2nd hand වාහනයක් මිලදී ගන්නවා නම් ලියාපදිංචි හිමිකම පැවරීම කරන්නේ මෙහෙමයි

time
මිනිත්තු 5 කියවීම
feature image

වාහනයක් ගන්නද ඉන්නේ? ඒක 2nd hand වාහනයක්ද? එහෙනම් මේක ඔබට ගොඩක්ම වැදගත්. මොකද 2nd hand වාහනයක් මිලදී ගන්නවා නම්, ලියාපදිංචි හිමිකම පැවරීමක් කරන්නේ කොහොමද කියලා ඔබ දැනගෙන ඉන්න ඕනේ. මෙතනදි වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරුට වගේම, වාහනය ගන්න කෙනාටත් වගකීමක් පැවරෙනවා. ඒ වගේම හිමිකම පැවරීමට යම් ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඒ නිසා ඔබ මේ ගැන දැන ගන්න එක හරිම වැදගත්. ඉතින් 2nd hand වාහනයක් මිලදී ගන්නවා නම් ලියාපදිංචි හිමිකම පැවරීම කරන්නේ කොහොමද කියලා කියලා තමයි MotorGuide අපි අද ඔබට කියන්නේ.

ලියාපදිංචි හිමිකම පැවරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය

නව අයිතිකරු සහ වර්තමාන අයිතිකරු අනුගමනය කළ යුතු දේවල් මොනවද?

  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ සියලුම දිස්ත්‍රික් ලේකම් / දිසාපති කාර්යාල වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් නොමිලයේ ලබා දෙන ආකෘති පත්‍ර කට්ටලය ලබා ගන්න.
  • මේ ආකෘති පත්‍ර කට්ටලය MTA 6 සහ MTA 8 කියලා ආකෘති දෙකකින් සමන්විත වෙනවා.
  • MTA 6 ආකෘතියෙ පිටපත් හතරක් තියෙනවා. ඒ තමයි A, A1, B සහ B1.
  • එතකොට MTA 8 ආකෘතිය පිටපත් දෙකකින් තමයි සමන්විත වෙන්නේ. ඒ තමයි C සහ C1.
  • ලියාපදිංචි හිමිකම පවරනකොට මේ MTA 6 ආකෘති පත්‍ර අනිවාර්යයෙන්ම පුරවන්න ඕනේ. වර්තමාන අයිතිකරු නිසිලෙස සම්පූර්ණ කරපු MTA 6 හි A සහ A1 පිටපත් තමන් ළඟ තියාගෙන MTA 6 හි B, B1 සහ MTA 8 C, C1 පිටපත් නව අයිතිකරු වෙත භාර දෙන්න ඕනේ.
  • සාමාන්‍ය සේවා යටතේ මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීමට ඉදිරිපත් කරන්න ඕන ලියකියවිලි කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ තියෙන වාහන පන්තියට අදාළ ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට භාර දෙන්න ඕනේ. එහෙමත් නැත්නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, රජයේ කාර්යාල විවෘත දින වල පෙ.ව 9.00 සිට 2.00 දක්වා භාරදෙන්න පුළුවන්.

වර්තමාන අයිතිකරු විසින් අනුගමනය කළ යුතු දේවල් මොනවද?

  • වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු MTA 6 ආකෘති පත්‍රයේ සියලුම පිටපත් සම්පූර්ණ කරන්න ඕනේ. මෙතනදි අවශ්‍ය කරන තවත් ලියකියවිලි කිහිපයක් තියෙනවා. ඒ සියල්ලම අරගෙන අවශ්‍ය නම් එක් දින සේවය ලබා ගන්න පුළුවන්. නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දීලා තැපෑල මඟිනුත් මේ සේවය ලබා ගන්න පුළුවන්.

නව අයිතිකරු අනුගමනය කළ යුතු දේවල් මොනවද?

  • නව අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරපු MTA 6 හි B පිටපත, MTA 8 හි C පිටපත සහ අනෙකුත් අදාළ ලියකියවිලි සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාළ ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත භාර දීලා C.M.T 52 දරණ කුවිතාන්සියක් ලබාගන්න ඕනේ.

ලියාපදිංචි හිමිකම පැවරීමට අවශ්‍ය ලියකියවිලි මොනවද?

  • MTA 6 B ආකෘතිය (පැවරුම් නිවේදනය)
  • MTA 8 C ආකෘතිය (අයදුම්පත)
  • පැවරුම්කරු හෝ නව අයිතිකරු සී/ස සමාගමක් නම්, ආකෘති පත්‍ර වල seal එක සහිතව අත්සන් කරන්න ඕනේ. Seal එක නැත්නම් ඒ බවට ආයතනයේ ලිපි ශීර්ෂයක ලියපු පිටපතක් සහ සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකයේ photo copy එකක් එක්ක ඉදිරිපත් කරන්න ඕනේ.
  • පැවරුම්කරු හවුල් ව්‍යාපාරයක් නම් අනිත් හවුල්කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශන කරන ලිපියක් ඉදිරිපත් කරන්න ඕනේ.
  • පැවරුම්කරු තනි පුද්ගල ව්‍යාපාරයක් නම්, ඉහත කියපු විදිහට ව්‍යාපාර හිමිකරුගේ ලිපිය සහ ලියාපදිංචි සහතිකය ඕනේ.
  • අයදුම් කරන දිනට මාස හයක් තුළ ලබා ගත් අඟල් 2.0 x 2.5 ප්‍රමාණයේ පැවරුම්ලාභියාගේ වර්ණ හෝ කළු සුදු උඩුකය ඡායාරූප දෙකක් ඕනේ. මෙතනදි අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී, සාමදාන විනිශ්චයකාරවරයෙකු හෝ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරියෙකු විසින් එක් ඡායාරූපයක පිටුපස සහතික කරන්න ඕනේ. ඒ වගේම සාමදාන විනිශ්චයකාරවරයාගේ ලියාපදිංචි අංකය seal එකේ සටහන් වෙලා තියෙන්න ඕනේ.
  • පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත එහි photo copy එකක් සමඟ ඉදිරිපත් කරන්න ඕනේ.
  • පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය සහ එහි photo copy එකක්
  • මෙතනදි අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක් තමයි වාහනයේ ලියාපදිංචි සහතිකය නැත්නම් වාහනයේ පොත කියන්නේ. Original එක තමයි ඕනේ.
  • උකසක්, පරම අයිතියක් හෝ බද්දක් ලියාපදිංචි වෙලා තියෙනවා නම්, ඒක අවලංගු කරන්න ඕනේ. ඒ අවලංගු කරපු ලිපියත් ලියාපදිංචි හිමිකම පවරන්න අවශ්‍ය කරන ලියකියවිල්ලක්.
  • වාහනයේ හිමිකම පැවරීමට විරුද්ධත්වයක් නැති බවට පවරන්නාගේ ඒ කියන්නේ වර්තමාන ලියාපදිංචි හිමිකරුගේ ලිඛිත ප්‍රකාශයක් සහ ජාතික හැඳුනුම්පතේ photo copy එකක් ඕන කරනවා. මේ ලියකියවිලි දෙකේම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ ප්‍රදේශයේ සාම විනිසුරු / දිවුරුම් කොමසාරිස්, නීතිඥවරයෙකු හෝ රජයේ මාණ්ඩලික නිලධාරියෙක් විසින් සනාථ කරලා අත්සන් කරපු Official seal එක තියෙන්න ඕනේ.
  • ලියාපදිංචි අයිතිකරු නැත්නම් පැවරුම්කරු අත්සන් කරපු MTA 6 හි A පිටපත ඕනේ. මේ පිටපත පැවරුම්කරු විසින් තැපැල් මඟින් එවලා තියෙනවා නම්, හෝ ගෙනැවිත් භාර දීලා තියෙනවා නම් ඒක අදාළ වෙන්නේ නැහැ.
  • Luxury tax තියෙනවා නම් ඒවා ගෙවපු රිසිට්පත් වල original copies සහ ඒවායේ photo copies ඕනේ.
  • වාහන පැවරුම්කරු කාන්තාවක් නම්, විවාහයෙන් පස්සේ වෙනස් කළ නමක් සඳහන් කරනවා නම්, විවාහ සහතිකයේ සහතික කරපු පිටපතක් අවශ්‍ය වෙනවා.

එක් දින සේවාව යටතේ ඉටු කරන්නේ මොන සේවාවන්ද?

  • වර්තමාන ලියාපදිංචි අයිතිකරුගෙන් නව අයිතිකරුට හිමිකම් පැවරුම ලියාපදිංචි කිරීම
  • ලියාපදිංචි සහතිකයේ පරම අයිතිය ලියාපදිංචි කිරීම
  • ලියාපදිංචි සහතිකයේ පරම අයිතිය ඉවත් කිරීම
  • ශාඛාවේ සහකාර කොමසාරිස් සෑහීමකට පත් වෙනවා නම්, බර සහතිකයක් හෝ අනන්‍යතා සහතිකයක් මත කරන engine අංකයක් සංශෝධනය, නීත්‍යානුකූල ආකාරයට සිදු කරන නම හෝ ලිපිනය සංශෝධනය ආදී කටයුතු

වර්තමාන ලියාපදිංචි අයිතිකරු මියගොස් ඇත්නම්?

ඉහතදී අපි කතා කලේ වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු සහ පැවරුම්ලාභියා කියන දෙන්නම ජීවතුන් අතර ඉන්නකොට ලියාපදිංචි හිමිකම් පවරා ගන්නේ කොහොමද කියලා. හැබැයි වර්තමාන ලියාපදිංචි අයිතිකරු මිය ගිහින් තිබුණොත් එතකොට කොහොමද හිමිකම් පැවරීමක් කරන්නේ? මේ ගැන වගේම 2nd hand වාහනයක් මිලදී ගන්නවා නම් ලියාපදිංචි හිමිකම පවරන්නේ කොහොමද කියලා අපි කියපු දේවල් වගේම තවත් විස්තර අකුරක් නෑර දැන ගන්න, ඔබට පුළුවන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

මේ විදිහට තමයි 2nd hand වාහනයක් මිලදී ගන්නවා නම් ලියාපදිංචි හිමිකම පැවරීම සිදු කරන්නේ. මේ Article එක බැලූ බැල්මට නම් ඔබට හිතෙයි ටිකක් අමාරු වැඩක්නේ කියලා. හැබැයි අපි අද කියපු විදිහට වාහනයේ නව අයිතිකරු සහ වර්තමාන අයිතිකරු ඒ ඒ දේවල් හරියටම කරනවා නම්, අවශ්‍ය ලියකියවිලි අඩුවක් නැතුව ඉදිරිපත් කරනවා නම්, ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි අද කියපු දේවල් අමතක නොකර මතක තියාගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!