වාහන පැවරුමකට ආදාළ documents පුරවන්නේ කොහොමද?

time
මිනිත්තු 3 කියවීම
feature image

අලුතෙන් වාහනයක් ගැනීමට එහෙමත් නැත්නම් වෙනත් කිසියම් හේතුවක් නිසා දැන් ඔබ භාවිතා කරන වාහනය විකුණන්න ඔබට සිදු වෙන්න පුලුවන්. මේ විදියට වාහනයක් විකුණනකොට වාහනය මිලදී ගන්නා පාර්ශ්වයට වාහනයේ අයිතිය පවරන්න සිදු වෙනවා. වාහනයේ අයිතිය පැවරීමේදී අපිට application එකක් fill කරන්න වෙනවා. MotorGuide තුළින් අපි ඔබට කියන්නේ වාහනයේ අයිතිය පැවරීමේදී application එක කොහොමද හරියටම fill කරන්නේ කියලා.

පළවෙනි පිටුව

MTA 6 කියන ආකෘති පත්‍රයේ පළවෙනි පිටුවේ තියෙන්නේ මෝටර් වාහන අයිතිය පැවරීමේදී අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද කියලා. ඊළඟ පිටුවේ තියෙන්නේ වාහනයේ අයිතිය පැවරීමේදී අවශ්‍ය කරලා ලියකියවිලි මොනවද කියලා. අපි ඒ දේවල් ගැන මීට කලින් ඔබව දැනුවත් කරලා තියෙනවා. ඔයා අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මේ form fill කරනකොට ටිපෙක්ස් භාවිතා කරන්න බැහැ වගේම මකන්නත් බැහැ. ඒ වගේම තමයි සිංහල භාවිතා කරන්නේ නැතුව english capital letters වලින් එක කොටුවකට එක අකුර ගානේ තමයි fill කරන්න ඕනේ.ඒ පිටු වලට පස්සේ මුලින්ම තියෙන පිටුව තමයි මෝටර් රථ කොමසාරිස්වරයාගේ පිටපත.

පළමු අයදුම්පත

අපි දැන් බලමු කොහොමද මෝටර් රථ කොමසාරිස්වරයාගේ පිටපත හරියටම fill කරන්නේ කියලා. මෙතනදී උඩින්ම තියෙන කොටුව කාර්යාල ප්‍රයෝජනය සඳහා පමණයි තියෙන්නේ. ඒ නිසා ඒ කොටුව පුරවන්න එපා.ඊට පස්සේ අපි transfer කරන දිනය, මාසය සහ අවුරුද්ද සඳහන් කරන්න ඕනේ. අපි මේ form එක ආයතනයට බාර දෙනකොට තමයි දිනය පුරවන්න ඕනේ. ඔයා ඒක අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ දෙයක්.

  • Name of transferor කියන තැන වාහනයේ පොතේ නම තියෙන කෙනාගේ නම් තමයි fill කරන්න ඕනේ.
  • පොතේ නම සඳහන් කෙනාගේ ලිපිනය සඳහන් කරන්න ඕනේ. වාහනයේ අංකය සඳහන් කරන්න
  • Name of transferee කියන තැන වාහනය පවරන කෙනාගේ නම fill කරන්න පවරන කෙනාගේ ලිපිනය
  • පවරන්නාගේ අත්සන ලෙස පොතේ නම සඳහන් කෙනාගේ අත්සන, ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරන්න.
  • පැවරුම් ලාභියාගේ අත්සන කියන තැන පැවරුම කරගන්න කෙනෙක්ගේ අත්සන, ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරන්න
  • දිනය කියන තැන අයදුම්පත ආයතනයට බාර දෙන දිනය සඳහන් කරන්න
  • සාක්ෂි ලෙස ජාතික හැඳුනුම්පත තියෙන ඕනෑම කෙනෙක්ට අත්සන, ලිපිනය සහ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරන්න පුළුවන්.

මේ වගේ කොළ 4ක් තියෙනවා.කොළ 4ම එකම විදියට තමයි fill කරන්න තියෙන්නේ.

දෙවන අයදුම්පත

ඊළඟට අපිට තියෙනවා c කියලා form එකක්. මේ form එකෙත් උඩින්ම තියෙනවා මෝටර් රථ කොමසාරිස්ගේ පිටපත කියල සඳහන් කරලා.

  • මුලින්ම වාහනයේ පොතේ සඳහන් නම fill කරන්න
  • පවරාගනු ලබන කෙනාගේ නම සඳහන් කරන්න
  • ලියාපදිංචි පොත පැමිණිය යුතු ලිපිනය සඳහන් කරන්න
  • නගරය සහ වාහනයේ අංකය සඳහන් කරන්න
  • වාහනය භාවිතා කරන ආකාරය සඳහන් කරන්න
  • අවසාන වශයෙන් අදාළ ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය සහ දිස්ත්‍රික්කය සඳහන් කරන්න.

මේ වගේම තව කොළයක් තියෙනවා. එම කොළයත් ඉහත සඳහන් ආකාරයටම පුරවන්න ඕනේ.

මේ විදියට තමයි මෝටර් රථයක් පවරා ගැනීමේදී අපි අයදුම්පත්‍රය පුරවන්න ඕනේ. දැනුවත්වීමකින් සහ කල්පනාවෙන් අයදුම්පත්‍රය පුරවනවා නම් කිසිම අපහසුවක් නැතුව ඉක්මනින්ම වගේම හරියටම ඔබට පැවරුම් ලේඛනය පුරවා ගන්න පුලුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!