වාහනයේ පොත එක දවසින් වෙනස් කර ගන්නේ මෙහෙමයි

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක පොත කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. හැබැයි පොතේ මොනවා හරි වැරැද්දක් තිබුණොත්, ඒකෙනුත් ප්‍රශ්නේ ඔබටමයි. ඒ නිසා, පොතේ වැරදි තියෙනවද කියලා බලලා, ඒක වෙනස් කර ගන්න එක ගොඩක් වැදගත්. ඉතින් MotorGuide අපි හිතුවා අද ඔබට ඒ ගැන කියන්න.

වාහනය විකුණනවාද?

ඔබ ළඟ තියෙන වාහනය විකුණනකොට, මුලින්ම පොතේ වැරදි තියෙනවා නම්, ඒ වැරදි නිවැරදි කර ගන්න ඕනේ. රක්ෂණ සහතික, ආදායම් බලපත්‍රය වගේම, ලීසිං පහසුකමක් ලබාගෙන එය ගෙවා අවසන් කර ඇත්නම්, ඒ බව සහතික කළ ලිපිය සහ හිමිකම් පැවරීමේ සහතිකය කියන සියලුම දේවල් රැස් කරගෙන, ඒවායේ නිවැරදිභාවය සහ වලංගුභාවය පරීක්ෂා කරලා, සූදානම් කර ගන්න.

ඔබට වාහනයේ හිමිකම් පැවරීම සම්බන්ධව ගැටළු තියෙනවා නම්, රජයේ නිල සහාය දුරකථන අංකය වන 1919 වෙත අමතා සහය ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් මේ සම්බන්ධව තොරතුරු ලබා ගන්නත් පුළුවන්.

වාහනයේ පොත වෙනස් කර ගන්නේ කොහොමද?

අපි දැන් බලමු, කොහොමද වාහනයේ පොත හරියටම වෙනස් කර ගන්නේ කියලා. වාහනයක පොත කියන්නේ, වාහනයක ලියාපදිංචි සහතිකයට. හැබැයි ඔබ බලන්න ඕනේ, ඔබ ළඟ තියෙන පොතේ වැරදි තියෙනවද කියලා. විශේෂයෙන්ම පොතේ තියෙන වැරදි නිසා ඔබට, ළඟ තියෙන වාහනය විකුණ ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන විශේෂ අවධානයක් දෙන්න ඕනේ.

වාහනයේ පොතේ, ඔබේ නම හරියටම print වෙලා තියෙනවද කියලා බලන්න. සමහර විට, ඒක වැරදි නම්, ඔබට පොතේ තියෙන නම වෙනස් කරන්න ඕන වෙන්න පුළුවන්. හැබැයි ඔබ ළඟ තියෙන්නේ, ලීස් කරපු වාහනයක් නම්, වාහනයේ පොත ඔබ ළඟ නැහැ. ඒත් ලීසිං සමාගම විසින් දුන්නු පොතේ copy එක ඔබ ළඟ තියෙනවා.

මේ copy එකත් සමඟ, ඔබේ ID එකේ copy එකක්, ලිපිනය වෙනස් නම්, එම ස්ථානයේ පදිංචි වීම සහතික කර, නම වෙනස් කිරීමක් සිදු කිරීමට දිවුරුම් පෙත්සමක් සහ උප්පැන්න සහතිකය කියන ලිකියවිලිත් අරගෙන නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යන්න. එතනදි form එකක් පුරවන්න ඕනේ.

ඊට පස්සේ මේ ඔක්කොම ලියකියවිලි counter එකට භාර දෙන්න. එතනින් ඔබට receipt එකක් ලැබෙනවා. ඒකත් අරගෙන, දෙපාර්තමේන්තුවේම තියෙන බැංකුවට ගිහින් මුදල් භාර දෙන්න. මේකට පොඩි ගාණක් තමයි වියදම් වෙන්නේ. Bank receipt එක, ලිකියවිලි දීපු counter එකටම දෙන්න. ටික වෙලාවකින් පොතේ අවශ්‍ය වෙනස්කම් සිදු කරලා පොතේ අලුත් copy එකක් ඔබට ලබා දෙනවා.

වාහනයේ Value එක වැඩි කර ගන්නේ කොහොමද?

වාහනය දැකපු ගමන් ඒක ගන්න කෙනාට ප්‍රසනන්න හැඟීමක් ඇති වෙන්න ඕනේ. එතකොට තමයි වාහනය ඉහළ මිලකට විකුණන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා වාහනයේ පළුදු වීම් තියෙනවා නම්, ඒවා අලුත්වැඩියා කර ගන්න.

සම්පූර්ණ Service history එකක් තියෙනවද?

ඔබට සම්පූර්ණ service history එකක් පෙන්නුම් කරන්න ඕනෙ නම්, මෝටර් රථය හොඳින් maintain කරලා තියෙන පරණ receipt පරිස්සම් කරලා තියාගන්න එක වැදගත්. මේ මඟින් ගැනුම්කරුගේ විශ්වාසය තවත් වැඩි වෙනවා.

වාහනයක් මිලදී ගන්නවද?

ඔබ වාහනයක් මිලදී ගන්න ඉන්නවා නම්, වාහනයේ පොත ගැන අනිවාර්යයෙන් සැළකිලිමත් වෙන්න ඕනේ. පොත බලනවා කියන්නේ, වාහනයේ අයිතිකරුගේ නම, ලිපිනය, වාහනය නිෂ්පාදිත වර්ෂය, ලියාපදිංචිය වගේ දේවල් බලන එකම නෙවෙයි. මෙතනදි වාහනයේ පෙර අයිතිකරුවන් කවුද කියන එක හොඳින්ම බලන්න ඕනේ. පෙර අයිතිකරුවන් යටතේ වාහන රක්ෂණ සමාගමක නමක් තියෙනවා නම්, ඔබ ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනේ.

මොකද සමහර රක්ෂණ සමාගම්, අනතුරු වලට පත් වුණු වාහන අරගෙන, අලුත්වැඩියා කරලා අඩු මුදලට විකුණනවා. හැබැයි මෙතනදි නිසි පරිදි අලුත්වැඩියාවක් වෙන්නෙත් නැහැ. ඒ නිසා, වාහනයේ පෙර අයිතිකරු රක්ෂණ සමාගමක් නම්, ඒ වාහනය ගන්න එක ගැන තව පාරක් හිතන්න.

චැසි අංකය වෙනස්ද?

වාහනයේ පොතේ තියෙන චැසි අංකයයි, වාහනයේ තියෙන චැසි අංකයයි එකිනෙකට වෙනස් නම්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යොමු කරලා නිවැරදි කර ගන්න.

ඔන්න මේ විදිහට තමයි, වාහනයේ පොත හරියටම වෙනස් කර ගන්නේ. ඒ වගේම අපි මෙතනදි කිව්වා, වාහනය විකුණන විදිහ ගැන සහ වාහනයක් ඔබේ නමට පවරා ගන්නවා නම්, ඒකත් කරන්න ඕන හරිම විදිහ ගැන. මේ දේවල් මතක තියාගෙන ඒ විදිහටම කළොත්, ඔබට අමාරුවේ වැටෙන්නේ නැතුව, පොත වෙනස් කරගෙන වාහනය විකුණන්නත්, අවශ්‍ය නම් වාහනයක් ගන්නත් පුළුවන්.චැසි අංකය වෙනස්ද?

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!