අලුත් වු නීතියෙන් පසු open papers වාහන හිමියන් කළ යුතු දේ

time
මිනිත්තු 3 කියවීම
feature image

අද කාලේ ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා open papers වාහන තියාගෙන ඉන්න. මේකට ලොකුම හේතු තමයි tax වලින් බේරෙන්න, කෙටි කාලයක් පාවිච්චි කරන්න නැත්නම්, resale කරන්න. හැබැයි මේ open papers වාහන තියාගෙන ඉන්න එක වාහනය ගන්න කෙනාට වගේම වාහනය විකුණන කෙනාටත් එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද නීතියම වශයෙන් වුණත් විශාල ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසාම open papers වාහන සම්බන්ධයෙන් නීති පවා අලුත් වෙලා තියෙනවා.

අද MotorGuide තුළින් අපි ඔබව දැනුවත් කරන්නේ අලුත් වු නීතියෙන් පසු open papers වාහන හිමියන් කළ යුතු දේ පිළිබඳවයි.

Open papers වාහන කියන්නේ මොන වාහනද?

විවෘත ලියකියවිලි මත තියාගෙන ඉන්න වාහන වලට තමයි, open papers වාහන කියන්නේ. ඒ කියන්නේ, පොත තියෙන්නේ වර්තමාන අයිතිකරුගේ නමට නෙවෙයි. පොතේ තියෙන්නේ එක නමක්. හැබැයි වාහනය තියෙන්නේ, තවත් කෙනෙක් ළඟ. මෙහෙම වෙන්නේ, වාහනය drive කරන කෙනා තමන්ගේ නමට වාහනය පවරා නොගත්තාම. කලින් අයිතිකරුගේ නමටම තමයි වාහනය තියාගෙන ඉන්නේ.

Open papers වලදී මොකද වෙන්නේ?

ඔබ හිතන්න වාහන open papers වලට විකුණන්නේ ඔබ කියලා. මුලින්ම MT6 කියන පත්‍රිකා වල පිටු හතරක් පුරවලා පළවෙනි පිටු දෙක තමන් ළඟ තියාගෙන අන්තිම පිටු දෙක වාහනය ගන්න කෙනාට දෙනවා. දැන්, වාහනය විකුණපු කෙනා තමන් ළඟ තියෙන කොළ දෙකෙන් එකක් RMV එකට භාර දෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. වාහනය ගත්තු කෙනත් තමන් ළඟ තියෙන කොළ දෙකෙන් එකක් RMV එකට submit කරන්න ඕනේ.

Open papers වාහන වලට දඩයක්

කලින් කිව්වා වගේ අද වෙනකොට ලංකාවේ ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නවා වාහන open papers තියාගෙන ඉන්න. සාමන්‍යයෙන් මෝටර් රථ පනතේ නීතිය අනුව වාහනයක් පැවරීමකදී, එහෙමත් නැත්නම් විකිණීමකදී ඒ විකිණීම සිදු කළ දින සිට දින 14ක් ඇතුළත නව අයිතිකරු අදාළ වාහනය පවරා ගන්න ඕනේ. එහෙම පවරා ගත්තේ නැති වුණොත් 15 වෙනි දිනයේ සිට දවසකට රුපියල් 100 ගානේ මෝටර් රථය පවරා ගන්නා තුරු දඩයක් නියම වෙනවා. සාමාන්‍යයෙන් ත්‍රී වීල් සහ බයික් සඳහා රුපියල් 50,000 ක උපරිමයකට යනවා. ඒ වගේම කාර්, වෑන්, ලොරි සඳහා රුපියල් ලක්ෂය දක්වා දඩ මුදල් අය වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා වාහනයක් විකුණුවාට පස්සේ දින 14ක් ඇතුළත අදාල පාර්ශ්වය වාහනය පවරා ගන්න ඕනේ. නමුත් මේ වන කොට අද සමාජය ඇතුළේ මෙය සිදු වෙන්නේ නැහැ.

නඩු පිට නඩු

මේ විදිහට වාහනය පවරා නොගැනීම නිසා, වාහනය විකිණූ පුද්ගලයා දැඩි අපහසුතාවයකට පත් වෙනවා. මොකද දැනට ක්‍රියාත්මක CCTV දඩ ක්‍රමය හරහා වාහනය මිලට ගත පුද්ගලයා වරදක් සිදු කළොත් දඩුවම ලැබෙන්නේ වාහනයේ පරණ අයිතිකරුට. මොකද ඔහුගේ නම තමයි තවමත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පද්ධතියේ තියෙන්නේ. ඒ අනුව අදාළ වරද නිත්‍යානුකුලව දඩුවම් ලැබිය යුතු පුද්ගලයා වන්නේත් ඔහුමයි. ඒ වගේම තමන්ගේ නමින් තියෙන වාහනයක් රටේ වෙන අපරාධයකට සම්බන්ධ කරගෙන යම් ගැටළුවක් මතුවුණොත් පොලිසිය සොයාගෙන ආව විහස හසු වෙන්නේ මෝටර් රථ පද්ධතිය ඇතුළේ ඉන්න අයිතිකරු. ඉතින් ඒ නිසා තමන්ගේ වාහනය යම් පුද්ගලයෙක්ට විකිණුවොත්, විකුණූ වාහම එම තොරතුරු මෝටර් රථ දෙපාර්තමේන්තුවට ලබා දෙන්න.

දැන් තේරෙනවා නේද open papers වාහන කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ගන්න කෙනාට විතරක් නෙවෙයි විකුණන කෙනාටත් ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා open papers වාහන විකුණන්න ගිහින් නිරපරාදේ අනුන්ගේ වැරදි තමන් පිට පටවගෙන ප්‍රශ්න දාගන්නේ නැතුව ඉන්න. හැම වෙලාවේම නීතියට අනුව වැඩ කළොත් ඔබත් රටත් අනිවර්යයෙන්ම ආරක්ෂා වෙනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!