වාහන රක්ෂණයක් අවශ්‍යමද?

time
මිනිත්තු 3 කියවීම
feature image

ඔබ දන්නවද, වාහනයකට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා? ඔබේ හීනෙ හැබෑ කරන්න පුළුවන්, අවශ්‍යතා ඉටු කරන්න පුළුවන්. හැබැයි ඔය සේරටම වඩා නොහිතන වෙලාවක නොහිතන විදිහට ලොකු අනතුරක් ඇති කරන්නත් වාහනයකට පුළුවන්. මේ විදිහට සිද්ධ වෙන අනතුර ඔබ drive කරන වාහනය නිසා හෝ වෙනත් වාහනයක් නිසා වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් එක්ක ඔබ හිතන විදිහට ඇත්තටම වාහනයක් රක්ෂණය කරන්න ඕනෙද? නැද්ද? මේ ගැන හරියටම දැන ගන්න අද MotorGuide අපේ මේ Article එක අකුරක් නෑර කියවන්න.

මොකක්ද මේ වාහන රක්ෂණය?

වාහන රක්ෂණයක් කියන්නේ, හදිසි අනතුරකදී හෝ වෙනත් අලාභ හානියකදී රක්ෂිතයාගේ වාහනයට සිදු වන හානිය සඳහා වාහන හිමිකරුට මූල්‍යමය ආවරණයක් ලබා දීම. කෙටියෙන් කිව්වොත් සිදු වෙන හානිය නිසා, අදාළ රක්ෂණ සමාගම විසින්, රක්ෂිතයාට වන්දියක් ලබා දෙන එක තමයි වාහන රක්ෂණයක් කියන්නේ.

වාහන රක්ෂණයකින් ආවරණය වෙන හානි මොනවද?

වාහන රක්ෂණයක් ගත්තම, ඒකෙන් වාහනයට හෝ තුන්වෙනි පාර්ශවයට වන විවිධ හානි සඳහා වන්දි ලබා දෙනවා. ඒ කියන්නේ, වාහන රක්ෂණයකින් විවිධ වර්ගයේ හානි ආවරණය කරනවා. ඒ අතරට රිය අනතුරු, ඇතුළතින් ගිනි ගැනීම්, බාහිර පිපිරීම්, අකුණු සැර වැදීම්, සොරකම් කිරීම් කියන හානි ඇතුළත් වෙනවා. අමතර ආවරණ විදිහට, කැරලි කෝලාහල හා සිවිල් කෝලාහල නිසා සිදු වෙන හානි, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, ජල ගැලීම් හා ස්වභාවික විපත් වලින් වෙන හානිත් අවම කර ගන්න පුළුවන්.

ඊට අමතරව, අනතුර නිසා වාහනයට යම් අනතුරක් වුණොත්, ඒකත් අළුත්වැඩියාවකට රැගෙන යන්න වගේම නැවත වාහනය ලබා ගන්න යන වියදමත් යම් සීමාවකට යටත්ව රක්ෂිතයාට ලබා දෙනවා.

වාහන රක්ෂණ කීයක් තියෙනවද?

ලංකාවේ වාහන රක්ෂණ වර්ග තුනක් තියෙනවා.

01) Full insurance
02) 3rd Party insurance
03) 3rd Party fire & theft insurance

Full insurance එක ගැන කතා කරනකොට, ඔබ කරලා තියෙන රක්ෂණ වර්ගය අනුව වන්දිය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ, අදාළ අනතුරු වර්ගය රක්ෂණය කරලා තියෙනවා නම් තමයි, ඒ අනතුරට වන්දියක් හම්බ වෙන්නේ. මෙතනදි වාහනයකට අවශ්‍ය කරන වැදගත් ආවරණ ගොඩක් තියෙනවා. හදිසි අනතුරු, ගිනි, සොර බිය, කැරලි කෝලාහල, ස්වභාවික ආපදා සහ තුන්වෙනි පාර්ශවයට වෙන හානි වගේ ආවරණ full insurance එකක් මඟින් ආවරණය වෙනවා.

3rd Party insurance එකෙන් වන්දි ලැබෙන්නේ, ඔබේ වාහනය නිසා හානි වෙන තුන්වෙනි පාර්ශවයට විතරයි.

3rd Party fire & theft insurance එකේදී සීමිත ආවරණ කිහිපයක් විතරයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. තුන්වෙනි පාර්ශවයට වෙන හානි, ගිනි ගැනීම් සහ සොරකම් වලින් වන හානි වලට තමයි මේ insurance එක හරහා වන්දි ගෙවන්නේ.

වැදගත්ම වාහන රක්ෂණය මොකක්ද?

ලංකාවේ පවතින සාමාන්‍ය නීති රෙගුලාසි වලට අනුකූලව වාහනයක් මහ පාරේ drive කරන්න නම්, full insurance එකක් නැතත් අවම වශයෙන් තුන්වෙනි පාර්ශවය ආවරණය වෙන විදිහට, රක්ෂණයක් ලබාගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ, අනිවාර්යයෙන්ම ඔබේ වාහනයට 3rd party insurance එකක් තියෙන්න ඕනේ. 3rd Party insurance එකකින් වන්දි ලැබෙන්නේ, තුන්වෙනි පාර්ශවයට විතරක් නිසා, මේක ඔබට වැඩක් නැහැ කියලා හිතන්න එපා. මොකද ඔබේ වාහනයේ වගකීම ඔබ භාර ගන්න ඕනේ. ඒ කියන්නේ, පාරේ යන එන අනිත් අයගේ ආරක්ෂාව ඔබ සහතික කරන්න ඕනේ. ඒකට තියෙන හොඳම සහතිකය තමයි 3rd party insurance එක. අන්න ඒ නිසා තමයි, මේ insurance එක වාහනයකට වැදගත් වෙන්නේ.

ඔබ වාහනය ගන්නේ ලීස් කරලා නම්, අනිවාර්යයෙන්ම full insurance එකක් දාන්න වෙනවා. ඒක තමයි වාහනයක් ලීස් කරලා ගන්නවා නම්, රටේ පවතින නීතිය.

මෝටර් වාහන රක්ෂණයක් අවශ්‍යමද?

පොලිස් වාර්තා අනුව වාහන අනතුරු බහුලව සිද්ධ වෙනවා. පාරේ යන එන ටිකට අපිටත් ඕන තරම් අනතුරු දකින්න ලැබෙනවානේ. මේ හේතුව නිසා තමයි, මෝටර් වාහන රක්ෂණයක් අවශ්‍ය වෙන්නේ. මෝටර් වාහන පනතට අනුව වලංගු රක්ෂණයක් නැති වාහන, පාරේ drive කරන එක දඬුවම් ලැබෙන්න පුළුවන් වරදක්. ඉතින් කලින් කිව්වා වගේ, මොන insurance එක නැතත්, අනිවාර්යයෙන්ම 3rd party insurance එකක් වාහනයට තියෙන්න ඕනේ.

දැන් ඔබට තේරෙනවා ඇති වාහන රක්ෂණය කියන දේ, වාහනයක් drive කරන ඕනම කෙනෙක් ළඟ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් කියලා. මේක තමයි ඔබේත්, වාහනයේත්, පාරේ යන එන අනිත් අයගේත් ආරක්ෂාවේ සහතිකය. ඒ නිසා, මතක ඇතුව වාහනයක් drive කරනකොට, ඒ වාහනය insurance කරන්න. එතකොට, හදිස්සියේ හරි අනතුරක් වුණොත් ඔබට බය වෙන්න දෙයක් නැහැ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!