රක්ෂණ වන්දි අහිමි නොවෙන්න නම් මේ දේවල් කරන්න

time
මිනිත්තු 4 කියවීම
feature image

වාහනයක් මාර්ගයේ drive කරන්න ලියකියවිලි තුනක් ඔයා ළඟ තියෙන්න ඕනේ. ඒ තමයි ආදායම් බලපත්‍රය, license එක සහ වාහන රක්ෂණය. අපි මීට කලින් ආදායම් බලපත්‍රය, license එක ගැන කතා කරලා තියෙනවා. ඉතින් අද අපි ඔයාට කියන්න යන්නේ වාහන රක්ෂණය ගැන. වාහනයක් රක්ෂණය කර තිබීමෙන් ඔයාට හදිස්සියේ හරි අනතුරක් සිද්ද වුණොත් ඒ අනතුරු වලට වන්දි මුදල් ලබා ගන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට අපි අතින් සිදු වන වැරදි නිසා රක්ෂණ වන්දි අහිමි වෙලා යන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා Motorguide අපි අද ඔයාට කියන්නේ රක්ෂණ වන්දි අහිමි නොවෙන්න නම් ඔයා කරන්න ඕනේ දේවල් මොනවාද කියලා.

වාහන රක්ෂණ වන්දියක් කියන්නේ

වාහන රක්ෂණ වන්දියක් කියන්නේ වාහන අනතුරක් සිදු වූ පසු රක්ෂණ සමාගම විසින් ඔයාට ලබාදෙන වන්දි මුදලට. රක්ෂණ වන්දිය ලබා ගන්න අනිවාර්යෙන් වාහානය රක්ෂණය කර තියෙන්න ඕනේ. ඒ වගේම අනතුර සිදු වූ වහාම රක්ෂණ සමාගම දැනුවත් කරන්නත් ඕනේ. මේ සඳහා ඔයා රක්ෂණ සමාගමට ලියකියවිලි ඉදිරිපත් කිරීමත් අනිවාර්යයි.

රක්ෂණ වන්දියක් ලබා ගැනීමේදී ඉදිරිපත් කළ යුතු ලියකියවිලි

අපිට අනතුරක් සිදු වුණාට පසුව අපි රක්ෂණ සමාගමෙන් වන්දියක් ලබා ගන්නකොට රක්ෂණ සමාගමට ඉදිරිපත් කළ යුතු ලියකියවිලි කිහිපයක්ම තියෙනවා. ඒ අනුව,

  • රක්ෂණ සහතිකය
  • Driving license
  • වන්දි ඉල්ලුම් කිරීමේ සහතිකය
  • වාහනයට සිදු වී ඇති අලාභ පිළිබඳ ඇස්තමේන්තු වාර්තාව
  • අනතුර සිදු වූ දිනයේ ලබා ගත් පොලිස් වාර්තාව

රක්ෂණ වන්දි අහිමි වෙන්නේ කොහොමද?

අනතුරක් වුණාට පසුව රක්ෂණ සමාගම අපිට වන්දි මුදල් ලබා නොදෙන අවස්ථා තියෙනවා. මේ විදිහට රක්ෂණ වන්දි අහිමි වෙන්නේ අපි සිදු කරන වැරදි නිසයි. ඒ අනුව,

- වලංගු driving license එකක් නොමැතිව රිය පැදවීම

වාහනයක් drive කරන්න driving license එක අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඉතින් වාහනයේ රියදුරාට driving license එක නොමැති නම් ඔහු අතින් සිදු වන අනතුරු සඳහා රක්ෂණ සමාගම වන්දි මුදල් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා ඔයත් driving license අනිවාර්යෙන් ලබා ගන්න ඕනේ.

- මත්පැන් පානය කළ පසු සිදු වන අනතුරු

මත්පැන් පානය කර වාහනයක් පැදවීම නීති කඩ කිරීමක්. මේ විදිහට රියදුරු මත්පැන් පානය කර සිටියදී සිදු වන අනතුරු සඳහාත් රක්ෂණ සමාගම වන්දි ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මත්පැන් පානය කර වාහනය පැදවීම නිසා ඔයාට දඬුවම් හිමි වෙන්න පුළුවන්.

- හිතාමතා සිදු කරන අනතුරු

සමහරු සිදු කරන ලොකු වරදක් තායි වන්දි ලබා ගැනීමේ අනතුරින් හිතාමතා වාහනය අනතුරකට පත් කිරීම. මේ වගේ අවස්ථාවලත් රක්ෂණ සමාගම වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරනවා.

- වාහනය නීති විරෝධී කටයුතු සඳහා භාවිතා කිරීමේදී සිදු වන අනතුරු

වාහනය නීතිවිරෝධී කටයුතු වලට භාවිතා කිරීමේදී සිදු වන අනතුරු වලටත් රක්ෂණ සමාගම වන්දි ගෙවීමක් සිදු කරන්නේ නැහැ.

- අනතුර සිදු වූ වහාම රක්ෂණ සමාගම දැනුවත් නොකිරීම

ඔයාගේ වාහනය අනතුරකට පත් වූ ගමන් ඔයාගේ රක්ෂණ සමාගම දැනුවත් කරන්න ඕනේ. ඔයා අනතුරු සිදු වූ අවස්තාවක රක්ෂණ සමාගම දැනුවත් කළේ නැත්නම් ඔයාට වන්දි මුදල් අහිමි වෙන්න පුළුවන්. නමුත් වාහනයේ ගමන් ගත් පුද්ගලයෙකුට කරදරයක් සිදු වීම වගේ සාධාරණ හේතුවක් මත රක්ෂණ සමාගම වන්දි මුදල් ලබා දීම සළකා බලනවා.

- වාහනය තමන්ගේ නමට ලියාපදිංචි නොකර තිබීම

අනතුර සිදු වූ වාහනය තමන්ගේ නමට හෝ පවුලේ කෙනෙකුගේ නමට ලියාපදිංචි කර නොතිබීම නිසා ඔයාට රක්ෂණ වන්දි අහිමි වෙනවා. ඒ නිසා ඔයා වාහනය ඔයාගේ නමට අනිවාර්යෙන් ලියාපදිංචි කරගන්න.

- වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම

රක්ෂණ සමාගමට ලබාදෙන සියලු තොරතුරු නිවැරදි වෙන්න ඕනේ. Driving license එකක් නොමැති කෙනෙකු අතින් සිදු වූ අනතුරක් වෙනත් අයෙකු විසින් සිදු වූ අනතුරක් බවට ඉදිරිපත් කිරීම සහ අනතුර සිදු වූ දිනය වෙනස් කිරීම වගේ වැරදි තොරතුරු රක්ෂණ සමාගමට ඉදිරිපත් කළොත් ඔයාට රක්ෂණ වන්දි ආහිමි වෙනවා.

- වාහනවල සිදු වන කාර්මික දෝෂ

වාහනයේ engine එකේ හෝ වාහනයේ වෙනත් උපාංගයකින් සිදු වන කාර්මික දෝෂ නිසා සිදු වන අනතුරු සඳහා වන්දි ගෙවීමක් රක්ෂණ සමාගම විසින් සිදු කරන්නේ නැහැ.

- ආරක්‍ෂිත පියවර අනුගමනය නොකිරීම

අනතුරු අවම කිරීම සඳහා රියදුරා විසින් සිදු කළ යුතු පියවර අනුගමනය කරන්නේ නැත්නම් එවිටත් රක්ෂණ වන්දි ලබා දීම ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා ඔයා සෑම විටන වාහනයට සිදු වන අනතුරු අවම කිරීමට ආරක්‍ෂිත පියවර අනුගමනය කරන්න ඕනේ.

වාහන රක්ෂණ සමාගම විසින් රක්ෂණ වන්දි ලබා දෙන අනතුරු කිහිපයක් තියෙනවා. ඒ අනුව,

  • රිය අනතුරු
  • ඇතුළතින් ගිනි ගැනීම්
  • බාහිර පිපිරීම්
  • අකුණු සැර වැදීම්
  • සොරකම් කිරීම්
  • ජල ගැලීම් සහ ස්වභාවික විපත්

මේ තමයි වාහන රක්ෂණ වන්දි අහිමි වෙන්න ඔයාගේ අතින් සිදු වන වැරදි. ඉතින් ඔයාට රක්ෂණ වන්දිය ලබා ගන්න අපි කියපු දේවල් හොදට මතක තියාගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!