වාහනයක ownership transfer එකකදී අවශ්‍ය documents මොනවද?

time
මිනිත්තු 3 කියවීම
feature image

අපි අලුතෙන් වාහනයක් ගත්තාම මුලින්ම කරන්න ඕනේ දෙයක් තමයි වාහනය තමන්ගේ නමට පැවරුම් කරගන්න එක. මේ පැවරුම එක්දින සේවාවෙන් වගේම සාමාන්‍ය විදියට වුණත් කරගන්න පුලුවන්. හැබැයි මේ මොන විදියට පැවරුම කරන්න ගියත් ඒකට අවශ්‍ය කරන ලියකියවිලි ටික හරියට හදාගෙන ගියේ නැත්නම් වෙන්නේ නිකන් රස්තයාදු වෙන්න. ඒ නිසාම තමයි MotorGuide අපි හිතුවේ වාහන පැවරුමකට අවශ්‍ය ලියකියවිලි වගේම පැවරුමක් වෙන්නේ කොහොමද කියල ඔයාව දැනුවත් කරන්න.

අවශ්‍ය ලියකියවිලි

  • වාහනයේ පොත එහෙමත් නැත්නම් ලියාපදිංචි සහතිකය
  • වාහනයේ වලංගු ආදායම් බලපත්‍රය සහ එහි photocopy එකක්
  • ලියාපදිංචි සහතිකයේ පරම අයිතිය කියලා තියෙන තැන යම් ආයතනයක නමක් තියෙනවා නම් ඒ ආයතනයෙන් වාහනයේ පරම අයිතිය ඉවත් කරගත් බවට දෙන ලිපිය
  • ගැනුම්කරුගේ වර්ණ හෝ කළු සුදු ජයාරූප දෙකක් (අඟල් 2 * 2.5 ප්‍රමාණයේ) එක් ජායාරූපයක් සමාදාන විනිශ්චයකාරයෙක් හෝ ප්‍රදේශයේ ග්‍රාම නිලදාරී හෝ මාණ්ඩලික නිලධාරියෙකු ලවා පසුපිටේ සහතික කරගන්න
  • M.T.A. 6 a ආකෘතිය පුරවගෙන අරගෙන යන්න.
  • M.T.A. 6 b ආකෘතිය පුරවගෙන අරගෙන යන්න.
  • M.T.A. 8 c ආකෘතිය පුරවගෙන අරගෙන යන්න.
  • සුඛෝපභෝගී බදු හෝ ඩීසල් බදු තියෙන වාහනයක් නම් එම බදු ගෙවූ බවට රිසිට් පත් සහ ජායා පිටපත්
  • ජාතික හැඳුනුම්පත සහ ජායා පිටපත්
  • පැවරුම සිදු වන්නේ හැඳුනුම්පතේ සඳහන් ලිපිනයට නෙමෙයි නම් නව ලිපිනයේ
  • පදිංචිය සහතික කරලා ග්‍රාමසේවා නිලධාරි නිකුත් කළ ලිපියක්
  • පැවරුම්ලාභියා කාන්තාවක් වන විට විවාහයෙන් පසු වෙනස් කළ නමක් සඳහන් කරන්නේ නම් විවාහ සහතිකයේ සහතික කරන ලද පිටපතක්

පැවරුමක් වෙන්නේ කොහොමද?

මුලින්ම ඔබ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ සියලුම දිස්ත්‍රික් ලේකම්/දිසාපති කාර්යාල වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් නොමිලයේ ලබාදෙන ආකෘති පත්‍ර කට්ටලය ලබා ගන්න ඕනේ. එම ආකෘති පත්‍ර වල M.T.A. 6 අකෘති පිටපත් 6ක් අඩංගු වෙනවා. ඒවා ඒ, ඒ1, බී, බී1 යනුවෙන් සලකුණු කර තිබෙනවා. M.T.A. 8 පිටපත් දෙකකින් යුක්තයි. ඒවා සී සහ සී1 යනුවෙන් සලකුණු කර තිබෙනවා.

වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු M.T.A. 6 ආකෘති පත්‍රයේ සියලුම පිටපත් සම්පූර්ණ කරන්න ඕනේ.

වර්තමාන අයිතකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද M.T.A. 6 හි ඒ සහ ඒ 1 පිටපත් තමා ළඟ තබා ගෙන M.T.A. 6 හි බී, බී1 සහ M.T.A. 8 සී, සී1 පිටපත් නව අයිතිකරු වෙත භාරදෙන්න ඕනේ.

වර්තමාන ලියාපදිංචි අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද M.T.A. 6 ඒ පිටපත ‍මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් භාරදී ඊට අදාළ සී.එම්.ටී 52 දරණ කුවිතාන්සියක් ලබා ගන්න. M.T.A. 6 ඒ 1 පිටපත තමා ළඟ තබා ගන්න.

නව අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද M.T.A. 6 හි බී පිටපත, M.T.A. 8 හි සී පිටපත සහ මෙහි පහත සඳහන් වන අනෙකුත් අදාළ ලියකියවිලි සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාළ ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත භාරදී සී.එම්.ටී 52 දරණ කුවිතාන්සියක් ලබාගන්න.

නව අයිතිකරු M.T.A. 6 හි බී 1 පිටපත හා M.T.A. 6 හි සී පිටපත තමා ළඟ තබා ගත යුතුයි. සාමාන්‍ය සේවා යටතේ මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීම සඳහා ඉදිරිපත් කළයුතු ලියවිලි කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාළ ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාළ ප්‍රදේශිය ලේකම් කාර්යාලයට, රජයේ කාර්යාල විවෘත දින වල පෙ.ව 9.00 සිට 2.00 දක්වා භාර දෙන්න පුලුවන්.

ඉතින් මේ විදියට තමයි වාහනයක් ගන්නකොට වාහන පැවරුමකට අවශ්‍ය ලියකියවිලි වගේම පැවරුමක් සිදු වෙන්නේ. එහෙනම් ඔයත් වාහනයක් පවරන්න යනවා නම් MotorGuide කිව්ව ලියකියවිලි අමතක කරන්නේ නැතුව අරගෙන යන්න. එතකොට ඔයාට පුලුවන් ඉක්මනින්ම වගේම හරියටම ඔයාගේ වැඩේ කරගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!