රක්ෂණ වන්දි අහිමි වුණාද? එහෙම වුණේ ඇයි?

time
මිනිත්තු 3 කියවීම
feature image

නිකමට හිතලා බලන්නකො. Exterior look එක එහෙම හොඳ පෙනුමට තියෙන, interior එකත් comfortable විදිහට තියෙන car එකක් දැක්කොත් ඔබට මොනවද හිතන්නෙ? "හිතන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන් කැමති වෙනවා" ඔබට එහෙමත් හිතෙයි. හැබැයි ඔබ දන්නවද, වාහනයකට පුළුවන් ඊට වඩා ලොකු දෙයක් කරන්න. අනතුරක් වුණා කියලා හිතන්න. වාහනය රක්ෂණය කරලා නොතිබ්බොත් ප්‍රශ්නෙ ඔබටමයි. හැබැයි ඉතින් රක්ෂණය කළාට වැඩක් නෑ හරියටම රක්ෂණ වන්දි ලැබෙන්නෙ නැත්නම්. රක්ෂණ වන්දි නොලැබුණත් ඒකට විවිධ හේතු තියෙනවා. MotorGuide අපි අද ඔබට කියන්නම්, ඔබට රක්ෂණ වන්දි අහිමි වුණා නම්, එහෙම වුණේ ඇයි කියලා.

රක්ෂණ වර්ග

ඔබ දැනටමත් දන්නවා, ලංකාවෙ වාහන රක්ෂණ වර්ග තුනක් තියෙනවා කියන්න.

  1. Full insurance
  2. Third party insurance
  3. Third party fire & theft insurance

මේ රක්ෂණ වර්ග අතරින්, 3rd party fire & theft insurance එක ගැන නම් වැඩිය කතාබහ වෙන්නෙම නැහැ. මොකද මේ රක්ෂණයේදී සීමිත ආවරණ කිහිපයක් විතරයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ තමයි, තුන්වෙනි පාර්ශවයට වෙන හානි, ගිනි ගැනීම් සහ සොරකම් වලින් වන හානි. මේ හානි වලට විතරයි 3rd party fire & theft insurance එකෙන් වන්දි ගෙවන්නේ.

ඊට අමතරව full insurance එකකින් සහ 3rd party insurance එකකින් ආවරණය වෙන හානි මොනවද කියලත් ඔබ දන්නවා. මොකද ඒ ගැන අපි නිතරම කතාබහ වෙනවා. අනිත් දේ තමයි, සාමාන්‍යයෙන් වාහනයකට දාන්නෙත්, මේ insurance වර්ග දෙකනේ.

රක්ෂණ වන්දි අහිමි වුණේ ඇයි?

වාහනයේ market value එක ගැන හිතුවද?

වාහනය රක්ෂණය කරනකොට, market value එකට වැඩියෙන් රක්ෂණය කළා කියලා, ඔබට අමුතුවෙන් වාසියක් ලැබෙන්නේ නැහැ. හදිස්සියේ හරි අනතුරක් වුණත් වන්දිය විදිහට ලැබෙන්නේ, market value එකම තමයි. එහෙමයි කියලා ඔබ market value එකට වඩා අඩුවෙන් රක්ෂණය කළොත් වාහනයට අලාභ හානියක් වුණාම, market value එකම වන්දිය විදිහට ලැබෙන්නෙත් නැහැ. සමහර විට ඊට වඩා අඩු වන්දි මුදලක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම, වාහනයට පූර්ණ හානියක් සිදු වුණත් ඔබට ලැබෙන්නේ, ඔබ රක්ෂණය කරපු වාහනයට අදාළ market value එක විතරයි.

අනිත් දේ තමයි, market value එක වෙනස් වුණා කියලා, ඒක අඩු වැඩි වුණු පළියට ඔබට ලැබෙන වන්දි මුදල අඩු වැඩි වෙන්නේ නැහැ. ekata insurance eka adjust karanna one අන්න ඒ වෙලාවට ඔබට හිතෙන්නේ, රක්ෂණ වන්දි හරියට හම්බුණේ නෑනෙ කියලා. ඒ නිසා, නියමිත market value එකට වාහනය රක්ෂණය කරන්න ඔබ වග බලා ගන්න ඕනේ.

රක්ෂණ අයිතිය ඔබේ නමට නෙවෙයිද?

ඔබ register කරපු වාහනයක් හරි, register නොකරපු වාහනයක් හරි ලබා ගත්තා නම්, වාහනයේ අයිතිය ඔබේ නමට පවරා ගන්න. ඒ වගේම ඔබේ නමින්ම රක්ෂණයක් ලබා ගන්න. මොකද මේ විදිහට රක්ෂණ අයිතියක් නැති වාහන වලට රක්ෂණයක් ලබා ගන්න බැහැ. අන්න එතකොටත් ඔබට රක්ෂණ වන්දි අහිමි වෙන්න පුළුවන්.

ලබා ගත්තෙ හරිම රක්ෂණාවරණයද?

ඔබ වාහනය රක්ෂණය කරන්නේ, පුද්ගලික පරිහරණයට, කුලී පදනම මත දෙන්න, රියදුරු පුහුණුව සඳහා දෙන්න එහෙමත් නැත්නම් භාණ්ඩ හෝ මඟී ප්‍රවාහනයට වෙන්න පුළුවන්. ඒ අදාළ ආවරණයට තමයි ඔබ වාහනය රක්ෂණය කරන්න ඕනේ. උදාහරණයක් විදිහට වාහනය පුද්ගලික පරිහරණයට කියලා රක්ෂණය කරගෙන, කුලී පදනම මත ලබා දීලා, අනතුරක් වුණොත්, එතකොට ඔබේ වන්දි හිමිකම reject වෙන්න පුළුවන්. ඒකත් ඔබට අනුව නම්, වාහනය රක්ෂණය කරලත් රක්ෂණ වන්දි අහිමි වීමක් තමයි.

මේ දේවල් වලට අමතරව drinks අරගෙන drive කරලා අනතුරක් වුණු වෙලාවක නැත්නම් අනතුරක් වුණත් ඒ මොහොතෙ ඔබේ driving license එක expire වෙලා නම් අන්න එතකොටත් ඔබට රක්ෂණ වන්දි අහිමි වෙනවා.

දැන් ඔබට තේරෙනවා නේද, මීට කලින් රක්ෂණ වන්දි අහිමි වුණත්, ඒකට යම් හේතුවක් තිබුණා කියලා? සමහර විට ඒ අපි අද කියපු හේතුවක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඔබේ නොදැනුවත්කම නිසා වගේම නොසැළකිල්ල නිසාත් වාහනය රක්ෂණය කරලා තිබුණට, රක්ෂණ වන්දි අහිමි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි අද කියපු දේවල් හරියටම මතක තියාගෙන අදාළ දේවල් ඒ විදිහටම කළොත්, රක්ෂණ වන්දි අහිමි වෙන එක නවත්වා ගන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!