අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

time
මිනිත්තු 2 කියවීම
feature image

අයහපත් කාලගුණය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන්ට බාධා

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතින බැවින්, අද (දෙසැම්බර් 01) දින ද සේවාවන් සැපයීමේදී බාධා පවතින බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන් වේරහැර ප්‍රධාන කාර්යාලය සහ කුරුණෑගල, කළුතර, හම්බන්තොට, ගම්පහ, අනුරාධපුරය, යාපනය, මොනරාගල, මහනුවර, ගාල්ල හා අම්පාර යන මාර්ගගත (Online) කාර්යාල හරහා බලපත්‍ර මුද්‍රණය හා අලුත් කිරීම වැනි සේවාවන් අද දිනයේ සිදු නොවනු ඇත.

කෙසේ වෙතත්, මහජනතාවගේ පහසුව සඳහා පහත සඳහන් විශේෂ විධිවිධාන අද දින ක්‍රියාත්මක වේ:

1. ලිඛිත පරීක්ෂණ පැවැත්වීම

අද (01) දින සිට සියලුම කාර්යාලවල ලිඛිත පරීක්ෂණ පරිගණක තාක්ෂණය වෙනුවට සාමාන්‍ය ප්‍රශ්න පත්‍ර (Paper-based) යොදාගෙන පැවැත්වීමට කටයුතු යොදා ඇත.

2. මගහැරුණු විභාග සඳහා නව දින (වේරහැර කාර්යාලය)

පද්ධති දෝෂ හා කාලගුණය නිසා වේරහැර කාර්යාලයේ පරිගණක විභාගවලට පෙනී සිටීමට නොහැකි වූ අයදුම්කරුවන් සඳහා නව දිනයන් පහත පරිදි ලබා දී ඇත:

  • 2025.11.27 දින පැවැත්වීමට තිබූ විභාග → 2025.12.08 වන දින පැවැත්වේ.
  • 2025.11.28 දින පැවැත්වීමට තිබූ විභාග → 2025.12.09 වන දින පැවැත්වේ.

(ඔබගේ වේලාව වෙන්කර ගැනීමේ ලේඛනයේ සඳහන් වේලාවන් හිදීම විභාගය පැවැත්වේ.)

3. මගහැරුණු වේලාවන් (Appointments) සඳහා සහන

නොවැම්බර් 27, 28 සහ දෙසැම්බර් 01 (අද) දින සේවා ලබා ගැනීමට වේලාවන් වෙන්කරවා ගත් නමුත් සේවා ලබා ගැනීමට නොහැකි වූ අයදුම්කරුවන්ට, ඉදිරි සති 02 තුළ ඕනෑම දිනයක පැමිණ තමන්ට අදාළ සේවාවන් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

4. අද දිනයේ බාධාවකින් තොරව සැපයෙන සේවාවන්

පද්ධති දෝෂය මධ්‍යයේ වුවද පහත සේවාවන් වේරහැර සහ අනෙකුත් කාර්යාලවලදී අද සිදු කර ගත හැක:

  • ප්‍රායෝගික පරීක්ෂණ (Driving Trials).
  • තාවකාලික රියදුරු බලපත්‍ර කාලය දීර්ඝ කර ගැනීම.
  • ලේජර් තොරතුරු පරීක්ෂා කර ගැනීම.

දිවයින පුරා පිහිටි මාර්ගගත නොවූ (Offline) කාර්යාල හරහා රියදුරු බලපත්‍ර සේවාවන් සාමාන්‍ය පරිදි සිදු කෙරේ.

වාහන ලියාපදිංචි කිරීම හා පැවරීම සාමාන්‍ය පරිදි සිදු වේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!