Leasing ගෙවාගත නොහැකි වාහන භාර දියයුතු ආකාරය

time
මිනිත්තු 2 කියවීම
feature image

Leasing ගෙවනවා කියන එක මේ දවස් වල තියෙන ආර්ථීකයත් එක්ක ටිකක් අමාරු වැඩක්. මේ හේතුව නිසා ගොඩක් අයගේ leasing ඇරියස් වෙලා තියෙනවා. හැමතැනම දැන් සීස් කරන්න වාහන පස්සෙන් පවා එළවනවා. කෙටියෙන්ම කිව්වොත් leasing වල තියෙන අමාරුම කාලය තමයි මේ ගෙවෙන්නේ. මේ හේතූන් නිසා MotorGuide අපි හිතුවා leasing ගෙවාගත නොහැකි වාහන නැවත භාර දියයුතු ආකාරය ගැන ඔබව දැනුවත් කරන්න.

වාහනය බාර දෙන්න කාලයක්

වාහනයක leasing ඇරියස් වුණාම මුලින්ම හිතට එන දේ තමයි වාහනය සීස් කරයිද කියන එක. වාහනය සීස් කිරීමත් එක්ක එහි නීතිමය පැත්ත මොන වගේ වෙයිද කියන එක ජනතාව තුළ තියෙන්නෙත් බියක්. හැබැයි ඒ වගේම තමයි වාහනය නැවත බාර දෙන්න කියලා leasing company එකෙන් කාල සිමාවකුත් ලබා දෙනවා.

Agreement එකට වැඩ

විශේෂම දේ තමයි වාහනයක් leasing කරලා ගන්නවා කියන්නේ අපි හරියට වාහනයක් කුලියට ගන්නවා වගේ වැඩක්. එතකොට වාහනය leasing කරලා ගද්දි අපිට company එකත් එක්ක agreement එකක් තියෙනවා. අපි ඒ agreement එකට එකඟ වුණාට පස්සේ ඒ අනුව කොන්දේසි අනුගමනය කරගෙන යන්න ඕනේ. එම කොන්දේසි වලට එකඟව වැඩ කරන්න බැරි නම් අපේ වාහනය නැවත leasing company එකට බාර දෙන්න පුලුවන්.

ඉවරයි කියලා හිතුවට ඉවර නැහැ

වාහනය බාර දුන්නට පස්සේ ගොඩක් අය හිතන්නේ leasing ප්‍රශ්නය ඉවරයි කියලා. නමුත් මේ සිතුවිල්ල සම්පූර්ණයෙන්ම වැරදියි. මොකද වාහනය බාර දුන්නා කියලා leasing company එකත් එක්ක තියෙන ගණුදෙනුව ඉවර වෙන්නේ නැහැ. වාහනය ආයතනයට බාර දීලා ටික කාලයක් යනකොට ඉතුරු ගෙවීම් කරන්න නැතිනම් නඩු දානවා කියලා නිවසට ලියුම් එන්න පුලුවන්.

නඩු දාන්න කලින්

වාහනයක් leasing කරලා ගද්දි leasing company එකෙන් වාහනය මිලදී ගැනීමට අදාළව මුදලක් දෙනවා. එම මුදල යම් යම් කාලසිමාවක් තුළ ගෙවන්න අපි agreement එක හරහා බැඳිලා ඉන්නවා. විශේෂම දේ තමයි වාහනය බාර දුන්නා කියලා ගිවිසුම අහෝසි වෙන්නේ නැහැ. ඒ නිසා leasing company එකෙන් වාහනය පසුව විකිණුවත් ඔවුන්ට අය විය යුතු මුදල් අය කර ගැනීමට නොහැකි වුණොත් තම ආයතනයට වෙන අලාභය අය කර ගැනීමට නඩු පවරන්න හැකියාව තියෙනවා. වාහනය බාර දුන් පමණින් leasing එකේ සම්පූර්ණ වගකීම අවසන් නොවන බව මතක තබාගන්න ඕනේ.

ඉතින් මේ විදියට තමයි leasing ගෙවාගත නොහැකි වාහනයක් නැවත ආයතනය වෙත බාර දෙන්නේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!