කවුරුත් නොකියන vehicle insurance රහස්

time
මිනිත්තු 4 කියවීම
feature image

ඔබේ වාහනය රක්ෂණය කරලාද? එහෙම නැත්නම් ඉක්මනටම රක්ෂණය කර ගන්න. මොකද වාහනයක් නීත්‍යානුකූලව drive කරන්න නම්, අනිවාර්යයෙන්ම රක්ෂණය කරලා තියෙන්න ඕනේ. හැබැයි ඉතින් ගහෙන් ගෙඩි එන්න වගේ වාහනයක් රක්ෂණය කරන්න බැහැ. එතනදි ඔබ දැන ගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඒත් ඒ දේවල් වල හරිම විස්තරයක් කවුරුත් ලේසියෙන් කියන්නේ නැහැ. හැබැයි Motorguide අපි, කවුරුත් නොකියන vehicle insurance රහස් අද ඔබට හෙළි කරනවා.

මෝටර් වාහන රක්ෂණයක් සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතු කරුණු

රක්ෂණ අයිතිය

ඔබ register කරපු වාහනයක් හරි register නොකරපු වාහනයක් හරි ලබා ගත්තා නම්, ඉක්මනටම වාහනයේ අයිතිය ඔබේ නමට පවරා ගන්න ඕනේ. ඒ වගේම ඔබේ නමින් රක්ෂණයක් ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ, මේ විදිහට රක්ෂණ අයිතියක් නැති වාහන වලට රක්ෂණයක් ලබා ගන්න බැහැ.

වාහනයේ market value එක

වාහනය රක්ෂණය කරනකොට, market value එකට වැඩියෙන් රක්ෂණය කළා කියලා, ඔබට අමුතුවෙන් වාසියක් ලැබෙන්නේ නැහැ. හදිස්සියේ හරි අනතුරක් වුණත් වන්දිය විදිහට ලැබෙන්නේ, market value එකම තමයි. එහෙමයි කියලා ඔබ market value එකට වඩා අඩුවෙන් රක්ෂණය කළොත් වාහනයට අලාභ හානියක් වුණාම, market value එකට වඩා අඩු වන්දි මුදලක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම, වාහනයට පූර්ණ හානියක් සිදු වුණත් ඔබට ලැබෙන්නේ, ඔබ රක්ෂණය කරපු market value එක විතරයි. ඒ නිසා, නියමිත market value එකට වාහනය රක්ෂණය කරන්න ඔබ වග බලා ගන්න ඕනේ.

ගැළපෙන රක්ෂණාවරණය

ඔබ වාහනය රක්ෂණය කරන්නේ, පුද්ගලික පරිහරණයට, කුලී පදනම මත දෙන්න, රියදුරු පුහුණුව සඳහා දෙන්න එහෙමත් නැත්නම් භාණ්ඩ හෝ මඟී ප්‍රවාහනයට වෙන්න පුළුවන්. ඒ අදාළ ආවරණයට තමයි ඔබ වාහනය රක්ෂණය කරන්න ඕනේ. හිතන්නකෝ, වාහනය පුද්ගලික පරිහරණයට කියලා රක්ෂණය කරගෙන, කුලී පදනම මත ලබා දීලා, හදිස්සියේ හරි අනතුරක් වුණා කියලා. එතකොට ඔබේ වන්දි හිමිකම reject වෙන්න ඉඩ තියෙනවා.

මෝටර් වාහන රක්ෂණයකදී කළ යුතු දේ

ලියාපදිංචි රක්ෂණ සමාගමක් තෝරාගැනීම

ලියාපදිංචි රක්ෂණ සමාගමකින් හෝ ලියාපදිංචි රක්ෂණ තැරව්කාරයෙකුගෙන් හෝ බලයලත් රක්ෂණ අලෙවි නියෝජිතයෙකුගෙන් රක්ෂණය ලබා ගන්න වග බලා ගන්න ඕනේ.

යෝජනා පත්‍රයට සත්‍ය තොරතුරු ඇතුළත් කිරීම

රක්ෂණය ලබා ගන්න ගියාම ඔබට ලැබෙනවා යෝජනා පත්‍රයක්. ඒ යෝජනා පත්‍රය ඔබ විසින්ම පුරවන්න ඕනේ. ඒ වගේම යෝජනා පත්‍රයට ඇතුළත් කරන්න ඕනේ සත්‍ය කරුණුම විතරයි. වැදගත්ම දේ තමයි, මේ fill කරපු යෝජනා පත්‍රයේ copy එකක් අනිවාර්යයෙන්ම ඔබ ළඟ තියා ගන්න එක.

රක්ෂණ ඔප්පුව හොඳින් කියවීම

ආවරණය කරපු දේවල් සහ ආවරණය නොකරපු දේවල් රක්ෂණ ඔප්පුවට ඇතුළත් කරන්න ඕනේ. ඒ වගේම රක්ෂණ ඔප්පුවට අත්සන් කරනකොට, ඒක හොඳින් කියවන්න. මතක ඇතුව රක්ෂණ ඔප්පුවේ copy එකක් ළඟ තියාගන්න.

මෝටර් වාහන රක්ෂණයකදී නොකළ යුතු දේ

වෙනත් කෙනෙක් ලවා යෝජනා පත්‍රය පිරවීම

හදිස්සියේවත් යෝජනා පත්‍රය වෙනත් කෙනෙක්ට පුරවන්න දෙන්න එපා. මේක වාහනයක් රක්ෂණය කරනකොට, ගොඩක් වැදගත් වෙන දෙයක්.

යෝජනා පත්‍රයට වැරදි තොරතුරු ඇතුළත් කිරීම

වැරදිලාවත් නොකළ යුතු දෙයක් තමයි, යෝජනා පත්‍රයට වැරදි තොරතුරු ඇතුළත් කරන එක. අනිත් දේ තමයි ඔබට අදාළ නොවන දෙයක් පුරවන්න තියෙනවා නම්, එතන අදාළ නොවේ කියලා සඳහන් කරන්න ඕනේ.

මෝටර් වාහන රක්ෂණයෙන් ආවරණය වෙන්නේ මොන වගේ හානිද?

වාහනයේ පිපිරීමක්, වාහනයේ අමතර කොටස් ගලවා ගැනීමක්, ඇතුළතින් සිදු වන පිපිරීමක්, අකුණු සැර වැදීමක් හෝ වාහනයේ කොටස් සොරකම් කර ගැනීමක් වගේ දේවල් තමයි පූර්ණ ලෙස ආවරණය වෙන්නේ. මීට අමතරව, අමතර වාරිකයක් ගෙවලා, කැරලි කෝලාහල ආවරණය, ත්‍රස්තවාදී ආවරණය, ජල ගැලීම් සහ වාහනය ඇදගෙන යාමේ ගාස්තු වගේ දේවල් ආවරණය කර ගන්න පුළුවන්.

මෝටර් වාහන රක්ෂණයකින් ආවරණය නොවන හානි මොනවද?

වලංගු driving license එකක් නැතුව වාහනය drive කරලා හදිසි අනතුරක් වුණොත් ඒ හානිය මෝටර් වාහන රක්ෂණයකින් ආවරණය වෙන්නේ නැහැ. ඒ වගේම drinks අරගෙන drive කිරීමෙන් සිදු වෙන අනතුරු සහ නීති විරෝධී ක්‍රියාවකට වාහනය යොදවලා සිදු වෙන අනතුරු මේ මඟින් ආවරණය වෙන්නේ නැහැ. ඊට අමතරව වාහනයේ technical issues, කොටස් ගෙවී යාම් වගේ හානි ආවරණය වෙන්නෙත් නැහැ.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව වෙත පැමිණිලි යොමු කරන්නේ කොහොමද?

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ website එකට log වෙලා ඔබට අවශ්‍ය වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. රක්ෂණ සමාගමෙන් ඔබට යම් වංචාවක් සිදු වුණොත්, කරන්න ඕන දේවල් ගැන දැන ගන්න මේ website එකට යන්න.

අපි අද ඔබට හෙළි කරපු රහස් වලින් සමහර දේවල් ඔබ මීට කලිනුත් දැනං ඉන්න ඇති. ඒ වගේම තවත් සමහර දේවල් දැනගෙන හිටියේ නැතුව ඇති. ඒ කොහොම වුණත්, අද Article එකෙන් කවුරුත් ඔබට නොකියන vehicle insurance රහස් ගැන දැන ගන්න ලැබුණ නිසා, රැවටෙන්නේ නැතුව, අමාරුවේ වැටෙන්නේ නැතුව, වාහනය insurance කර ගන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!