හරිම Insurance එකක් තෝරාගන්නේ කොහොමද?

time
මිනිත්තු 2 කියවීම
feature image

ඕනම කෙනෙක් වාහනයක් මිලදී ගන්නකොට insurance කරන්න අමතක කරන්නේ නැහැ. හැබැයි insurance එකක් අපිට කරන්නන් වාලේ කරන්න බැහැ. මොකද insurance එකක් කරන්න කලින් ගොඩක් දේවල් හිතන්න තියෙනවා. ඒ නිසාම අද කියන්න යන්නේ තමන්ගේ වාහනයට ගැළපෙන හරිම insurance එකක් තෝරාගන්නේ කොහොමද කියලා.

Third Party ද Full Insurance ද

Insurance එකක් ගන්න කලින් මුලින්ම හිතන්න ඕනේ තමන්ට අවශ්‍ය වෙන්නේ third party insurance එකක්ද, full insurance එකක්ද කියලා. සාමාන්‍යයෙන් third party insurance එකකට ගෙවන්න වෙන වාර්ෂික මුදල අනෙක් ඒවාට සාපේක්ෂව අඩුයි. හැබැයි third party රක්ෂණ ආයතනය විසින් ගෙවන්නේ ඔයාගේ වාහනය නිසා වෙනත් කෙනෙකුට හෝ ඔහුට අයත් දේපලකට වන හානි වලට විතරයි. හැබැයි full insurance එකක් ගොඩක් වටිනවා. මොකද ඒකෙ ඔයාගේ වාහනේ වගේම අනෙක් පුද්ගලයින්ටත් රක්ෂණයක් හිමි වෙනවා.

වාහනේ භාවිතය

කෙනෙක්ට වාහනයක් ගන්න විවිධ හේතු තියෙනවා. පුද්ගලික භාවිතයට, හයර් යන්න, rent එකෙට දෙන්න එහෙමත් නැත්නම් ලර්නස් එකක් කරන්න වගේ විවිධ හේතු නිසා පුද්ගලයින් වාහන මිලදී ගන්නවා. ඉතින් ඒ නිසා ඔයා වාහනය භාවිතා කරන විදිය අනුව වාහනය insurance කරන්න මතක කරන්න එපා. මොකද එතකොට විතරයි ඔයාට පුලුවන් වාහනයට අනතුරක් වුණොත් අනතුරට සරිලන වන්දිය ලබා ගන්න.

වටිනාකම ගැන හිතන්න

වාහනයේ වටිනාකම අනුව ඔයාට ගෙවන්න වෙන්න insurance වාරිකය විවිධ ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා. ටිකක් හොයලා බැලුවොත් ඉතා අඩු මුදලකට ලබා ගන්න පුලුවන් insurance ඕනේ තරම් ලංකාවේ තියෙනවා. නමුත් මිල අඩු වුණා කියලා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව insurance එක දාන්න යන්න එපා. ඒ වගේම තමයි මිල වැඩි වූ පළියට ඒක හොඳම insurance company එකක් කියලා අපිට කියන්න බැහැ. ඒ නිසා ගෙවන මුදලට වැඩිම සේවාවක් සහ ගැලපෙන ආවරණ ප්‍රමාණයක් ලබාදෙන ආයතනයක් තෝරාගන්න සැලකිලිමත් වෙන්න.

ක්‍රියාත්මක වෙන විදිය

Insurance එකක් ගන්නකොට ඔයා හිතන්න ඕනේ තව දෙයක් තමයි අනතුරකදී ඔයාගේ රක්ෂණ ආයතනය ක්‍රියාත්මක වෙන විදිය ගැන. විශේෂයෙන්ම සහය සපයන ආකාරය, වන්දි ලබාදෙන හැටි, වන්දි ලබාගැනීමේ ක්‍රියාවලියේ ඇති පහසුව සහ ගතවෙන කාලය වගේ දේවල් ගැන හොඳින් දැනුවත් වෙන්න ඕනේ. මේ ගැන ආයතනයෙන් අහලා විතරක් මදි. එම ආයතනයෙන් රක්ෂණාවරණයක් දාපු ඔයාගේ යාලුවන්ගෙන් තොරතුරු ගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.

සැඟවුණු කොන්දේසි

කවුරු මොන කතා කිව්වත් අනිත් හැම දෙයකටම වගේම insurance company වලටත් විවිධ කොන්දේසි තියෙනවා. ඒ නිසා ඔයා insurance එකක් ගන්න යනවා නම් අනිවාර්යෙන්ම ආයතනයත් එක්ක කතා කරලා කොන්දේසි ගැන දැනුවත් වෙන්න ඕනේ.

මේ දේවල් තමයි හරිම insurance එකක් තෝරගන්නකොට ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු. එතකොට ඔයාට පුලුවන් ගෙව්ව ගානට හොඳ වටිනාකමක් වගේම ආරක්ෂාවක් ලබා ගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!