අයිතිකරු මිය ගිය පසු උරුමකරුවන්ට වාහනය පවරන්නේ කොහොමද?

time
මිනිත්තු 3 කියවීම
feature image

ජීවිතය කියන්නේ ස්ථිර දෙයක් නෙවෙයි. මරණය කියන්නේ අපි හැමෝටම උරුම දෙයක්. සමහර අවස්ථා වලදී පුද්ගලයෙක් මිය ගියාට පස්සේ එම පුද්ගලයාගේ දේපළ සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න, ගැටුම් ඇති වෙනවා. ඉතින් MotorGuide අපි ඔබට කියන්න හදන්නේ අයිතිකරු මිය ගිය පසු උරුමකරුවන්ට වාහනය පවරන්නේ කොහොමද කියලා.

හරියටම උරුමකාරයෙක් හඳුනා ගමු

මිය ගියේ විවාහක අයෙක් නම් අනිවාර්යයෙන්ම විවාහක පුද්ගලයාගේ කලත්‍රයා (විවාහක සහකරු හෝ සහකාරිය) උරුමකරු ලෙස සඳහන් කරන්න පුලුවන්. නමුත් සමහර අවස්ථාවලදී කලත්‍රයා තමන්ගේ වැඩිමහල් දරුවෙකුට හිමිකම පැවරීමට අපේක්ෂා කරනවා. එහිදී කිසිම ගැටළුවක් නැතිව කලත්‍රයාගේ අවසරය මත වයස අවුරුදු 18ට වැඩි දරුවෙකුට වාහනයේ අයිතිය පවරා දෙන්න පුලුවන්.

එසේම අයිතිකරු සහ කලත්‍රයා යන දෙදෙනාම මිය ගිය විට වයස අවුරුදු 18ට වැඩි දරුවෙකුට වාහනයේ හිමිකම පවරා ගන්න හැකියාව තියෙනවා. නමුත් දරුවන් වයස අවුරුදු 18ට අඩු නම් මිය ගිය අයගේ දෙමව්පියන් විසින් වාහනේ අයිතිය පවරා ගැනීම සිදු කළ යුතුයි. මිය ගිය අයගේ දෙමව්පියන් ජීවතුන් අතර නැත්නම්, සහෝදරයෙක් හෝ සහෝදරියක් ඉදිපත් වී වාහනයේ හිමිකම ලබා ගැනීම සිදු කළ යුතුයි. ඉතින් මේ විදියට තමයි විවාහක පුද්ගලයෙක් මිය ගිය විට වාහනයේ අයිතිය පැවරීම සිදු වන්නේ.

මිය ගියේ අවිවාහක පුද්ගලයෙක් නම් අනිවාර්යයෙන්ම එම පුද්ගලයාගේ දෙමව්පියන්ට තමයි වාහනයේ උරුමකාරීත්වය හිමි වෙන්නේ. එම නිසා මිය ගිය පුද්ගලයාගේ මව හෝ පියා විසින් වාහනයේ අයිතිය පවරා ගැනීම සිදු කරගත යුතුයි.

නමුත් අදාළ පුද්ගලයා මිය යන අවස්ථාවේදී එම පුද්ගලයාගේ දෙමව්පියන් ජීවතුන් අතර නොමැති නම්, එම පුද්ගලයාගේ සහෝදරයෙකුට හෝ සහෝදරියකට වාහනයේ අයිතිය පවරා ගැනීමේ හැකියාව තියෙනවා. මේ ආකාරයට තමයි උරුමකරුවන් නිසි පරිදි හඳුනා ගන්නේ.

පැවරීමකට අදාළ ලිපි ලේඛන

  • මිය ගිය පුද්ගලයාගේ මරණ සහතිකය
  • වාහනයේ ලියාපදිංචි සහතිකය
  • මිය ගිය දිනට වලංගු වාහනයේ ආදායම් බලපත්‍රය
  • මිය ගිය පුද්ගලයාට දරුවන් සිටී නම් ඔවුන්ගේ උප්පැන්න සහතික වල ඡායා පිටපත්
  • මිය ගිය පුද්ගලයා විවාහක නම් විවාහ සහතිකයේ ඡායා පිටපතක්
  • MTA 7 හා MTA 5 යන ලේඛන දෙක
  • පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පතේ හෝ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපත්
  • පැවරුම්ලාභියාගේ සහතික කළ ඡායාරූප දෙකක්
  • බූදල් නඩුවකට අවතීර්ණ නොවේ නම් කලත්‍රයා විසින් වාහනයේ අයිතිය ඉල්ලීම සඳහා ලියූ ලිපියක් (මෙය ග්‍රාමසේවක විසින් සහතික කළ යුතු අතර ප්‍රාදේශීය ලේඛම්වරයා විසින් අනු අත්සන් කළ යුතුය)
  • වයස අවුරුදු 18ට වැඩි දරුවන් සිටී නම් කලත්‍රයාට වාහනයේ පැවරුම ලබා දීමට කැමති බව සඳහන් කළ ලිපි (මෙය ග්‍රාමසේවක විසින් සහතික කළ යුතු අතර ප්‍රාදේශීය ලේඛම්වරයා විසින් අනු අත්සන් කළ යුතුය)
  • බූදල් නඩුවකට අවතීර්ණ වුවහොත් අධිකරණයේ අවසන් නියෝගය

කොහෙටද යන්න ඕනේ?

වාහනයක් සාමාන්‍ය පැවරීමේදී ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයකට, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයකට හෝ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට අදාළ ලිපි ලේඛන භාර දෙන්න පුලුවන්.

නමුත් අයිතිකරු මිය ගිය පසු උරුමකරුවන්ට වාහනය පැවරීමේදී නම් ඔබ අනිවාර්යයෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට හෝ ගම්පහ, කුරුණෑගල, අනුරාධපුරය, යාපනය හෝ හම්බන්තොට පිහිටි නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් රාජකාරි කරන දිස්ත්‍රික් කාර්යාලයකට මරණින් මතු පැවරීමට අවශ්‍ය ලිපි ලේඛන භාර දෙන්න පුලුවන්. විශේෂම කාරණය තමයි මරණින් මතු පැවරීමක් එක් දින සේවයට භාර ගැනීමක් සිදු වන්නේ නැහැ. ඉතින් එම නිසා සාමාන්‍ය සේවයට භාර දී මාසයක් පමණ ගිය පසු වාහනයේ පැවරුම් ලේඛන ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

ඉතින් මේ විදියට තමයි අයිතිකරු මිය ගිය පසු උරුමකරුවන්ට වාහනය පවරන්නේ. MotorGuide අපි කිව්ව විදියට හරියටම ලිපි ලේඛන සූදානම් කරගත්තොත් රස්තියාදු වීමකින් තොරව ලේසියෙන්ම ඔබේ වැඩ කටයුතු කරගන්න පුලුවන් වෙනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!