වර්තමානයේ වාහනයක Number Plate එකක් ලබා ගන්නේ කොහොමද?

time
මිනිත්තු 3 කියවීම
feature image

වර්තමානයේ ලංකාවේ අලුත් වාහනයක් සඳහා අංක තහඩුවක් (number plate) ලබා ගැනීමේ මූලික ක්‍රියාවලිය මෙසේ දැක්විය හැකිය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (Department of Motor Traffic - DMT) මගින් තමයි මෙම කටයුතු සිදු කරන්නේ.

මෙම ආයතනයේ ලිපිනය වෙන්නෙ 341, ජාතික මට්ටමේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ගාලු පාර, නාරාහේන්පිට, කොළඹ 05.

යතුරුපැදි ලියාපදිංචි කරනවනන් දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලවලින් ලබාගන්නත් පුලුවන්. ඔබට කොළඹට යන්නෙ නැතුව ඔබේ දිස්ත්‍රික්කයෙන් යතුරුපැදියක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය නම්, පහත සඳහන් දිස්ත්‍රික් කාර්යාල භාවිතා කරන්න පුළුවන් — ගම්පහ, කුරුණෑගල, ගාල්ල, මහනුවර, අනුරාධපුරය, හම්බන්තොට, යාපනය තමයි ඒ දිස්ත්‍රික්ක වෙන්නෙ.

අයදුම්පත් ලබා ගැනීමේ ක්‍රියාවලිය

මූලික ක්‍රියාවලිය වන්නේ M.T.A. 2 අයදුම්පත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් (යතුරුපැදි සඳහා පමණක් නොමිලයේ ලබා ගත හැකිය) අයදුම්පත ලබා ගැනීමයි. මෙම අයදුම්පත ඉංග්‍රීසියෙන් සම්පූර්ණ කරන්න ඕනේ.

අවශ්‍ය ලේඛන

  • වාහන හිමිකරුගේ ඡායාරූප 2ක් (ප්‍රමාණය 3.5cm x 2.5cm) — ග්‍රාම නිලධාරී හෝ ආනයනකරු විසින් පිටුපස සහතික කළ යුතුය.
  • හිමිකරුගේ ජාතික හැඳුනුම්පතේ / රියදුරු බලපත්‍රයේ / වලංගු ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් (ලිපිනය සඳහා ග්‍රාම නිලධාරී සහතිකයක් සහිතව).
  • රේගු නිෂ්කාශන ලේඛන (Custom Clearance Documents).
  • රේගු බදු ගෙවූ මුදල් රිසිට්පත්වල මුල් පිටපත් (Original Payment Receipts of Custom Duty).
  • නව වාහනයක් නම් ඉන්වොයිසිය (Invoice).
  • පාවිච්චි කළ වාහනයක් නම් විදේශ ලියාපදිංචි සහතිකය (Foreign Registration Certificate) සහ ඉංග්‍රීසි පරිවර්තනයක්.
  • මෝටර් රථ පරීක්ෂක සහතිකය (Certificate of Inspection - C.M.T 75).
  • අනෙකුත් අදාළ ලේඛන (උදා: ආනයන බලපත්‍රය, MTA 3 ආකෘති පත්‍රය).

අයදුම්පත් ඉදිරිපත් කිරීම

සම්පූර්ණ කරන ලද අයදුම්පත සහ ලේඛන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ලියාපදිංචි අංශයේ කොමසාරිස් වෙත ඉදිරිපත් කරන්න. පසුව ලියාපදිංචි ගාස්තුව බැංකුවට ගෙවා වවුචරය ලබාගෙන එය අදාළ කවුන්ටරය වෙත ඉදිරිපත් කරන්න.

ලියාපදිංචි ගාස්තු

මෙම ගාස්තු, 2022 නොවැම්බර් 18 සිට ක්‍රියාත්මක වන මෝටර් රථ ප්‍රවාහන (ගාස්තු) රෙගුලාසි අංක 04, 2022 මත පදනම්ව අය කරනු ලැබේ. ගාස්තු වාහන වර්ගය, එන්ජිමේ ධාරිතාව සහ ඉන්ධන වර්ගය අනුව වෙනස් වේ. ගෙවීම් කිරීමට පෙර දෙපාර්තමේන්තුවෙන් විමසීම යෝග්‍ය වේ.

ලියාපදිංචි වීමට පෙර ඔබේ වාහනය සුඛෝපභෝගී බදු (Luxury Tax) හෝ අර්ධ-සුඛෝපභෝගී බදු (Semi-Luxury Tax) යටතේ පවතී නම්, එම බදු අමතරව ගෙවිය යුතුය.

අංක තහඩු ගාස්තු

  • සාමාන්‍ය අංක තහඩු ගාස්තුව: රු. 500.00 – රු. 1,000.00 අතර (වාහන වර්ගය අනුව).
  • යතුරුපැදි සඳහා රු. 500.00 / කාර් සඳහා රු. 1,000.00.
  • විශේෂිත අංකයක් අවශ්‍ය නම් අමතර ගාස්තුව රු. 7,500.00ක්.

සියලු ගාස්තු බැංකුවක් හරහා ගෙවිය යුතු අතර, වවුචරය අයදුම්පත් සමඟ ඉදිරිපත් කරන්න. දෙපාර්තමේන්තුව තුළ පිහිටි බැංකු ශාඛා හරහාද ගෙවීම් කළ හැක.

මෙම ගාස්තු රේගු බදු (Customs Duty) සහ වරාය ගාස්තු (Port Charges) වලින් වෙනස් බව සලකන්න. මෙම ගාස්තු අය කරන්නේ ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා පමණි.

අවසාන ලියාපදිංචි කිරීම

ලේඛන පරීක්ෂා කිරීමෙන් පසු, දෙපාර්තමේන්තුව විසින් Vehicle Identification Card, අංක තහඩුව සහ ලියාපදිංචි සහතිකය නිකුත් කරනු ඇත.

වර්තමාන තත්ත්වය

නව ආරක්ෂක ලක්ෂණ සහිත අංක තහඩු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන්, නව වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදයක් පවතින බව වාර්තා වේ. එබැවින් අයදුම්පත් ඉදිරිපත් කිරීමට පෙර දෙපාර්තමේන්තුවෙන් විමසීම වැදගත් වේ.

ප්‍රමුඛතා සේවය (Priority / One-Day Service)

ඔබට One Day Service අවශ්‍ය නම්, කොළඹ ප්‍රධාන කාර්යාලයේදී අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් එක් දිනක් තුළ වාහන හැඳුනුම් කාඩ්පත සහ ලියාපදිංචි සහතිකය (අංක තහඩුව හැර) ලබා ගත හැක. (ගාස්තු වෙනස් විය හැක).

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!