ඔබේ වාහනයේ engine number එක වෙනස් ද?

time
මිනිත්තු 3 කියවීම
feature image

ශ්‍රී ලංකාවේ දැනට ධාවනය වෙන වාහන බොහොමයක එන්ජින් අංකය පිළිබඳව ගැටළු තියෙනවා. හැබැයි ඔබේ වාහනයේ එන්ජින් අංකයේ නිරවුල්භාවය ගැන වගකීම තියෙන්නේ ඔබටමයි. වාහනයේ එන්ජින් එක ගෙවීමට ලක් වුණාම අලුත් එන්ජින් එකක් තියෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ගොඩක් අය කරන්නේ අලුත් එන්ජින් එකක් තියලා ඒක නිත්‍යානුකූලව register කරන්නේ නැහැ. ඒ වෙනුවට පොතේ තියෙන එන්ජින් අංකය අලුතෙන් තියපු එන්ජින් එකේ කොටනවා. මොකද එයාලා හිතන්නේ අංකය කෙටුවම ප්‍රශ්නය ඉවරයි කියලා. හැබැයි කිසිම දවසක එහෙම කරන්න හොඳ නැහැ. මොකද එහෙම කළොත් ඉදිරියේදී ඔබට ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අද MotorGuide අපි ඔබට කියන්නේ වාහනයේ එන්ජින් අංකය වෙනස් වුණොත් මුහුණ දෙන්න වෙන ගැටළු මොනවද කියලා.

Engine අංකය වෙනස් වුණොත් සිදු වෙන අවාසි

අනවසරෙන් එන්ජින් එකක් තැබීම සහ එන්ජින් අංකය කෙටිම නීති විරෝධීයි. මේවා වැටෙන්නේ නීති විරෝධී එකලස් කිරීමේ ගණයට. ඉතින් ඒ නිසා මේ විදියට එකලස් කරපු වාහන වලට මූල්‍ය පහසුකම් ලබා ගන්නත් බැහැ. මොකද මූල්‍ය පහසුකමක් ලබා ගන්න නම් තක්සේරු වාර්තාවක් ඕනේ වෙනවා. තක්සේරු වාර්තාවක් නිකුත් කරනකොට තක්සේරු ආයතනය විසින් එන්ජින් අංකය locally stamp කියලා විශේෂයෙන් සඳහන් කරනවා. එතකොට මූල්‍ය සමාගම් ණය පහසුකම් ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම එන්ජින් අංකය වෙනස් වීම නිසා රක්ෂණ වන්දි ලබා ගැනීමේදී ගැටළු මතු වෙන්න පුලුවන්. අනික තමයි වාහනේ විකුණන්න යන අවස්ථාවේදී මේ වාහනය ගන්න යන පාර්ශ්වය එන්ජින් අංකය කියවන්න දන්නවා නම් මේ වාහනය ගන්නේ නැහැ.

මුද්‍රණ දෝෂ

සමහර වාහන වල එන්ජින් එකේ තියෙන අංකයට වඩා ලියාපදිංචි සහතිකයේ තියෙන අංකයේ එක් ඉලක්කමක හෝ අකුරක වගේ සුලු වෙනස්කම් තියෙන්න පුලුවන්. උදාහරණ විදියට 1 ඉලක්කමට I අකුර, බින්දුවට O අකුර වගේ වැරදි හඳුන්වන්න පුලුවන්. මේ විදියට වෙනස්කම් සිදු වෙන්නේ මුද්‍රණ දෝෂ නිසා. ඉතින් එවැනි දෝෂ ඔබට RMV එක හරහා නිවැරදි කර ගැනීමේ හැකියාව තියෙනවා.

දෙපාර්තමේන්තු දෝෂ

2002 සිට 2005 දක්වා ලියාපදිංචි කරපු වාහන වලත් එන්ජින් අංකයේ ප්‍රශ්නයක් තියෙනවා. මේ කාලයේ දෙපාර්තමේන්තුව මඟින් එන්ජින් අංකයේ මුල් සංකේතය විතරයි ලියාපදිංචි සහතිකයේ සඳහන් කළේ. මේ කාලේ ආව H සහ J numbers වගේම බඩී වෑන් වල මේ ප්‍රශ්නේ අපිට නිතරම දැකගන්න පුලුවන්. මේකට හේතුව තමයි ඒ කාලේ එන්ජින් එක සැලකුවේ තවත් එක අමතර කොටසක් විදිහට. ඒ නිසා තමයි එන්ජින් අංකයේ මුල් සංකේතය විතරක් පොතේ මුද්‍රණය කරලා තියෙන්න හේතුව. මේ දෝෂයත් RMV එක හරහා ඔබට නිවැරදි කරගන්න පුලුවන්.

අලුත් engine එකක් තිබ්බොත්,

සමහර වාහන වල ලියාපදිංචි සහතිකයේ තියෙන එන්ජින් අංකය වාහනයේ එන්ජින් අංකයට සම්පූර්ණයෙන්ම වෙනස්. ඔබේ වාහනයට අලුත් එන්ජින් එකක් තියලා නම් වාහනයේ තියෙන එන්ජින් අංකයයි, පොතේ තියෙන එන්ජින් අංකයයි වෙනස් වෙන්න පුලුවන්. ඒකත් RMV එක හරහා ඔබට නිවැරදි කරගන්න පුලුවන්. නමුත් ඔබ එන්ජින් අංකය නීති විරෝධී විදියට නම් කොටලා තියෙනවා නම් ඒ වරද නිවැරදි කරගන්න බැහැ. මොකද මේ වරද අයත් වෙන්නේ නීති විරෝධී එකලස් කිරීම් කියන ගණයට.

දැක්කා නේද? එන්ජින් අංකය වෙනස් වුණොත් ඇති වෙන ප්‍රශ්න මොන වගේද කියලා. ඉතින් ඒ නිසා ඔබ අලුතෙන් එන්ජින් එකක් තියෙනවා නම් නිත්‍යානුකූලව තැබීමට වග බලාගන්න. ඒ වගේම වාහනය ගන්න කලින් එන්ජින් අංකයේ නිරවුල් භාවය ගැනත් හොඳට බලන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!