ගන්න හදන වාහනේ පොත හොර එකක්ද කියලා අඳුරන්නේ මෙහෙමයි

time
මිනිත්තු 3 කියවීම
feature image

ශ්‍රී ලංකාවට වාහන ආනයනය තවමත් සීමා සහිතව තමයි සිදු වෙන්නේ. ඒ නිසාම brand new vehicles වල මිලත් පෙරට වඩා තරමක් වැඩි වෙලා තියෙනවා. මේ හේතුවෙන් ගොඩක් අය used vehicle ගන්න පෙළඹෙනවා. ඉතින් මේ විදියට used vehicle එකක් ගන්නකොට අපි සළකා බලන්න ඕනේ වැදගත් කාරණා කීපයක්ම තියෙනවා.

අද MotorGuide අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔයා ගන්න හදන වාහනයේ පොත එහෙමත් නැත්නම් ලියාපදිංචි සහතිකය හොර එකක්ද කියලා අඳුරගන්න විදිහ ගැන.

යන්න කලින් පරීක්ෂා කරන්න

වාහනයක් බලන්න යන්න කලින් ඔයාට පුලුවන් නම්, යාලුවෙක්ගෙන් එහෙමත් නැත්නම් ගෙදර තියෙන වෙනත් වාහනයක ලියාපදිංචි සහතිකයක් හොඳින් පරීක්ෂා කරලා යන්න. මොකද එතකොට ඔයාට පුලුවන් මූලිකවම, පිටතින් බැලුවම ලියාපදිංචි සහතිකය ව්‍යාජ එකක්ද කියලා හඳුනා ගන්න.

විශේෂයෙන්ම ලියාපදිංචි සහතිකය මුද්‍රණය කර ඇති කොළය, එහි ඇති watermarks, stickers සහ අකුරු වල හැඩය ගැන හොඳ අවධානයක් දෙන්න ඕනේ. එතකොට වාහනයේ ලියාපදිංචි සහතිකය අතට ගත්ත ගමන් හොඳ අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

පොත අතට ගත්තට පස්සේ

වාහනයක ලියාපදිංචි සහතිකය අතට ගත්තට පස්සේ අපිට බලාගන්න පුලුවන්, වාහනයේ ලියාපදිංචි අංකය, අයිතිකරුගේ නම, හිටපු අයිතිකරුවන් ගණන, එන්ජින් අංකය, චැසි අංකය වගේ දේවල්. හැබැයි මේ තියෙන දේවල් සත්‍යද කියලා අපි තහවුරු කරගන්න ඕනේ. මුලින්ම බලන්න, ලියාපදිංචි සහතිකය විකිණීමට තියෙන වාහනයේ ලියාපදිංචි සහතිකයමද කියලා. ඒක ඕනම කෙනෙක්ට බැලූ බැල්මටම තීරණය කරන්න පුලුවන් දෙයක්.

චැසි අංකය පරික්ෂා කරන්න

ඊළඟට ඔයා කරන්න ඕනේ දෙයක් තමයි වාහනයේ චැසි අංකය සහ ලියාපදිංචි සහතිකයේ චැසි අංකය පරික්ෂා කරලා බලන එක. සාමාන්‍යයෙන් වාහනයක තැන් දෙකක අපිට චැසි අංකය කොටලා තියෙනවා බලාගන්න පුලුවන්. මෙතනින් විශේෂම දේ තමයි චැසියේ කොටලා තියෙන අංකය. ඉතින් මේ චැසියේ කොටලා තියෙන චැසි අංකය වාහනයේ ලියාපදිංචි සහතිකයේ ඇති චැසි අංකයත් සමඟ සමාන වෙනවාද කියලා පරීක්ෂා කර බැලීම අත්‍යාවශ්‍ය වෙනවා.

ඒ වගේම තමයි එක සමාන ඉලක්කම් සහ අකුරු වැරදි (0, O වැනි) ඇත්නම් ඒවත් වාහනය මිලදී ගැනීමට පෙර නිවැරදි කර ගැනීමට කටයුතු කරන්න ඕනේ.

විකුණන්නේ කවුද?

ඔයා බලන්න ඕනේ තව දෙයක් තමයි වාහනය විකුණන පුද්ගලයා කවුද කියන එක. වාහනය විකුණන්නේ අයිතිකරු විසින්ද, එසේත් නොමැති නම් වෙනත් පාර්ශවයක් විසින්ද යන්න අනිවාර්යයෙන් සොයා බලන්න ඕනේ.

වාහනය විකුණන්නේ අයිතිකරු විසින් නම් කිසිම ප්‍රශ්නයක් නොමැතිව අයිතිකරු හරහා ඔබේ නමට වාහනය පැවරූ බවට ලිඛිත සාක්ෂියක් ලබා ගන්න පුලුවන්. නමුත් තුන් වෙනි පාර්ශවයක් විසින් වාහනය විකුණනවා නම් වාහනයේ අයිතිකරු විසින් තුන්වෙනි පාර්ශවයට පවරන ලද ලිඛිත සාක්ෂිය අවශ්‍ය වෙනවා. මේ ලියකියවිලි නොමැති නම් නීත්‍යානුකූලව වාහනයේ ලියාපදිංචි සහතිකය ඔබේ නමට ලබා ගන්න වෙන්නේ නැහැ.

පොත Duplicate ද?

වාහනයක් මිලදී ගැනීමේදී ඔයා බලන්නම ඕනේ දෙයක් තමයි වාහනයේ පොත එහෙමත් නැත්නම් ලියාපදිංචි සහතිකය duplicate එකක්ද කියන එක. Duplicate පොතක් කියන්නේ වාහනයේ පළවෙනි ලියාපදිංචි සහතිකය නැති වූ විට ලබා දෙන දෙවන ලියාපදිංචි සහතිකයයි. ලියාපදිංචි සහතිකයේ විශේෂ සටහන් මඟින් ඔයාට මේ පිළිබඳව බලාගන්න පුලුවන්.

මෙහි තිබෙන විශේෂත්වය තමයි duplicate පොතක් තියෙනවා නම්, එක දවසින් වාහනය ඔබේ නමට පවරා ගත නොහැකි වීම. ඒ වගේම තමයි සමහර අවස්ථා වලදී duplicate පොතක් තියෙනවා නම් ලීසිං සමාගම් වලින් ලීසිං පහසුකම් ලබා ගැනීමේ හැකියාවත් නැති වෙනවා.

එන්ජින් අංකය බලන්න

චැසි අංකය වගේම අපි බලන්න ඕනේ තවත් වැදගත් දෙයක් තමයි වාහනයේ එන්ජින් අංකය කියන්නේ. අපි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ පොතේ තියෙන එන්ජින් අංකයම වාහනයේත් කොටලා තියෙනවද කියලා. මේක ටිකක් අමාරු වැඩක් වුණත් ඔයා ගන්න ඉන්න වාහනයේ පොත ව්‍යාජ එකක්ද, නැද්ද කියලා දැන ගන්න නම් අනිවාර්යයෙන්ම එන්ජින් අංකය පරීක්ෂා කරලා බලන්නම වෙනවා.

ඒ වගේම තමයි වාහනයේ පොත නිල් එළිය සහිත scanner එකකින් පරීක්ෂා කරගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. මොකද එතකොට ලියාපදිංචි සහතිකය original එකක්ද කියලා හරියටම තහවුරු කරගන්න පුලුවන්.

ඉතින් මේ විදියට තමයි ගන්න හදන වාහනේ පොත හොර එකක්ද කියලා අඳුරගන්නේ. අද MotorGuide අපි කිව්ව විදියට වාහනයේ ලියාපදිංචි සහතිකය පරීක්ෂා කරලා බැලුවොත් ඔයාට රැවටෙන්නේ නැතුව වාහනයක් මිලට ගන්න පුලුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!