Speed Draft Leasing ක්‍රමය හොඳද නරකද?

time
මිනිත්තු 3 කියවීම
feature image

ඔබත් ලීස් එකක් එහෙම දාලා වාහන අරන් ඇති නේද? නැත්නම් ලීස් දාලා වාහන ගත්තු දන්න කියන අය හරි ඇතිනේ. ලීස් ගැන කියද්දී, speed draft එක කොහොමද අමතක කරන්නේ. එක එක අය කියන්නේ එක එක කතා. සමහර අය කියනවා speed draft එක හොඳ ලීසිං ක්‍රමයක් කියලා. හැබැයි තවත් සමහර අය කියනවා speed draft ලීසිං වලට අහු වෙන්න එපා කියලා. එතකොට කවුද ඇත්ත කියන්නේ? මේ ප්‍රශ්නේ ඔබටත් තියෙන නිසාම තමයි, MotorGuide අපි හිතුවේ Speed Draft Leasing ක්‍රමය හොඳද නරකද කියලා අද ඔබට එක උත්තරයක් දෙන්න.

Speed draft leasing කියන්නේ මොකක්ද?

Normal ලීසිං ක්‍රමයට වඩා හාත්පසින්ම වෙනස් ලීසිං ක්‍රමයක් තමයි, speed draft කියන්නේ. හැබැයි සාමාන්‍ය විදියෙම ණය මුදලක්. මේ ලීසිං ක්‍රමයේ වාසි වගේම යම් යම් අවාසිත් තියෙනවා. ඒ අනුව speed draft ලීස් එකක් හොඳද, නරකද කියන දේ depend වෙනවා.

Speed draft leasing ක්‍රමයේ අවාසිය මොකක්ද?

හිතන්නකො, ඔබ speed draft ක්‍රමයට වාහනයක් ලීස් කළා කියලා. දැන් මෙතනදි ඔබ ලීස් එක දාන්න ලීසිං company එකක් තෝරාගන්නවා. ඒ company එක ඔබට ලබා දෙන ණය වාරිකයට අදාළව මාසයට පොළියක් අය කරනවනෙ. මෙතනදි ඔබ ගෙවන්න ඕනේ ඒ පොළිය විතරයි. හැබැයි ඔබේ ණය මුදලෙන් සත පහක්වත් අඩු වෙන්නේ නැහැ. අදාළ මාසික පොළියට අමතරව ඔබ තවත් ගාණක් ලීසිං company එකට ගෙවනවා නම්, එතකොට ණය මුදලෙන් ඒ ගෙවන ගාණ අඩු වෙනවා. ඒ විදිහට ගෙවන්නේ නැතුව හැම මාසෙම පොළිය විතරක් ගෙව්වොත් ඔබට වෙන්නේ හැම මාසෙම පොළී ගෙව ගෙව ඉන්න. මොකද ඔබේ ණය මුදල එහෙම්ම තියෙන නිසා.

Speed draft leasing ක්‍රමයේ වාසිය මොකක්ද?

ඔබ normal ලීස් එකක් දැම්මොත් ඒක fixed එකක්. හිතන්නකෝ ඔබ normal ලීස් එකක් දානවා. ඊට පස්සේ සතියකින් විතර ලීසිං company එකට ගිහින් මුදල් සේරම ගෙවලා ලීස් එක close කරන්න ඕන කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඔබ එහෙම ඇහුවා කියලා හිතන්න. ඒත් ඔබට එහෙම කරන්න ලැබෙන්නේ නැහැ. මොකද මේක fixed එකක්. ඒක දැම්මට පස්සේ වෙනස් කරන්න බැහැ. අද ලීස් එක දාලා හෙට ගෙවන්න හැදුවත් ඒ නියමිත මුදල නියමිත කාලය්දී තමයි ගෙවන්න ඕනේ.

හැබැයි speed draft එකේදී වෙන්නේ මීට වඩා වෙනස් දෙයක්. එතනදි ඔවුන් ගන්නේ මාසික පොළිය විතරයි. අපි කලින් කියපු විදිහට normal ලීස් එකේදී ඔබ කරන්න ගිය දේ speed draft එකේදී කළා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ, ඔබ speed draft ක්‍රමයට ලීස් එක දාලා, සතියකින් විතර ලීස් එක ගෙවලා ඉවර කරන්න හදනවා කියලා හිතන්න. එතනදි ලීසිං company එක ගන්නේ, මාසික පොළිය සහ ණය මුදල විතරයි. මේක තමයි මේ speed draft කියන ලීසිං ක්‍රමයේ තියෙන වාසිය.

හැබැයි ඉතින් මේ කියපු කාරණාත් එක්ක බලනකොට, speed draft ලීසිං ක්‍රමය හොඳටම set වෙන්නේ නිතර නිතර අතේ සල්ලි ගැවසෙන අයට විතරයි. මොකද එතකොට පුළුවන් එක පාර ලීස් එක ගෙවලා ඉවර කරලා ඒක close කරන්න.

Normal ලීසිං පහසුකමක් ලබා ගන්නවට වඩා නම් ගොඩක් ඉක්මණින් සහ ලේසියෙන් මේ මූල්‍ය පහසුකම ලබා ගන්න පුළුවන්. තේරුම් ගන්නත් හරිම පහසුයි.

Speed draft ක්‍රමයට වාහනයක් ලීස් කළාට කමක් නැද්ද?

මේ ක්‍රමයට වාහනයක් ලීස් කරන්න යනකොට ඔබ මුලින්ම බලන්න ඕන දේ තමයි, ඔබ ගන්න ලීස් එක ඉක්මණින් ගෙවලා ඉවර කරන්න පුළුවන්ද කියන එක. එහෙම පුළුවන්කමක් තියෙනවා නම් විතරක් speed draft එකක් දාන්න. එහෙම නැති වුණොත් නම් ඒක ඔබට ලොකු පාඩුවක් වෙනවා. මොකද ඔබට ගෙවන්න පුළුවන් වෙන්නේ මාසික පොළිය විතරයිනේ. එතකොට ණය මුදල සතයක්වත් අඩු නොවී පොළීම ගෙවන්න වෙනවා.

ඔබ වාහනය ගන්නේ business වැඩකට නම්, නැත්නම් අතේ සල්ලි තියෙනවා නම් ඔබට match වෙන්නේ speed draft ලීසිං ක්‍රමය තමයි. හැබැයි ඔබ වාහනය ගන්නේ ගෙදර පාවිච්චියට නම්, නැත්නම් ගෙවාගන්න අමාරුයි වගේ හිතෙනවා නම් speed draft එකක් දාන එක නම් නුවණට හුරු දෙයක් නෙවෙයි.

මේ තමයි speed draft ලීසිං ක්‍රමයේ හරිම විස්තරේ. ලීස් එක දාන්න කලින් දෙතුන් පාරක් හිතලා බලන්න, ඔබට මේ ලීස් එක set ද නැත්ද කියලා. මොකද කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව, හොයන්නේ බලන්නේ නැතුව මේ ලීස් එක දාලා ගෙවා ගන්න බැරි වුණොත් අනාත වෙන්නෙත් ඔබමයි. ඒ නිසා, speed draft ක්‍රමයට වාහනයක් ලීස් කළාට කමක් නැහැ, හැබැයි හොඳට හිතලා මතලා, හොයලා බලලා ලීස් එක දාන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!