Full Insurance ගැන නොදන්නා දේවල්

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක් මාර්ගයේ ගමන් කරන්න ලේඛන තුනක් තියෙන්නෙම ඕනේ. ඒ තමයි ආදායම් බලපත්‍රය, රියදුරු බලපත්‍රය සහ රථවාහන රක්ෂණයයි. මෝටර් වාහන පනතට අනුව වලංගු රක්ෂණයක් නොමැති වාහනයක් මාර්ගයේ ධාවනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදක්. මේ නීති නිසා වගේම වාහනයේ ආරක්ෂාව ගැන හිතල අපි හැමෝම තමන්ගේ වාහනය insurance කරනවා. ඒ නිසාම අපි MotorGuide තුළින් කතා කරන්නේ දන්න full insurance වල නොදන්නා දේවල් ගැන.

Full Insurance කියන්නේ මොකක්ද?

මෝටර් වාහනයකට අනපේක්ෂිත අනතුරු, ගිනි හෝ සොරකම්, ද්වේශ සහගත හානි (නොසිතු පරිදි) යන මේ සියල්ල full insurance එකකින් ආවරණය වෙනවා. පුර්ණ රක්ෂණයකදී රක්ෂණය කරන වාහනය, වාහනයේ ගමන් ගන්නා මගින්, බාහිර ජීවිත හා දේපල සියල්ලම ආවරණය වේ.

සාක්ෂි ඕනේ

වාහනයක් accident වුණාම ගොඩක් දෙනා කලබලයට පත් වෙනවා. ඇත්තටම එක සාමාන්‍යයි. නමුත් අපි මෙතනදී කලබල වෙන්න හොඳ නැහැ. ඔයා දාලා තියෙන full insurance එකෙන් වාහනයට වුණු හානිය claim කරගන්න නම් මුලින්ම කරන්න ඕනේ damage වුණු ස්ථානයේ photos කීපයක් අරගෙන සාක්ෂි ලෙස රක්ෂණ සමාගමට ඉදිරිපත් කරන එක. මෙහිදී accident වුණු ආකාරය සහ තෙවන පාර්ශ්වයට සිදු වුණු අලාභානිය ගැනත් රක්ෂණ සමාගම දැනුවත් කරන්නම ඕනේ.

පලා යන්න එපා

ඔබේ අතින් අනතුරක් සිදු වුණාට පස්සේ ඔබ බය වෙලා එනනින් පලා ගියොත් එහෙමත් නැත්නම් ඔබ නිවසට ගොස් අනතුර පිළිබඳව රක්ෂණ ආයතනය දැනුවත් කළොත් සමහර විට ඔබේ insurance එක reject වීමට පවා ඉඩ තිබෙනවා. එහෙමත් නැත්නම් වන්දි හිමිකමට අදාළව පොලිස් වාර්තා පවා අවශ්‍ය වෙන්න පුලුවන්.

Full Insurance cover

Full insurance එකක් දානකොට අනිවාර්යෙන්ම තමන්ගේ වාහනේ cover කරන්න ඕනේ. එතකොට ඔබට basic එක හරහා accident එකකින් වාහනයට වෙන සියලුම damage cover වෙනවා. වාහනය ගිනි ගැනීම, සොරකම් කිරීම, වාහනයේ parts සොරකම් කිරීම, තෙවන පාර්ශ්වයට සිදු වෙන අලාභානි full insurance එකකට ඇතුළත් වෙනවා. නමුත් මෙය insurance company එක අනුව වෙනස් වෙන්නත් පුලුවන්.

Added Options

මෙතනදී ඔබට පුලුවන් full insurance එකට අමතර දේවල් එකතු කරගන්න. ගංවතුර අනතුරු, කැරලි කෝලහාල නිසා ඇතිවෙන අනතුරු වගේ දේවල් අපිට අමතරව එකතු කරගන්න පුලුවන්. මේ දේවල් නොමැතිව full insurance එකක් දැම්මොත් වෙන්නේ අදාළ අලාභානිය ලබා ගන්න නොහැකි වෙනවා.

Full insurance හුවමාරුව

තමන්ට full insurance එකක් තියෙන විට වාහනය විකුණන්න වුනොත් full insurance එකට මොකද වෙන්නේ? සමහර විට වාහනය අලුතෙන් මිල දී ගන්නා පුද්ගලයාට දෙන අවස්ථා තියෙනවා. නමුත් full insurance එක ක්‍රම දෙකකින් තමන්ට ලබා ගැනීමේ හැකියාවත් තියෙනවා. ඒ මුදල් වශයෙන් සහ අලුතෙන් ගන්නා වාහනයට එය යෙදවීම මඟින්. නමුත් මෙය සිදු වන්නේ රක්ෂණය මාස 8කට වඩා අඩු කාලයක් භාවිතා කර තිබෙනවා නම් පමණයි.

රක්ෂණ වන්දි නොගෙවන අවස්ථා

ඔබ බිමවත්ව නම් ඉන්නේ සිදුවන අනතුරු වලට කිසිම දවසක claim එක නම් හම්බවෙන්නේ නැහැ. මොකද බීමත්ව රිය පැදවීම කියන්නේ දඩුවම් ලැබිය හැකි වරදක්. ඒ වගේම වාහනය වලංගු රියදුරු බලපත්‍රයක් නැති පුද්ගලයෙක් අතින් අනතුරට ලක් වුණොත් claim එක ගන්න පුලුවන් learner driver කෙනෙක්ට විතරයි.

ඉතින් මේ දේවල් තමයි දන්න full insurance වල නොදන්නා දේවල්. ඔබත් full insurance එකක් දාන්න ඉන්නවා නම් මේ දේවල් ගැන හිතන්න මතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!