මෝටර් රථ රක්ෂණයක වාසි සහ අවාසි

time
මිනිත්තු 4 කියවීම
feature image

වාහන වැඩි වීමත් එක්ක සිද්ධ වෙන අනතුරු ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා. මේ හේතු නිසාම විශේෂයෙන් ලංකාවෙ නීතිය අනුව නම්, වාහනයක් මහ පාරට දානකොට රථ වාහන රක්ෂණයක් තිබීම අනිවාර්යය දෙයක්.

මොකද හදිසි අනතුරු හිමිකම් තනි තනිව දරා ගැනීම මිල අධික වන අතර, මෝටර් රථය සහ පුද්ගලික හානි වියදම් වළක්වා ගැනීමට හොඳම මාර්ගය වන්නේ මෝටර් රථ රක්ෂණයක් ලබා ගැනීමයි. නමුත් මෝටර් රථ රක්ෂණයක වාසි වගේම අවාසිත් තියෙනවා. අද MotorGuide තුළින් අපි ඔබව දැනුවත් කරන්නේ ඒ පිළිබඳවයි.

මෝටර් රථ රක්ෂණයක් මොකටද?

මෝටර් රථ රක්ෂණය යනු රිය අනතුරක් හේතුවෙන් රියදුරු හෝ වාහනයේ ගමන් කරන්නන්ට සිදු වෙන ඕනෑම හානියක් හෝ තුවාලයක් ආවරණය කිරීම සඳහා මිලදී ගත හැකි රක්ෂණ ආකාරයක්.

මෝටර් රථ රක්ෂණයෙන් සිදු වන්නේ වගකීම්, ගැටුම් සහ comprehensive damage ආරක්ෂා කිරීම, අනාරක්ෂිත මෝටර් රථ ආවරණය සහ වෛද්‍ය ගෙවීම් ආවරණය කිරීමයි. ගින්නෙන්, විනාශකාරී ක්‍රියාවකින් හෝ වෙනත් ස්වාභාවික විපතකින්, වාහනය සොරකම් කළහොත් හෝ හානි වුවහොත් සොරකම් සඳහාද ආවරණයක් සැපයීම මෙහිදී සිදු වෙනවා.

මෝටර් රථ රක්ෂණයේ වැදගත්කම

බොහෝ අය මෝටර් රථ රක්ෂණයේ වැදගත්කම ගැන දන්නේ නැහැ. මෝටර් රථ රක්ෂණයක් කියන්නේ අනපේක්ෂිත තත්වයන් හෝ සිදුවීම් කෙසේ සිදු වුවද ඒවා ආවරණය කිරීම සඳහා නිර්මාණය කර ඇති රක්ෂණ වර්ගයක්. නමුත් රක්ෂණ ඔප්පු එකිනෙකට වෙනස් වෙනවා. විශේෂයෙන්ම ඒවායේ අරමුණ ඉක්මනින් සිදු විය හැකි හෝ අනාගතයේ යම් අවස්ථාවක සිදු විය හැකි සිදුවීමක් ආවරණය කිරීම වෙන්න පුළුවන්.

මෝටර් රථ රක්ෂණ ඔප්පු මගින් ගින්න, ස්වභාවික විපත්, සොරකම්, අනතුරු සහ තවත් බොහෝ අවදානම් වලට සම්බන්ධ පාඩු වලට එරෙහිව ආවරණයක් සැපයීම සිදු වෙනවා.

Online Car Insurance Policy එකක වාසි

Online මෝටර් රථ රක්ෂණය ලබා දෙන මූලික වාසිය තමයි, එය අන්තර්ජාලය හරහා ප්‍රතිපත්තියක් සංසන්දනය කිරීමට සහ මිලදී ගැනීමට ඉඩ සලසනවා පමණක් නොව, පාරිභෝගිකයින්ට file claims කිරීමට, වාරික ගෙවීමට හෝ අන්තර්ජාලය හරහා policy coverage එක වෙනස් කිරීමට හැකියාව ලබා දීමයි. ඒ වගේම policy details වලට 24x7 ප්‍රවේශ විය හැකි අතර insurance cards සහ අනෙකුත් ලේඛන සඳහා මුද්‍රණ පිටපත් ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක ලබා ගන්න පුළුවන්.

Car Insurance Policy එකක වාසි

මූල්‍ය වගකීම් සඳහා සහතිකයක්

විශාල, හදිසියේ සිදුවන හානි සඳහා ගෙවීමට ඔබට ප්‍රමාණවත් තරම් මුදල් තිබෙනවාද? පිළිතුර නැහැ කියන එක නම්, හොඳම මෝටර් රථ රක්ෂණ ඔප්පුව තෝරා ගැනීම දැවැන්ත හානි පිරිවැයෙන් මිදීමට නිවැරදි විකල්පය වෙනවා.

Repairs සහ replacement පිළිබඳ සහතිකයක්

අනතුරකදී මෝටර් රථ රක්ෂණ අධිකාරිය හානියේ බරපතලකම විශ්ලේෂණය කර අමතර කොටස් අලුත්වැඩියා කිරීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීමට තීරණය කරයිනවා. මෝටර් රථ රක්ෂණ ඔප්පුවකින් ඔබේ වාහනය, මෙම සඳහන් කළ මෝටර් රථ හානි නැවත යථා තත්වයට පත් කර ගන්න උපකාරී වෙනවා.

නීත්‍යානුකූල අවශ්‍යතාවය

මෝටර් රථ හිමිකරුට ඔවුන්ගේ අලුත් මෝටර් රථය සඳහා වගකීම් සහතිකයක් අවශ්‍ය වෙනවා. නිවැරදි රක්ෂණ ඔප්පුව තිබීම නීතිමය වගන්ති වලින් ඔබව ආරක්ෂා කිරීම සිදු කරනවා.

Medical claims සඳහා සහතිකයක්

රියදුරුට හෝ මගියාට බරපතළ හානියක් සිදුවුවහොත්, පුද්ගලයෙකුට අධික වෛද්‍ය වියදම් දැරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් රක්ෂණ ඔප්පුවක් තිබීම මූල්‍ය වියදම් සහ වෛද්‍ය වියදම් ආවරණය කරන බවට සහතිකයක්.

රියදුරු සහ මගීන්ගේ වගකීම් ආරක්ෂා කරයි

රිය අනතුරු වලදී රියදුරන්ට සහ මගීන්ට යම් හානියක් සිදුවුවහොත්, ඔබේ රක්ෂණ ඔප්පුව හානි වියදම් ආවරණය කිරීම සිදු කරනවා.

Personal accident cover එකක්

මෙම පුද්ගලික අනතුරු ආවරණය මඟින් හදිසි අනතුරු, ස්ථිර ආබාධිතභාවය සහ මෝටර් රථ රක්ෂණ ඔප්පුව යටතේ ගෙවනු ලබන උපරිම මුදල නිසා සිදුවන අපහසුතාවයෙන් ඔබව ආරක්ෂා කරනවා.

තෙවන පාර්ශවීය වගකීම්

අනතුරක් සිදුවුවහොත් සහ තෙවන පාර්ශවීය වාහනයට හානි සිදුවුවහොත් රක්ෂණ ඔප්පුව මඟින් එම හානි ආවරණය කිරීම සිදු වෙනවා.

Car Insurance Policy එකක අවාසි

Coverage failures

මෝටර් රථ රක්ෂණයේ මූලික සහ ප්‍රධාන අවාසිය නම් ඔබේ රක්ෂණ ඔප්පුව මුළු වාහනයම ආවරණය නොකිරීමයි. මෝටර් රථයේ නිශ්චිත කොටස් පමණක් හානි ආවරණය යටතේ පවතිනවා. ඔප්පුහිමියා රක්ෂණ ඔප්පුව මිලදී ගැනීමට පෙර ලේඛනයේ සැඟවුණු වගන්ති හොඳින් පරීක්ෂා කර බලන්න අමතක කරන්න එපා.

Process එකට යම් කාලයක් ගැනීම

බොහෝ රක්ෂණ සමාගම්, හිමිකම් මුදල පියවීමට යම් කාලයක් ගන්නවා. බොහෝ රක්ෂණ හිමියන් මුහුණ දෙන ගැටලුවක් තමයි මේක.

දුර්වල Customer Support එක

සමහර Insurance සමාගම් වල දුර්වල කාර්යය මණ්ඩලයක් තමයි ඉන්නේ. ඉතින් එවැනි අවස්ථා වලදී ඔබට ලැබෙන සේවාවේද යම් අඩුපාඩු සිදු වෙන්න පුළුවන්.

ඉතින් මේ තමයි මෝටර් රථ රක්ෂණයක වාසි සහ අවාසි. කලින් සඳහන් කළා වගේම මෝටර් රථ රක්ෂණයක් වාහනයකට අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා රක්ෂණයක් ලබා ගන්න කලින් ඒ පිළිබඳව හොඳින් සිතා බැලුවොත් ඔබට පුළුවන් මෙහි සඳහන් අවාසි වලින් වැළකී සිටින්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!