රැවටෙන්නේ නැතුව ගැළපෙනම insurance එක තෝරාගන්නේ මෙහෙමයි

time
මිනිත්තු 4 කියවීම
feature image

ලංකාව ඇතුළේ වාහනයක් drive කරන්න ඕනේ නම් insurance එකක් තියෙන්න ඕනේ. අපේ රටේ ගොඩක් අය වාහනයක් ගන්නකොට අනිත් හැමදේම ගැන හොයලා බැලුවට වාහනයට insurance එකක් ඕනේ වෙන්න ඇයි කියන දේ ගැන නම් හිතන්නේ නැහැ. යාලුවෝ, හිතවත් අය කියන විදිහට එයාලා දාලා තියෙන තැන් වලින් insurance එක දානවා. ගොඩක් අය කරන තව දෙයක් තමයි මිල අඩුවෙන් තියෙන insurance දාන එක. ඉතින් අද MotorGuide අපි හිතුවා රැවටෙන්නේ නැතුව ඔයා කොහොමද ගැළපෙනම insurance එකක් තෝරගන්නේ කියලා කියන්න. ඉතින් අද අපි කියන්නේ ඒ ගැන. තමන්ගේ වාහනයට insurance එකක් ගනිද්දී ඔයා හිතන්න ඕනේ දේවල් ගොඩක් තියෙනවා.

Third party insurance එකක්ද? full insurance එකක්ද?

ඔයා මේ දේ ඔයාගේ අවශ්‍යතාවය අනුව, මුදල් වියදම් කිරීමේ හැකියාව අනුව වගේම වාහනය ගැන හිතලා ගන්න ඕනේ තීරණයක්. සාමාන්‍යයෙන් third party insurance එකකදී අනිත් insurance වලට වඩා වාර්ෂිකව ගෙවන්න වෙන මුදල අඩුයි. ඒත් third party insurance එකකදී ගෙවීම් කටයුතු සිදු වෙන්නේ වාහනය නිසා වෙනත් කෙනෙකුට හෝ ඔහුට අයත් දේපළ වලට හානියක් වුණොත් විතරයි. ඒ සඳහාත් third party insurance එකකදී යම් යම් සීමාවන් තියෙනවා. Third party insurance එකක තියෙන අවාසිය වෙන්නේ ඔයාගේ වාහනයට හෝ ජීවිතයට වෙන අනතුරකට මේ insurance එකෙන් මුදල් ලබා ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයා හදිසි අනතුරකට ලක් වුණොත්, ඒ වගේ වෙලාවට ඔයාට ආර්ථික වශයෙන් මුදල් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා full insurance එකකට යන එක තමයි හොඳම දේ.

ගණන් මිනුම් හා සේවාවන් ගැන බලන්න

වාහනයේ වටිනාකම අනුව ඔයාට ගෙවන්න වෙන මුදල් ප්‍රමාණය insurance එකෙන් insurance එකට වෙනස් වෙනවා. ඒ වගේම මිල ගණන් අඩු insurance තෝරාගන්න එපා. ඒ මිල ගණන් යටතේ නොමිලේ ලැබෙන insurance හා සේවාවන් ගැනත් හොයලා බලන්න. Full insurance එකකදිත් ලැබෙන මුදල් ප්‍රමාණය හා සේවාවන් ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා. ඔයා insurance එකක් තෝරා ගන්නකොට ඔයා ගෙවන මුදලට සරිලන සේවාවක් හා ඔයාට අවශ්‍ය ආවරණ කලාපයක් ලැබෙන insurance එකක් තෝරාගන්න මතක තියාගන්න.

ලැබෙන වාසි ගැන බලන්න

ඔයා insurance එකක් තෝරාගද්දී ඒ insurance එකෙන් ඔයාට ලැබෙන වාසි වගේම අවාසි ගැනත් හොඳට හොයලා බලන්න ඕනේ. Insurance එකකදී ඔයාට ලැබෙන මුදල් ප්‍රමාණය හා සේවාවන් ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා. සමහර ආයතන වලින් accident එකක් වුණාම වාහනයට සිදු වෙන හානිය ගැන බලනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා දෙනවා. ඒ වගේම සමහර ආයතන වලින් අනතුරක් වුණාම වාහනයේ අලුත්වැඩියාව අවසන් වන තෙක් වෙනත් වාහනයක් ලබා දෙනවා. තව සමහර ආයතන වල ඒ සේවාවන් ලබා ගන්න අමතර මුදලක් ගෙවන්නත් වෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ සියලුම අවශ්‍යතා වලට ගැළපෙන විදිහේ insurance එකක් තෝරාගන්න. මොකද හදිස්සියේ හරි වාහනය accident වුණොත් අපිට හදන්න ලොකු මුදලක් යනවා. හැබැයි හොඳ insurance එකක් ඔයාට තියෙනවා නම් insurance එකෙන් උදව් ලබා ගන්න පුළුවන්.

අනතුරකදී ක්‍රියාත්මක වෙන ආකාරය ගැන අහන්න

අනතුරක් වුණු වේලාවකදී අපි insurance එක ලබා ගත්ත ආයතනය ඒ වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ගැනත් අපි හොයලා බලන්න ඕනේ. මේ අය අපිට අපේ අවශ්‍යතාවයට claim දෙනවද, අපිට loan එකක් දාන්න පුළුවන් ද සහ වන්දි ලබා ගන්න ගතවෙන කාලය ගැන බලන්න ඕනේ. සමහර ආයතන අපිට මේ දේවල් දෙනවා මෙහෙම වෙනවා කියලා කිව්වට අපිට අනතුරක් වුණ වෙලාවට තමයි ඒ ආයතන වල ස්වභාවය අපිට තේරෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ආයතන වලින් කියන දේවල් වලට අමතරව රක්ෂණයක් දාන්න කලින් ඒ අදාළ රක්ෂණය ගැන, රක්ෂණයේ ප්‍රතිලාභ ගැන, claim එක ගැන මීට කලින් ඒ රක්ෂණය ඒ ආයතනයෙන්ම දාපු කෙනෙක්ගෙන් අහලා බලන්න. එතකොට ඔයාට පුළුවන් ඒක හොඳ රක්ෂණයක් ද කියලා හරියටම දැන ගන්න.

පාරිභෝගික සේවා ගැන බලන්න

ඔයා insurance එක ලබා ගන්න ආයතනය දිවයින පුරා විහිදී ඇති ශාඛා වලින් සමන්විත නම් ඒකත් ඔයාට අමතර වාසියක්. ඒ වගේම පැය 24 පුරා සහය ලබා ගත හැකි දුරකථන සේවාවක් තියෙනවා නම් ඒකත් ගොඩක් වැදගත්. ඒ වගේම හදිස්සි අනතුරකදී උදව් ලබා ගන්න හැකි වීමත්, දවසේ ඕනෑම වේලාවකදී සම්බන්ධ වෙන්න පුළුවන් වීමත් ගොඩක් වැදගත්.

වාහනය කුමක් සඳහාද යොදා ගන්නේ කියලා බලන්න

ඒ කියන්නේ ඔයා වාහනයක් ගන්නේ ගෙදර පවිච්චියටද, නැත්නම් හයර් කරන්නද, එහෙමත් නැත්නම් rent එකටද, කියන එක ගැන බලලා insurance එක දාන්න. ඒ වගේම ඔයා මතක තියාගන්න ඕනේ අනිත් කාරණය තමයි වාහනය වෙන කෙනෙක්ට දුන්නම වාහනය අනතුරට පත් වුණොත් insurance එක හරහා ඔයාගේ වාහනයට වුණ අලාභයට හරියන වන්දි මුදලක් ලැබෙනවද කියලා බලන එක.

මේ විදිහට තමයි රැවටෙන්නේ නැතුව ගැළපෙනම insurance එකක් තෝරාගන්නේ. ඉතින් මේ දේවල් ගැන සැළකිලිමත් වුණොත් ඔයාට පුළුවන් ගැළපෙන හොඳ insurance එකක් තෝරාගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!