වාහනයේ පොත නැතිවුණ විට duplicate එකක් ගන්නේ කොහොමද?

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයේ ලියාපදිංචි සහතිකය, එහෙමත් නැත්නම් වාහනයේ පොත කියල කියන්නේ අපේ වාහනය ගැන සියලුම තොරතුරු සටහන් වෙලා තියෙන ලියවිල්ල. වාහනය විකුණනකොට, ලීසිං එකක් ගන්නකොට එහෙමත් නැත්නම් වාහනය ඇපයට තියලා මූල්‍ය පහසුකමක් ලබා ගන්නකොට අනිවාර්යෙන්ම වාහනයේ ලියාපදිංචි සහතිකය එහෙමත් නැත්නම් වාහනයේ පොත අවශ්‍ය වෙනවා. ඉතින් මේ පොත නැති වෙලා තිබ්බොත් ඔයාට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා.

ඒ නිසාම අද MotorGuide YouTube channel එකෙන් අපි ඔබට කියන්නේ වාහනයේ පොත නැතිවුණ විට duplicate එකක් ගන්නේ කොහොමද කියලා.

අනුපිටපතක් ලබා ගැනීමට අවශ්‍ය වන අවස්ථා

  • ලියාපදිංචි සහතිකය අස්ථාන ගත වී ඇත්නම්
  • ලියාපදිංචි සහතිකය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත්නම්
  • ලියාපදිංචි සහතිකය පළුදු වී ඇති අවස්ථා වලදී

අනුපිටපත් ලබා ගත හැකි ස්ථාන

අපි දැන් බලමු ඔබේ වාහනයේ ලියාපදිංචි සහතිකයේ අනුපිටපතක් ලබා ගන්න පුලුවන් කාර්යාල මොනවද කියලා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට පැමිණීමෙන් ඕනෑම වාහනයක අනුපිටපතක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

එහෙමත් නැත්නම් සෑම දිස්ත්‍රික්කයකම ඇති දිස්ත්‍රික් කාර්යාල වලින් ඔබේ වාහනයේ ලියාපදිංචි සහතිකයේ අනුපිටපත් ලබා ගන්න පුලුවන්. දිස්ත්‍රික් කාර්යාල ලෙස ගම්පහ, හම්බන්තොට, කුරුණෑගල, අනුරාධපුරය සහ යාපනය හඳුන්වන්න පුලුවන්. හැබැයි සියලුම වර්ගයේ වාහන වල ලියාපදිංචි සහතිකයේ අනුපිටපත් මේ දිස්ත්‍රික් කාර්යාල වලින් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මෙසේ දිස්ත්‍රික් කාර්යාල වලින් ලබා ගන්න පුලුවන් යතුරුපැදි වල ලියාපදිංචි සහතිකයේ අනුපිටපත් පමණයි.

අනුපිටපතක් ලබා ගැනීමට අවශ්‍ය ලේඛන

  • ඔබේ ලියාපදිංචි සහතිකය අස්ථාන ගත වී හෝ සම්පූර්ණයෙන් විනාශ වී ඇත්නම් පොලිස් පැමිණිලි පිටපත
  • පොලිස් ස්ථානයෙන් ලබා දෙන රිසිට්පත
  • ඔබගේ ජාතික හැඳුනුම්පත
  • වාහනයේ වලංගු ආදායම් බලපත්‍රය
  • ලියාපදිංචි සහතිකයේ අනුපිටපතක් ඉල්ලීමේ ලේඛනය (CMT65 ආකෘති පත්‍රය)
  • මෝටර් රථයක බර පිළිබඳ සහතිකය (CMT130 ආකෘති පත්‍රය - මෙය අවශ්‍ය වන්නේ බර වාහන සඳහා පමණි)
  • අනන්‍යතා ලේඛනය
  • CMT75 පත්‍රය

ලියාපදිංචි සහතිකයේ අනුපිටපතක් ලබා ගැනීමේ ක්‍රියාවලිය

මුලින්ම ඔබ පොලිස් පැමිණිල්ල, ජාතික හැඳුනුම්පත සහ ආදායම් බලපත්‍රය සමඟ නාරාහේන්පිට කාර්යාලයට පැමිණ අදාළ අංශය වෙත යොමු වෙන්න ඕනේ. එම අංශයට ගොස් ඔබගේ කාරණය ඉදිරිපත් කළාට පස්සේ ලියාපදිංචි සහතිකයේ අනුපිටපතක් ඉල්ලීමේ ලේඛනය හෙවත් CMT65 ආකෘති පත්‍රය ලබා දීම සිදු කරනවා.

ඉන්පසුව අදාළ නිලධාරියා විසින් ඔබට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කරනවා.

ඔබගේ වාහනයේ බර කිරීමට අවශ්‍ය නම් අදාළ ආයතනයකින් බර කිරාගෙන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට හෝ අදාළ දිස්ත්‍රික් කාර්යාල වෙත පැමිණෙන්න ඕනේ.

එහිදී වාහනය පරීක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කළ යුත්තේ වාහනයේ ලියාපදිංචි අයිතිකරු විසින් පමණයි. වාහනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව CMT75 පත්‍රය ආකෘති පත්‍රය ලබා දීම සිදු කරනවා.

පසුව ඉහත සඳහන් කළ සියලුම ලිපි ලේඛන රැගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට පැමිණ භාර දෙන්න ඕනේ. එතකොට ඔබට පුලුවන් වාහනයේ ලියාපදිංචි සහතිකයේ අනුපිටපත ලබා ගන්න.

ඉතින් මේ විදිහට තමයි වාහනයේ ලියාපදිංචි සහතිකයේ අනුපිටපත ලබා ගන්නේ. ඔබ මතක තබා ගත යුතු දෙයක් තමයි එක් දින සේවාව ඔස්සේ ලියාපදිංචි සහතිකයේ අනුපිටපත් නිකුත් කිරීම සිදු වන්නේ නැහැ. ඒ නිසා ඔබ ලියකියවිලි භාර දුන් දවසේ සිට මාසයක් පමණ ගත වන විට අනුපිටපත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට භාර දෙන සියලුම ලිපි ලේඛන වල photocopies ඔබ ළඟ තබා ගන්නත් අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!