වාහනයක් සීස් (seize) කරන්න පුලුවන්ද?

time
මිනිත්තු 2 කියවීම
feature image

මේ දවස් වල ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි වාහනයේ ලීසිං එක සම්බන්ධ ප්‍රශ්න. ඒ අතරින් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වාරිකයක් දෙකක් ගෙව්වේ නැහැ කියලා ලීසිං ආයතනයෙන් බලහත්කාරයෙන්ම වාහනය අරගෙන යයිද කියන එක. ඉතින් අද MotorGuide අපි ඔයාට කියන්න යන්නේ ඇත්තටම වාහනයක් ඒ විදියට සීස් කරන්න පුලුවන්ද කියලා.

කල් බදු මුල්‍යකරණ පනත

වාහන ලීසිං සම්බන්ධයෙන් තියෙන සියලුම නීති සැකසිලා තියෙන්නේ කල් බදු මුල්‍යකරණ පනත අනුවයි. ලීස් එකක් ගන්න කෙනාට වගේම ලීස් එක දෙන කෙනාටත් අදාළ නීතිමය තත්වයන්, යුතුකම්, වගකීම් සහ අයිතිවාසිකම් මොනවද කියලා කල් බදු මුල්‍යකරණ පනතේ ඇතුළත් වෙනවා. කල්බදු ගිවිසුමක් කියන්නේ ආර්ථික වශයෙන් වටිනාකමක් තියෙන භාණ්ඩයක් සන්තකයේ තබා ගැනීම සඳහා කරන ගිවිසුමක්.

ලීසිං අයිතිවාසිකම්

ලීස් එකක් ගන්න කෙනෙක්ට තියෙන අයිතිවාසිකම්:

  • තමන්ට කැමති බදු දීමනාකරුවෙක් තෝරාගන්න පුලුවන්.
  • තමන්ට කැමති වාහනයක් තෝරාගන්න පුලුවන්
  • ආයතනය බදු කොන්දේසි වෙනස් කරනවා නම් විරුද්ධ වෙන්න පුලුවන්

ලීසිං ආයතනයට තියෙන අයිතිවාසිකම්

  • නිවැරදිව වාහනය නඩත්තු කරනවාද කියා සොයා බැලීම

ලීසිං ගෙවීම පැහැර හැරියොත්...

කල් බදු මුල්‍යකරණ පනතේ දක්වලා තියෙන විදියට ගිවිසුමට අනුව ලීසිං වාරික ගෙවන්නේ නැත්නම්, වාරික ගෙවීම පැහැර හරිනවා නම් අදාළ ලීසිං ආයතනයට පුලුවන් ගිවිසුම අවලංගු කරලා වාහනය තමන්ට ලබා ගන්න. නමුත් මේ සඳහා ලීසිං ආයතනය අනුගමනය කළ යුතු පියවර කිහිපයක් තියෙනවා. අපි දැන් බලමු ඒ පියවර මොනවද කියලා:

  • අදාළ පුද්ගලයාට වාරික ගෙවන ලෙස දැනුම් දීම.
  • එවිට ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් එවිට ලීසිං ගිවිසුම අවලංගු කිරීම සහ ඒ පිළිබඳව අදාළ පුද්ගලයාව දැනුවත් කිරීම.
  • බදු ගැනුම්කරු විසින් වාහනය, ලීසිං ආයතනයට බාර දෙන්න කැමති නම් වාහනය ආයතනය වෙත ලබා ගැනීම.

බදු ගැනුම්කරු විසින් වාහනය, ලීසිං ආයතනයට බාර දෙන්න අකමැති නම්

නමුත් බදු ගැනුම්කරු වාහනය, ලීසිං ආයතනයට බාර දෙන්න අකමැති නම් ලීසිං ආයතනයට තවත් පියවර කිහිපයක් අනුගමනය කිරීමට සිදු වෙනවා. අපි දැන් බලමු ඒ පියවර මොනවද කියල.

  • වාහනයේ සන්තකය ලබා ගැනීමට දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කිරීම
  • වාහනයේ සන්තකය ලබා ගැනීමට දිසා අධිකරණයෙන් අතුරු නියෝගයක් ඉල්ලීම
  • අධිකරණය විසින් අතුරු නියෝගය ස්ථිර කළ පසු වාහනයේ සන්තකය ලීසිං ආයතනයට ලබා ගන්න පුලුවන්.

නමුත් බදු ගැනුම්කරු වාරික ගෙවන්න බැරි බව අධිකරණය ඉදිරියේ සාධාරණ ලෙස පැහැදිලි කළොත් අධිකරණයට හැකියාව තියෙනවා කලින් ලබා දුන් අතුරු නියෝගය අවලංගු කරන්න.

ඉතින් මේ විදියට තමයි වාහනයක ලීසිං එක පැහැර හැරියොත් ලීසිං ආයතනයට වාහනයේ සන්තකය පවරගන්න පුලුවන්. එහෙම නැතුව වාරික කීපයක් ගෙව්වේ නැහැ කියලා ලීසිං ආයතනයකට බැහැ වාහනයක් බලෙන් අරගෙන යන්න.

ඒ වගේම වාහනයක් ලීසිං කරලා ගන්න ඔබත් මතක තබාගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ ලීසිං වාරික හැකි පරිදි නිවැරදිව ගෙවාගෙන යන එක. නිවැරදි පරිදි ලීසිං වාරික ගෙව්වොත් මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ නම් නැහැ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!