ලීසිං ක්‍රමයට වාහනයක් මිලදී ගැනීමේදී පවතින නීතිමය තත්වය

time
මිනිත්තු 4 කියවීම
feature image

ලීසිං ක්‍රමයට වාහනයක් ගන්න එක ගැන එක එක්කෙනා කියන්නේ එක එක කතා. මොකක්ද මේකෙ ඇත්තම කතාව? ලීසිං ක්‍රමයට වාහනයක් ගන්න එකත්, ලීසිං පහසුකමක් ලබා දෙන එකත් හිතෙන හිතෙන විදිහට කරන්න බැහැ. ඒ කියන්නේ, වාහනයක් ලීස් කරනකොට, ලීසිං පහසුකම ලබා ගන්න කෙනාට වගේම, ලීසිං පහසුකම ලබා දෙන සමාගමටත් අදාළ නීතිමය තත්වයක් තියෙනවා. ඉතින්, ලීසිං ක්‍රමයට වාහනයක් මිලදී ගැනීමේදී පවතින නීතිමය තත්වය ගැන, MotorGuide අපි, අද ඔබව දැනුවත් කරනවා.

කල්බදු මූල්‍යකරණ පනත කියන්නේ මොකක්ද?

වාහන ලීසිං නැත්නම්, කල්බදු සම්බන්ධයෙන් බල පවත්වන නීතිය ගැන කතා කරනකොට, කල්බදු මූල්‍යකරණ පනත ගැන කතා කරන්න ඕනේ. ලීසිං සම්බන්ධ නීතිමය තත්වයන් දක්වලා තියෙන පනත තමයි, මේ කල්බදු මූල්‍යකරණ පනත කියන්නේ. ලීසිං පහසුකම ලබා ගන්න පුද්ගලයා නැත්නම්, බදු ගැනුම්කරුට වගේම, ලීසිං පහසුකම ලබා දෙන මූල්‍ය ආයතනය නැත්නම්, බදු දීමනාකරුටත් අදාළ නීතිමය තත්වයන්, ඒ ඒ අයගේ යුතුකම්, වගකීම්, අයිතිවාසිකම් මොනවද කියලා කල්බදු මූල්‍යකරණ පනතට ඇතුළත් කරලා තියෙනවා.

බදු ගැනුම්කරුට පවතින නීතිමය තත්වය

තෝරාගන්න Leasing company එක මොකක්ද?
වාහනයක් ලීස් කරලා ගන්නකොට, මුලින්ම කරන්න ඕනේ, ලීසිං පහසුකම ලබා ගන්න අවශ්‍ය විශ්වාසවන්ත ලීසිං සමාගමක් තෝරාගන්න එක. ඉතින් ලීසිං සමාගම් වල විස්තර හොයලා බලලා, කැමති ලීසිං සමාගමක් තෝරාගන්න, බදු ගැනුම්කරුට අයිතිය තියෙනවා.

කැමති වාහනය මොකක්ද?

බදු ගැනුම්කරු කැමති වාහනය තමයි කල්බදු පදනම මත ලබා ගන්නේ. ඒ නිසා, ලීස් එක දාලා ගන්නේ මොන වාහනයද කියන එක තීරණය කරන්න ගැනුම්කරුට පුළුවන්. මේක කල්බදු මූල්‍යකරණ පනත යටතේ, බදු ගැනුම්කරුට ලැබෙන එක අයිතියක්.

ලීසිං සමාගම, කල්බදු ගිවිසුමේ කොන්දේසි වෙනස් කරනවද?
ලීසිං සමාගම් විසින් කල්බදු ගිවිසුමේ ඇතුළත් කොන්දේසි හිතෙන හිතෙන විදිහට වෙනස් කරනවා නම්, ඒකට විරුද්ධ වෙන්න බදු ගැනුම්කරුට පුළුවන්. සමහර විට, ඔබටත් එහෙම අවස්ථා වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා ඇති. ඉතින් මේකත් බදු ගැනුම්කරුට, කල්බදු මූල්‍යකරණ පනතෙන් ලබාදෙන අයිතියක්.

ලීසිං සමාගම් වලට පවතින නීතිමය තත්වය

ලීසිං සමාගමක් හිතුමතේට ආරම්භ කරන්න පුළුවන්ද?
Leasing company එකක් නැත්නම්, කල්බදු මූල්‍ය ආයතනයක් ඕන ඕන විදිහට ආරම්භ කරන්න බැහැ. කල්බදු මූල්‍යකරණ පනතේ දක්වලා තියෙන විදිහට සුදුසුකම් සපුරලා, නියමිත පරිදි අවසරයක් ලබාගෙන, පවත්වාගෙන යන ආයතනයක් වෙන්න ඕනේ. ඒ නිසා, ලීසිං සමාගමක් ආරම්භ කරනවා නම්, අනිවාර්යයෙන්ම මේ පනත යටතේ ලියාපදිංචි වෙලා තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම්, කල්බදු මූල්‍ය සේවාවන් සපයන්න පුළුවන් අයිතියක් තියෙන්න ඕනේ.

ලීස් කරපු වාහනය හරියට maintain කරනවද?

බදු ගැනුම්කරු විසින් වාහනය maintain කරනවද, හරියට භාවිතා කරනවද, වාහනය හොඳින් තියෙනවද කියන දේවල් ගැන හොයලා බලන්න, leasing company එකට පුළුවන්.

ලීසිං වාරික ගෙවීම පැහැර හරිනවද?

බදු ගැනුම්කරු විසින්, ගිවිසුමට අනුකූලව වාරික ගෙවීම පැහැර හැරියොත්, ලීසිං සමාගමට පුළුවන්, මේ ගිවිසුම අහෝසි කරලා, වාහනයේ සන්තකය තමන්ට ලබා ගන්න. හැබැයි මේක කරන්න පුළුවන්, වාරික හිඟ තිබුණොත් විතරයි.

වාහනයේ සන්තකය ලබා ගන්නේ කොහොමද?

යම් හේතුවක් මත බදු ගැනුම්කරුට වාරික ගෙවාගන්න බැරි වුණොත්, ලීසිං සමාගමට වාහනයේ සන්තකය ලබා ගන්න නීතිමය පියවර තියෙනවා. ඒ කියන්නේ, වාරික හිඟ වුණු පළියට බලෙන් වාහන උස්සන්න බැහැ.

බදු ගැනුම්කරු විසින් සැළකිය යුතු වාරික ප්‍රමාණයක් ගෙවීම පැහැර හැරලා නම්, ලීසිං සමාගම මුලින්ම කරන්න ඕනේ, වාරික ගෙවන්න ඕනේ කියලා දැන්වීමක් අදාළ පුද්ගලයාට යවන එක. එතනින් එහාටත් බදු ගැනුම්කරු වාරික ගෙවන්නේ නැත්නම්, බදු ගැනුම්කරු ගිවිසුමට අනුව වැඩ කළේ නැති නිසා, ගිවිසුම අහෝසි කළා කියලා දැනුම් දෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි වාහනයේ සන්තකය ලීසිං සමාගමට ලබා ගන්න පුළුවන් වෙන්නේ.

හැබැයි, බදු ගැනුම්කරු වාහනය, ලීසිං සමාගමට ලබා දෙන්න සූදානම් නැත්නම්, දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කරන්න, සමාගමට පුළුවන්. ඒ කියන්නේ, තමන්ට වාහනයේ සන්තකය ගන්න ඉඩ දෙන්න කියලා අතුරු නියෝගයක් ඉල්ලන්න පුළුවන්. මෙතනදි බදු ගැනුම්කරුට අධිකරණයට ඇවිත්, වාරික නොගෙවීමට හේතු දක්වන්න පුළුවන්. මේ හේතු වලින් අධිකරණය සෑහීමකට පත් වෙනවා නම්, අදාළ අතුරු නියෝගය අවලංගු කරනවා. ඊට පස්සේ අදාළ නඩු විභාගයේදී සාක්ෂි විමසීමෙන්, නඩු විභාගය අවසානයේ තීන්දුවක් දෙනවා.

හැබැයි බදු ගැනුම්කරු ඒ විදිහට හේතු ඉදිරිපත් නොකළොත්, මේ අතුරු නියෝගය ස්ථිර කරනවා. එතකොට ලීසිං සමාගමට පුළුවන්, වාහනයේ සන්තකය ලබා ගන්න.

මේ තමයි වාහනයක් ලීස් කරනකොට පවතින නීතිමය තත්වය. ඔබ හරි, ඔබ දන්න කෙනෙක් හරි ලීසිං පහසුකමක් යටතේ වාහනයක් ගන්න ඉන්නවා නම්, බදු ගැනුම්කරුට අදාළ නීතිය විතරක් නෙවෙයි, ලීසිං සමාගමට අදාළ නීතිය ගැනත් අනිවාර්යයෙන් දැනගෙන ඉන්න ඕනේ. මොකද එතකොට තමයි කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබටත් ලීස් කරලා වාහනයක් ගන්න පුළුවන් වෙන්නේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!