වාහන රක්ෂණ කාඩ් එක ගැන හැම දෙයක්ම දැනගමු

time
මිනිත්තු 4 කියවීම
feature image

වාහන, Accident, Insurance කියන්නේ, අපිට නිතර නිතර ඇහෙන, අපි නිතර නිතර දකින දේවල්. වාහනයක් තියෙන ඔබට, නොහිතන වෙලාවල, නොහිතන විදිහට එක එක Accident වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසයි, ළඟ තියෙන වාහනය ඔබ අනිවාර්යයෙන්ම Insurance කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ, ඔබ වාහනයක හිමිකරුවෙක් නම්, ඔබට වාහනයක් තියෙනවා නම්, ඒ වාහනය රක්ෂණය කරපු කාඩ් එකත් ඔබ ළඟ තියෙන්න ඕනේ. ඉතින් අද ඔබට MotorGuide තුළින්, වාහන රක්ෂණ කාඩ් එක ගැන හැම දෙයක්ම දැන ගන්න පුළුවන්.

වාහනයක් පාරෙ drive කරන්න, ලේඛන තුනක් තියෙන්න ඕනේ. ඒ තමයි ආදායම් බලපත්‍රය, රියදුරු බලපත්‍රය සහ රථ වාහන රක්ෂණ කාඩ් එක. මෝටර් වාහන පනතට අනුව වලංගු රක්ෂණයක් නැති වාහනයක් පාරෙ drive කරන එක දඬුවම් ලබන්න පුළුවන් වරදක්.

මෝටර් වාහන රක්ෂණය කියන්නේ මොකක්ද?

හදිස්සි අනතුරකදී හෝ වෙනත් අලාභ හානියකදී වාහන වලට වගේම, වාහන වල ගමන් කරන අයට සහ බාහිර පාර්ශවයන්ටත් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා වන්දියක් විදිහට වාහන හිමියන්ට මූල්‍යමය ප්‍රතිලාභයක් ලබා දෙන එක තමයි මෝටර් වාහන රක්ෂණයක් කියන්නේ.

මෝටර් වාහන රක්ෂණයෙන් ආවරණය වන හානි මොනවද?

මේ මෝටර් වාහන රක්ෂණයෙන්, රිය අනතුරු, ඇතුළතින් ගිනි ගැනීම්, බාහිර පිපිරීම්, අකුණු සැර වැදීම් සහ සොරකම් කිරීම් කියන හානි ආවරණය වෙනවා. අමතර ආවරණ විදිහට කැරලි කෝලාහල හා සිවිල් කෝලාහල නිසා සිදු වන හානි, ජල ගැලීම් හා ස්වභාවික විපත් වලින් වන හානිත් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අනතුරෙන් පස්සේ වාහනයට යම් හානියක් වුණොත්, එය repair කිරීම සඳහා ගෙනියන්න වගේම, නැවත වාහනය ලබා ගන්නත් වැය වන වියදම, යම් සීමාවකට යටත්ව රක්ෂිතයාට ලබා දෙනවා.

මෝටර් වාහන රක්ෂණයේදී සැළකිය යුතු කරුණු මොනවද?

ඔබ වාහනය රක්ෂණය කරනකොට, කිසිම මොහොතක වාහනයේ වෙළඳපොල වටිනාකමට අඩුවෙන් හෝ වැඩියෙන් රක්ෂණාවරණයක් ලබා ගන්න යන්න එපා. මොකද අනතුරකදී හානි පූරණය කරන්නේ, මේ වෙළඳපොල වටිනාකම පදනම් කරගෙන. ඒ වගේම ඔබ ළඟ තියෙන වාහනය යොදා ගන්න කාර්යය අනුව වාහනය රක්ෂණය කරන්න. මඟී ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, පුද්ගලික පරිහරණය සහ රියදුරු පුහුණුව ආදී විවිධ කරුණු සඳහා වාහන යොදා ගන්නවා. ඒ නිසා ඔබ ගැළපෙන රක්ෂණාවරණයක් තෝරාගන්න ඕනේ.

රක්ෂණය ආරම්භ වූ දින සිට, දින 60 ක් තුළ සම්පූර්ණ රක්ෂණ වාරිකය ගෙවිය යුතු බවට රක්ෂණ සමාගමත් එක්ක එකඟ වෙලා තියෙන අවස්ථාවකදී, ඒ විදිහට ගෙවීම නොකළොත් දැනුම් දීමකින් තොරව රක්ෂණ ඔප්පුව අවලංගු කරනවා.

අනතුරක් වුණු වහාම ඒ පිළිබඳව අදාළ රක්ෂණ සමාගමට දැනුම් දෙන්න ඕනේ. ඒ වගේම අනතුර පිළිබඳව ළඟම තියෙන පොලිස් ස්ථානයට දැනුම් දීමත් අනිවාර්යයෙන් කරන්න ඕනේ.

වාහන රක්ෂණ කාඩ් එකක් කියන්නේ මොකක්ද?

ඔබේ වාහනය පොලීසියට අසු වුණත්, අනතුරකට ලක් වුණත් ඔබ ළඟ අනිවාර්යයෙන් තියෙන්න ඕන දෙයක් තමයි, Insurance card එක. මේක රක්ෂණ සමාගම විසින් නිකුත් කරන, ඔබේ වාහනය රක්ෂණය කර ඇති බව තහවුරු කරන කාඩ් එකක්.

රක්ෂණ කාඩ් වල තියෙන්නේ මොනවද?

සාමාන්‍යයෙන් වාහන රක්ෂණ කාඩ් වල ඇතුළත් වෙන්නේ මේ තොරතුරු.

  • Vehicle number එක
  • Policy number එක (Insurance policy එකේ number එක)
  • අයිතිකරුගේ නම, Address එක, NIC number එක
  • Cover period එක (Company එක විසින් insurance කරන කාල සීමාව)
  • වාහනයේ චැසි අංකය

Insurance card එක ගන්නේ කොහොමද?

Insurance card එකක් ගන්න අනිවාර්යයෙන්ම ඔබ ළඟ වාහනයක් තියෙන්න ඕනේ. සමහර විට ඔබ දන්න කෙනෙක් ළඟ තියෙන වාහනයක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ වාහනයේ අයිතිකරුගේ නමට Insurance card එකක් apply කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වාහනයේ valuation එක අනුව මේ කාඩ් එකට වැය වෙන වියදම depend වෙනවා.

Insurance card එකක් අත්‍යාවශ්‍ය ඇයි?

වාහනයක් drive කරනකොට, අනතුරු සිද්ධ වෙන වෙලාවක් ගැන අපි හරියටම දන්නේ නැහැ. සමහර විට, වෙනත් වාහනයකින් ඔබේ වාහනයට අනතුරක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම්, ඔබේ වාහනය නිසා, තවත් වාහනයකට හෝ දේපළකට හානි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අනිවාර්යයෙන්ම ඔබ ළඟ Insurance card එකක් තියෙන්න ඕනේ. එතකොට ඔබට වගේම ඔබේ වාහනය නිසා, තුන්වෙනි පාර්ශවයටත් වෙන පාඩුව යම් තරමකට අඩු කර ගන්න පුළුවන්.

විශේෂම දේ තමයි ඔබට මෙතනදි අවශ්‍ය නම් Full option insurance card එකක් වගේම, 3rd Party insurance card එකක් වුණත් ලබා ගන්න පුළුවන්. Full option insurance card එක හරහා, රක්ෂණ හිමිකරුට වගේම, තුන්වෙනි පාර්ශවයටත් වන්දි ලබා ගන්න පුළුවන්. හැබැයි 3rd Party insurance card එකක් හරහා වන්දි ලබා ගන්න පුළුවන්, තුන්වෙනි පාර්ශවයට විතරයි. රක්ෂණ හිමිකරුට තමන්ට වෙන පාඩුව විඳගන්න සිද්ධ වෙනවා.

මේ තමයි, ඔබ Insurance card එකක් ගැන දැනගෙන ඉන්න ඕන දේවල්. ඔබ වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වුණත්, මේක ඔබට ගොඩක් වැදගත්. මොකද රක්ෂණය කරන්නේ නැතුව, ඔබට පාරෙ වාහනයක් drive කරන්න බැහැ. ඉතින් ඒ නිසා, වාහනයක් ගන්නවා නම්, අනිවාර්යයෙන් Insurance card එකත් ගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!