණය කරලා තියෙන්න Ideal Motors සමාගම විසින්. මෙය රෝද හතරේ, හතරැස් විදුලි වාහනයක් විදිහට තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. ඒ වගේම මෙහි හතරදෙනෙක්ට අසුන්ගෙන යාමේ හැකියාවත් තියෙනවා. මෝක්ෂ රථය four doors, hatchback, right hand drive vehicle එකක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

මේ රථයේ Overall Length එක 2850 mm සහ Overall Width එක 1400 mm වෙනවා. ඒ වගේම Overall Height එක1550 mm සහ Wheelbase එක 1980 mm ලෙස හඳුන්වන්න පුලුවන්. විශේෂම දේ තමයි 220 mm Ground Clearance එකක් තියෙන නිසා ලංකාවේ පාරවල් වලටත් හොඳටම match වෙනවා. මෙම ‘අයිඩියල් මෝක්ෂ' විදුලි මෝටර් රථය ඇලෝයි වීල් සහිත පූර්ණ වායුසමීකරණය කළ වාහනයක්. මීට අමතරව මගීන්ට informative system එකක් විදිහට Apple CarPlay සහ Android Auto සමඟ එන අඟල් 7 ක multimedia touchscreen display එකක් ලබා දීලා තියෙනවා.

මෝක්ෂ මෝටර් රථයේ battery එක ගැන කතා කළොත් 22.46 kWh ලිතියම් battery එකක් තමයි තියෙන්නේ. එය එක රැයකින් ඇම්පියර් 15 ක ගෘහස්ථ චාජරයකට සම්බන්ධ කිරීමෙන් ලබා ගන්නා ආරෝපණයකින් කිලෝමීටර් 200 ක් දක්වා පරාසයක් ලබා දෙනවා. ඉතින් Ideal Motors විසින් 2023 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යුත් මෝටර් රථය ‘මෝක්ෂ' එළිදැක්වීමට නියමිතයි. මේ රථය රුපියල් මිලියන 4.5කට අලෙවි කිරීමට තමයි දැනට ඇස්තමේන්තු කරලා තියෙන්නේ.

අපේ රටේ නිෂ්පාදිත අපේම මෝටර් රථයක යනකොට මොන වගේ feeling එකක් දැනෙයිද? විශේෂම දේ තමයි මෙම මෝටර් රථය අපනයනය කිරීම සම්බන්ධයෙන් විමසීම් මේ වනවිටත් අප්‍රිකාවෙන් ලැබී තියෙනවා. ඉතින් 2024 වසර අවසානයේ සිට "මෝක්ෂ" අපනයනය කිරීමට සැලසුම් කරන බව තමයි වාර්තා වෙන්නේ.

සමාන පුවත්

  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback

    රු 4.6M - 5.3M

  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 සමාලෝචනය

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4

    රු 5M - 7.5M

  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback

    රු 25M - 40M

  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback
  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4
  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan

    රු 12M - 13.5M

  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan

    රු 15M - 18M

  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

    රු 17.5M - 19.8M

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!