වාහනයේ පොතක අඩංගු කරුණු

time
මිනිත්තු 6 කියවීම
feature image

ඔබ කාට හරි පොත පෙරළා තියෙනවද? පොත පෙරළනවා වගේම පොත ගැනත් දැනගෙන ඉන්න ඕනේ. හැබැයි අපි මේ කතා කරන්නේ, වාහනයේ පොත ගැන. වාහනයක පොතේ ගොඩක් කරුණු තියෙනවා. ඔබට වාහනයක් තියෙනවා නම්, මේ කරුණු ගැන හොඳින්ම දැනගෙන ඉන්න ඕනේ. හැබැයි ඔබ වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් හිටියත් වාහනයේ පොත ගැන දැනගෙන ඉන්න එක වැදගත්. ඉතින් අද අපි MotorGuide තුළින්, වාහනයේ පොතක අඩංගු කරුණු එකින් එක ඔබට විස්තර කරනවා.

ලියාපදිංචි කිරීමේ අංකය

අදාළ වාහනයේ අනන්‍යතාව හඳුනා ගන්න තමයි, ලියාපදිංචි කිරීමේ අංකයක් ලබා දීලා තියෙන්නේ. එක් එක් වාහන කාණ්ඩයට number set දීලා තියෙනවා. මේ අංකයේ මුලින්ම තියෙන්නේ, WP. ඒ කියන්නේ, Western Province. ඒ විදිහට මුල්ම අකුරු දෙකෙන් හඳුන්වන්නේ, වාහනය තියෙන පළාත. ඊළඟට English අකුරු තුනක් සහ ඉලක්කම් හතරකින් තමයි වාහනයේ ලියාපදිංචි කිරීමේ අංකය සඳහන් වෙන්නේ. ඉතින් අලුතෙන් එන වාහන වලට මේ අංක පිළිවෙලට තමයි ලියාපදිංචි කිරීමේ අංකය ලැබෙන්නේ.

චැසියේ අංකය

වාහනයේ සඳහන් වෙලා තියෙන චැසි අංකයමයි වාහනයේ පොතේ ඇතුළත් වෙන්න ඕනේ. ඒ නිසා, වාහනයක් ගන්නකොට අනිවාර්යයෙන්ම වාහනයේ තියෙන චැසි අංකයම පොතෙත් තියෙනවද කියලා බලන්න. වාහනයක චැසියේ තමයි, චැසි අංකය සඳහන් වෙලා තියෙන්නේ.

වර්තමාන අයිතිකරු/ Address/ ID number එක

වාහනයේ වර්තමාන අයිතිකරුගේ නම, address එක සහ අයිතිකරුගේ ID number එක තමයි මේ කොටසට අයත් වෙන්නේ.

කොන්දේසි/ විශේෂ සටහන්

සාමාන්‍යයෙන් ගොඩක් වාහන වල පොත් අරගෙන බැලුවොත් ඒකෙ, කොන්දේසි/ විශේෂ සටහන් කියන කොටසේ තියෙන්නේ, original කියලා.

හදිස්සියේ හරි වාහනයේ පොත නැති වුණොත්, ඒ වෙනුවට තවත් සහතිකයක් අදාළ ලියකියවිලි ඉදිරිපත් කරලා, RMV එකෙන් ගන්න පුළුවන්.

ඒ සහතිකයේ නම්, කොන්දේසි/ විශේෂ සටහන් කියන කොටසේ තියෙන්නේ, duplicate කියලා. සමහර අය racing purpose වලට වාහනය register කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් වලට අදාළ සටහන් වෙන වෙනම මේ කොටසේ දක්වලා තියෙනවා.

පරම අයිතිකරු

සමහර වාහන පොත් වල පරම අයිතිකරු කියන කොටසේ නමක් තියෙනවා. හැබැයි තවත් සමහර වාහන පොත් වල මේ කොටසේ නමක් සඳහන් වෙලා නැහැ. ඔබ වාහනය ගන්නේ finance එකක් දාලා නම්, පරම අයිතිකරු කියන කොටසේ finance company එකේ අදාළ නම වැටෙනවා. හැබැයි ඔබ finance කරන්නේ නැතුව, එක පාර මුදල් දීලා වාහනය ගන්නවා නම්, මේ කොටසේ කිසිම නමක් දකින්න ලැබෙන්නේ නැහැ.

එන්ජින් අංකය

Engine අංකය කියන්නෙත්, වාහනයක චැසි අංකය වගේ දෙයක්. වාහනයක engine අංකය සඳහන් වෙලා තියෙන්නේ, engine එකේ. මෙතනදිත් engine එකේ සහ වාහනයේ පොතේ තියෙන engine අංකය සමානයිද කියලා බලලා තමයි, වාහනය ගන්න ඕනේ. කාලයක් පාවිච්චි කරනකොට, වාහනයේ engine එක ගෙවෙනවා. එතකොට engine එක replace කරන්න වෙනවා. එහෙම වෙලාවට චැසි අංකයේ පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි වාහනයක් ගන්නකොට, මේ අංක check කරලා ගන්න ඕනේ.

Cylinder Capacity එක/ cc

එක් එක් වාහන වලට විවිධ engine capacity එකක් තියෙනවා. Cylinder Cubic අගයෙන් තමයි engine capacity එක සඳහන් කරලා තියෙන්නේ.

වාහන පන්තිය

එක් එක් වාහනය අයත් වෙන වාහන පන්තිය, පොතේ වාහන පන්තිය යටතේ සඳහන් කරලා තියෙනවා.

බදු අය කිරීමේ පන්තිය

වාහන පන්තියට අදාළව තමයි, බදු අය කිරීම කරන්නේ. අන්න ඒ ගැන සඳහනක් තමයි, බදු අය කිරීමේ පන්තිය යටතට වැටෙන්නේ.

ලියාපදිංචි කිරීමේ තත්වය

ඔබ brand new වාහනයක් මිලදී ගන්න පුළුවන්. නැත්නම් වෙනත් රටක used vehicle එකක් ලංකාවට import කරලා ඒක මෙහේ register කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ, වාහනයක් brand new තත්වයේදී සහ recondition තත්වයේදී පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අදාළ වාහනය ලංකාවට import කරලා brand new register කළා නම්, ලියාපදිංචි කිරීමේ තත්වය යටතේ brand new කියලා සඳහන් වෙනවා. Recondition වාහනයක් ලංකාවට import කරලා register කළා නම්, ලියාපදිංචි කිරීමේ තත්වය යටතේ recondition ලෙසත් සඳහන් වෙනවා.

Fuel type එක

ප්‍රධාන වශයෙන් fuel type තුනකට වාහන වෙන් වෙනවා. ඒ තමයි පෙට්‍රල්, ඩීසල් සහ electric වාහන. ඉතින් වාහනයට අදාළ fuel type එක තමයි, මෙතන සඳහන් වෙන්නේ.

වර්ගය

හැම වාහනයක්ම විවිධ brand වලට අයත් වෙනවා. ඒ brand එක තමයි, වර්ගය කියන කොටසේ සටහන් වෙන්නේ.

නිෂ්පාදිත රට

ලෝකයේ විවිධ රටවල් වල වාහන නිෂ්පාදනය කරනවා. ඒ විදිහට අදාළ වාහනය නිෂ්පාදනය කරපු රට නැත්නම්, ඒ වාහනය ලංකාවට export කරපු රට තමයි, නිෂ්පාදිත රට විදිහට සඳහන් වෙන්නේ.

Model එක

වර්ගය කියන කොටසේදී කියපු වාහනය අයත් වෙන brand එකේ යම් යම් අනු කොටස් තියෙනවා. අන්න ඒ අනු කොටස් තමයි මෙතන model එක වෙන්නේ.

නිෂ්පාදකයාගේ වර්ගීකරණය

මේ කොටස වාහන පන්තිය කියන කොටසට සමානයි. ඒ කියන්නේ, වාහනයේ manufacturer තීරණය කරනවා වාහනය අයත් වෙන වර්ගය මොකක්ද කියලා. අන්න ඒ වර්ගය තමයි මේ යටතට වැටෙන්නේ. ඇත්තටම වාහනයේ පොතේ සමහර තැන් වල තියෙන මේ වගේ සමාන කොටස් නම් ඒ තරම් වැදගත් වෙන්නේ නැහැ.

ඊළඟට අපිට දකින්න ලැබෙනවා, wheel base එක, පසු පසට නෙරා ඇති කොටස සහ body type එක. හිතන්නකෝ, ඔබ පිට රටින් modify කරපු වාහනයක් ගේනවා කියලා. එතකොට මේ කොටස් වල විශේෂ සටහන් දාලා තියෙනවා.

නිෂ්පාදිත වර්ෂය

වාහනයක market එකට ගොඩක් බලපාන දෙයක් තමයි නිෂ්පාදිත වර්ෂය කියන්නේ. ඒ නිසා මේ කොටස ගොඩක් වැදගත් වෙනවා. ඒ විදිහට අදාළ වාහනය නිෂ්පාදනය කරපු වර්ෂය අපිට මේ නිෂ්පාදිත වර්ෂය යටතේ බලා ගන්න පුළුවන්.

Color එක

වාහනයකට එක colour එකක් හෝ colours කිහිපයක් තියෙන්න පුළුවන්. වාහනයක් register කරනකොට, තත්ව පරීක්ෂාවකට ලක් කරනවා. එතකොට වාහනයේ තියෙන colour එක තමයි පොතේ colour කියන කොටසේ සඳහන් කරලා තියෙන්නේ. හැබැයි කාලයක් ගියාට පස්සේ, ඔබට වාහනයේ colour එක වෙනස් කරන්න ඕනේ නම්, RMV එකට ගිහින් පොතේ තියෙන colour එක වෙනස් කර ගන්න ඕනේ.

පෙර අයිතිකරුවන්

වාහනයේ පොතේ තියෙන ගොඩක් වැදගත් කොටසක් තමයි, මේ පෙර අයිතිකරුවන් කියන්නේ. මෙතනදි පළමුවෙන්ම වාහනය register කරපු පුද්ගලයාගේ ඉඳලා, අපි වාහනයක් ගන්න පුද්ගලයා දක්වා අයිතිකරුවන්ගේ විස්තර ඇතුළත් වෙනවා. කෙටියෙන් කිව්වොත් අදාළ වාහනයේ කලින් හිටපු අයිතිකරුවන්ගේ සම්පූර්ණ විස්තර මෙතනින් බලා ගන්න පුළුවන්. මේ පෙර අයිතිකරුවන් ප්‍රමාණයෙන් ඔබට අදාළ වාහනයේ තත්වය ගැන දැන ගන්න chance එක තියෙනවා.

Seat ගණන

මේකෙ සඳහන් වෙන්නේ, driver ට අමතරව, වාහනයේ කොච්චර seat තියෙනවද කියන කාරණාව.

බර, ටයර් ප්‍රමාණය

සාමාන්‍යයෙන් ගොඩක් පොත් වල බර, ටයර් ප්‍රමාණය වගේම length එක, width එක සහ Internal height එක ලකුණු කරලා නැහැ. කලින් කියපු විදිහට වාහනය ගෙන්වන්නේ, modify කරලා නම් විතරයි, මේ දේවල් ගැන විශේෂයෙන් සඳහන් කරන්නේ. එහෙම modify කරලා නැත්නම්, වාහනයේ බර, ටයර් ප්‍රමාණය, length එක, width එක සහ Internal height එක ගැන විශේෂ සඳහනක් කරන්නේ නැහැ.

Provincial Council එක

පළාත ගැන කතා කරනකොට, වාහන ආදායම් බලපත්‍රය පළාත් නවයට පාට නවයකින් තමයි එන්නේ. අදාළ වාහනය ලියාපදිංචි කරලා තියෙන පළාත තමයි, මේ Provincial Council එකේ සඳහන් වෙන්නේ.

පළමු ලියාපදිංචි කළ දිනය

වාහනය මුලින්ම register කරපු දවස තමයි, වාහනයේ පොතේ පළමු ලියාපදිංචි කළ දිනය යටතට වැටෙන්නේ. වාහනයක පොතේ පළවෙනි පිටුවේ අන්තිමට සඳහන් වෙන්නේ, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්ගේ අත්සන සහ ඒ වෙනුවට සිටින අයගේ අත්සන.

මේකෙ දෙවෙනි පිටුව ගැන කතා කරනකොට, barcode එකක් දකින්න ලැබෙනවා. ඒ වගේම මේ පිටුවෙ ඉහළින්ම වාහනයේ පොත ගැන, අදාළ ආඥා පනත් ගැන විස්තරයක් සඳහන් කරලා තියෙනවා. විශේෂම දේ තමයි, ඔබ තවත් කෙනෙක්ගෙන් වාහනයක් ගන්නවා නම්, අදාළ ලියකියවිලි සහිතව ඒ කෙනාගෙන් වාහනය ගත්තට පස්සේ, දවස් 14 ක් ඇතුළත අදාළ පුද්ගලයාගෙන් පවරා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්න ඕනේ.

මේ කරුණු තමයි, වාහනයේ පොතක ඇතුළත් වෙන්නේ. සමහර පුංචි කරුණු ඒ තරම් වැදගත් නොවුණත්, overall ගත්තොත් වාහනයක පොතේ ඇතුළත් වෙන හැම කරුණක් ගැනම ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඒක ඔබට අලුතෙන් වාහනයක් ගන්නකොට වගේම, තියෙන වාහනයේ යම් වෙනසක් කරනකොටත්, වැදගත් වෙනවා. එහෙනම්, ඔබ දන්න, වාහන වලට කැමති අයටත් මතක ඇතුව මේ විස්තරය කියන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!