වාහන රක්ෂණ කාඩ් එක ගැන හැම දෙයක්ම දැනගමු

Nipuna Marasinghe
time
මිනිත්තු 4 කියවීම
feature image

වාහන, Accident, Insurance කියන්නේ, අපිට නිතර නිතර ඇහෙන, අපි නිතර නිතර දකින දේවල්. වාහනයක් තියෙන ඔබට, නොහිතන වෙලාවල, නොහිතන විදිහට එක එක Accident වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසයි, ළඟ තියෙන වාහනය ඔබ අනිවාර්යයෙන්ම Insurance කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ, ඔබ වාහනයක හිමිකරුවෙක් නම්, ඔබට වාහනයක් තියෙනවා නම්, ඒ වාහනය රක්ෂණය කරපු කාඩ් එකත් ඔබ ළඟ තියෙන්න ඕනේ. ඉතින් අද ඔබට MotorGuide තුළින්, වාහන රක්ෂණ කාඩ් එක ගැන හැම දෙයක්ම දැන ගන්න පුළුවන්.

වාහනයක් පාරෙ drive කරන්න, ලේඛන තුනක් තියෙන්න ඕනේ. ඒ තමයි ආදායම් බලපත්‍රය, රියදුරු බලපත්‍රය සහ රථ වාහන රක්ෂණ කාඩ් එක. මෝටර් වාහන පනතට අනුව වලංගු රක්ෂණයක් නැති වාහනයක් පාරෙ drive කරන එක දඬුවම් ලබන්න පුළුවන් වරදක්.

මෝටර් වාහන රක්ෂණය කියන්නේ මොකක්ද?

හදිස්සි අනතුරකදී හෝ වෙනත් අලාභ හානියකදී වාහන වලට වගේම, වාහන වල ගමන් කරන අයට සහ බාහිර පාර්ශවයන්ටත් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා වන්දියක් විදිහට වාහන හිමියන්ට මූල්‍යමය ප්‍රතිලාභයක් ලබා දෙන එක තමයි මෝටර් වාහන රක්ෂණයක් කියන්නේ.

මෝටර් වාහන රක්ෂණයෙන් ආවරණය වන හානි මොනවද?

මේ මෝටර් වාහන රක්ෂණයෙන්, රිය අනතුරු, ඇතුළතින් ගිනි ගැනීම්, බාහිර පිපිරීම්, අකුණු සැර වැදීම් සහ සොරකම් කිරීම් කියන හානි ආවරණය වෙනවා. අමතර ආවරණ විදිහට කැරලි කෝලාහල හා සිවිල් කෝලාහල නිසා සිදු වන හානි, ජල ගැලීම් හා ස්වභාවික විපත් වලින් වන හානිත් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අනතුරෙන් පස්සේ වාහනයට යම් හානියක් වුණොත්, එය repair කිරීම සඳහා ගෙනියන්න වගේම, නැවත වාහනය ලබා ගන්නත් වැය වන වියදම, යම් සීමාවකට යටත්ව රක්ෂිතයාට ලබා දෙනවා.

මෝටර් වාහන රක්ෂණයේදී සැළකිය යුතු කරුණු මොනවද?

ඔබ වාහනය රක්ෂණය කරනකොට, කිසිම මොහොතක වාහනයේ වෙළඳපොල වටිනාකමට අඩුවෙන් හෝ වැඩියෙන් රක්ෂණාවරණයක් ලබා ගන්න යන්න එපා. මොකද අනතුරකදී හානි පූරණය කරන්නේ, මේ වෙළඳපොල වටිනාකම පදනම් කරගෙන. ඒ වගේම ඔබ ළඟ තියෙන වාහනය යොදා ගන්න කාර්යය අනුව වාහනය රක්ෂණය කරන්න. මඟී ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, පුද්ගලික පරිහරණය සහ රියදුරු පුහුණුව ආදී විවිධ කරුණු සඳහා වාහන යොදා ගන්නවා. ඒ නිසා ඔබ ගැළපෙන රක්ෂණාවරණයක් තෝරාගන්න ඕනේ.

රක්ෂණය ආරම්භ වූ දින සිට, දින 60 ක් තුළ සම්පූර්ණ රක්ෂණ වාරිකය ගෙවිය යුතු බවට රක්ෂණ සමාගමත් එක්ක එකඟ වෙලා තියෙන අවස්ථාවකදී, ඒ විදිහට ගෙවීම නොකළොත් දැනුම් දීමකින් තොරව රක්ෂණ ඔප්පුව අවලංගු කරනවා.

අනතුරක් වුණු වහාම ඒ පිළිබඳව අදාළ රක්ෂණ සමාගමට දැනුම් දෙන්න ඕනේ. ඒ වගේම අනතුර පිළිබඳව ළඟම තියෙන පොලිස් ස්ථානයට දැනුම් දීමත් අනිවාර්යයෙන් කරන්න ඕනේ.

වාහන රක්ෂණ කාඩ් එකක් කියන්නේ මොකක්ද?

ඔබේ වාහනය පොලීසියට අසු වුණත්, අනතුරකට ලක් වුණත් ඔබ ළඟ අනිවාර්යයෙන් තියෙන්න ඕන දෙයක් තමයි, Insurance card එක. මේක රක්ෂණ සමාගම විසින් නිකුත් කරන, ඔබේ වාහනය රක්ෂණය කර ඇති බව තහවුරු කරන කාඩ් එකක්.

රක්ෂණ කාඩ් වල තියෙන්නේ මොනවද?

සාමාන්‍යයෙන් වාහන රක්ෂණ කාඩ් වල ඇතුළත් වෙන්නේ මේ තොරතුරු.

  • Vehicle number එක
  • Policy number එක (Insurance policy එකේ number එක)
  • අයිතිකරුගේ නම, Address එක, NIC number එක
  • Cover period එක (Company එක විසින් insurance කරන කාල සීමාව)
  • වාහනයේ චැසි අංකය

Insurance card එක ගන්නේ කොහොමද?

Insurance card එකක් ගන්න අනිවාර්යයෙන්ම ඔබ ළඟ වාහනයක් තියෙන්න ඕනේ. සමහර විට ඔබ දන්න කෙනෙක් ළඟ තියෙන වාහනයක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ වාහනයේ අයිතිකරුගේ නමට Insurance card එකක් apply කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වාහනයේ valuation එක අනුව මේ කාඩ් එකට වැය වෙන වියදම depend වෙනවා.

Insurance card එකක් අත්‍යාවශ්‍ය ඇයි?

වාහනයක් drive කරනකොට, අනතුරු සිද්ධ වෙන වෙලාවක් ගැන අපි හරියටම දන්නේ නැහැ. සමහර විට, වෙනත් වාහනයකින් ඔබේ වාහනයට අනතුරක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම්, ඔබේ වාහනය නිසා, තවත් වාහනයකට හෝ දේපළකට හානි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අනිවාර්යයෙන්ම ඔබ ළඟ Insurance card එකක් තියෙන්න ඕනේ. එතකොට ඔබට වගේම ඔබේ වාහනය නිසා, තුන්වෙනි පාර්ශවයටත් වෙන පාඩුව යම් තරමකට අඩු කර ගන්න පුළුවන්.

විශේෂම දේ තමයි ඔබට මෙතනදි අවශ්‍ය නම් Full option insurance card එකක් වගේම, 3rd Party insurance card එකක් වුණත් ලබා ගන්න පුළුවන්. Full option insurance card එක හරහා, රක්ෂණ හිමිකරුට වගේම, තුන්වෙනි පාර්ශවයටත් වන්දි ලබා ගන්න පුළුවන්. හැබැයි 3rd Party insurance card එකක් හරහා වන්දි ලබා ගන්න පුළුවන්, තුන්වෙනි පාර්ශවයට විතරයි. රක්ෂණ හිමිකරුට තමන්ට වෙන පාඩුව විඳගන්න සිද්ධ වෙනවා.

මේ තමයි, ඔබ Insurance card එකක් ගැන දැනගෙන ඉන්න ඕන දේවල්. ඔබ වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වුණත්, මේක ඔබට ගොඩක් වැදගත්. මොකද රක්ෂණය කරන්නේ නැතුව, ඔබට පාරෙ වාහනයක් drive කරන්න බැහැ. ඉතින් ඒ නිසා, වාහනයක් ගන්නවා නම්, අනිවාර්යයෙන් Insurance card එකත් ගන්න.

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ලිසීං දාන්න ඉන්න අයට මේ වසරේ අලුත් වු නීතිය මෙන්න

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    මුද්‍රණය කරන කාඩ් නොමැති වීමෙන් නවතා තිබූ රියැදුරු බලපත්‍ර මුද්‍රණය යළි ආරම්භ කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    වාහන රක්ෂණ වල මොකද්ද මේ No Claim Bonus?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    වාහනයක VIC ස්ටිකරය යනු කුමක්ද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    වර්තමානයේ වාහනයක Number Plate එකක් ලබා ගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    වාහනයක deletion letter එක ගැන කතා කරමු

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    මෝටර් රථ රක්ෂණය පිටුපස ඇති නීති පද්ධතිය

    time
    මිනිත්තු 2 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback

    රු 4.6M - 5.3M

  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 සමාලෝචනය

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4

    රු 5M - 7.5M

  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback

    රු 25M - 40M

  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback
  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4
  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan

    රු 12M - 13.5M

  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan

    රු 15M - 18M

  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

    රු 17.5M - 19.8M

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!