ලෙඩ ගොඩකට අහු වෙන්නේ නැතුව වාහනයක් ගන්නේ මෙහෙමයි

time
මිනිත්තු 3 කියවීම
feature image

අද කාලේ අපේ රටේ වාහන වල මිල ගණන් හිතා ගන්න බැරි තරම් වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ වෙනකොට අලුතෙන් වාහන ගෙන්වන එක සීමා කරලා තියෙන එක. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ඇතුළේ තියෙන used vehicle වල මිල පවා මේ නිසා ඉහළ ගිහින් තියෙනවා. මේ දේවල් නිසා ලංකාවේ අපිට අලුත් වාහනයක් ගන්න එක හීනයක් වෙලා තියෙන්නේ.

ඒ නිසා ගොඩක් දෙනා used vehicle ගන්න පෙළඹිලා ඉන්නවා. Used vehicle වලට තියෙන ඉල්ලුම වැඩි වීමත් සමඟ විවිධ දෝෂ සහිත වාහන වැඩි මුදලට විකුණන්නත් ගොඩක් දෙනා උත්සහ කරනවා. ඒ නිසාම අද MotorGuide අපි ඔබට කියන්නේ ලෙඩ ගොඩකට අහු වෙන්නේ නැතුව වාහනයක් ගන්නේ කොහොමද කියලා.

මුදල සහ වාහන වර්ගය තීරණය කරන්න

අපිට වාහනයක් ගන්න නම් මුලින්ම මුදල් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔබට වාහනය වෙනුවෙන් කොපමණ මුදලක් වැය කරන්න පුලුවන්ද කියලා මුලින්ම හිතන්න ඕනේ. ඊට පස්සේ ඔබට පුලුවන් ඔබේ මුදලට ගැළපෙන වාහනයක් හොයන්න. හැබැයි ඔබ කැමති වාහනය ගන්න මුදල් අඩුපාඩුවක් තියෙනවා නම් finance ආයතනයක් හරහා වාහනය ගැනීමේ හැකියාවත් තියෙනවා.

Engine අංකය සහ චැසි අංකය ගැන හිතන්න

වාහනයක් මිලදී ගැනීමේදී ඔබ මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ දෙයක් තමයි engine අංකය සහ චැසි අංකයට කියන්නේ. වාහනයක චැසි අංකයට අපිට ස්ථාන දෙකක දැකගන්න පුලුවන්. රෝද හතරේ වාහන වල driver side එකේ දොර ඇරියාම එහි රාමුව මත අපිට චැසි අංකය බලා ගන්න පුලුවන්. ඒ වගේම අපිට චැසි අංකය, චැසි එකේ කොටා ඇති ආකාරය බලා ගන්නත් පුලුවන්. ගොඩක් වෙලාවට engine එක අවට අපිට මේ අංකය දැකගන්න පුලුවන්.

හැබැයි engine අංකය නම් ටිකක් බලා ගන්න අමාරුයි. ඒ වුණාට used vehicle එකක් ගන්නවා නම් අනිවාර්යයෙන් engine අංකයත් අපි පරික්ෂා කරන්න ඕනේ. ඒ වගේම engine එක පසුව සවි කරලා තියෙනවා නම් එය නිවැරදිව ලියාපදිංචි කර ඇත්දැයි පරික්ෂා කරලා බලන්නත් අමතක කරන්න එපා. අපි ඉහත කිව්ව අංක වාහනයේ පොතේ අංකත් සමඟ 100%ක් ගැළපීම අත්‍යාවශ්‍ය වෙනවා.

සැබෑ අයිතිකරුවා ගැන දැනගන්න

ගොඩක් වෙලාවට අද කාලේ වාහනයක් විකිණීම සිද්ධ කරන්නේ එහි නියම අයිතිකරු නෙමෙයි. මේ නිසා ඔබ ගන්න හදන වාහනයේ අයිතිකරු කවුද, ඔහු ඉන්නේ කොහෙද කියලා හොඳින් දැනගෙන සිටීම අනිවාර්යයයි. ඒ විතරක් නෙමෙයි විකුණන කෙනාගේ සහ අයිතිකරුවාගේත් ජාතික හැඳුනුම්පතේ photocopy එකක් ලබාගන්න. විශේෂයෙන්ම වාහනයේ අයිතිකරු වාහනය විකුණන්න අවසර දී ඇතිබව ලිඛිතව තහවුරු කරගන්න. මොකද මේ කාලේ ලංකාව තුළ වාහන ජාවාරම් අධික වශයෙන් සිදු වෙනවා.

වාහනයේ පොත ගැන සැළකිලිමත් වෙන්න

සමහර අවස්ථා වලදී වාහනයේ පොත original නොවන අවස්ථා ඔබට හමු වෙන්න පුලුවන්. ඉතින් වාහනයක පොත duplicate වුණාම ඔබට වාහනය market price එකට වඩා තරමක් අඩු මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි එහිදී ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ විශේෂ කරුණු කිහිපයක්ම තියෙනවා. Duplicate පොතක් තියෙනවා නම් වාහනයේ පැවරුම් කටයුතු තරමක් ප්‍රමාද වෙන්න පුලුවන්. ඒ වගේම ඔබ වාහනය ලීසිං කරලා ගන්න හිතාගෙන ඉන්නවා නම් ටිකක් කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද සමහර ලීසිං සමාගම් වලින් duplicate පොත් සඳහා ලීසිං ලබා දීම සිදු කරන්නේ නැහැ.

පෙර අයිතිකරුවන් ගැන සැළකිලිමත් වෙන්න

වාහනයක් ගන්න කළින් එහි පෙර අයිතිකරුවන් ගැන සැළකිලිමත් වෙන එකත් ගොඩක් වැදගත්. විශේෂයෙන්ම පෙර අයිතිකරුවන්ගේ නම් අතර insurance සමාගමක් තියෙනවා නම් ඒ වාහනය නොගෙන ඉන්න එක තමයි වඩාත්ම හොඳ. මොකද දැඩි අනතුරු වලට ලක්වෙලා ඉවත් කරන වාහන නිසියාකාරව අලුත්වැඩියා කරන්නේ නැතුව අඩු මුදලකට විකුණන අවස්ථා ඕනේ තරම් තියෙනවා. ඉතින් මේ විදිහට භාගෙට සිදු කරන අලුත්වැඩියා නිසා කෙටි කාලයක් ඇතුළත දෝෂ ඇති වෙන්න පුලුවන් වගේම විශාල අනතුරු පවා සිදු වෙන්න පුලුවන්.

ඉතින් මේ දේවල් තමයි වාහනයක් මිලදි ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු. ඒ වගේම ඔබ වාහනයක් මිලදී ගැනීමේදී එම වාහනයේ මිල වෙළඳපොළ මිලට වඩා අඩු නම් ඒ පිළිබඳ ප්‍රශ්න කරන්නත් අමතක කරන්න එපා. අද MotorGuide අපි කිව්ව විදිහට වාහනයක් පරික්ෂා කරලා බලන්න පුලුවන් නම් වංචාකාරයින්ට හසු වෙන්නේ නැතුව, මුදල් නාස්ති කරගන්නෙත් නැතුව ඔබේ සිහින වාහනය මිලදී ගන්න පුලුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!