වාහනයක් රක්ෂණය කිරීමේදී ඔබට මඟ හැරෙන දේවල්

time
මිනිත්තු 3 කියවීම
feature image

අපි වාහනයක් ගත්ත ගමන් කරන්නේ වාහනය රක්ෂණය කරන එක. මේ විදිහට වාහනය රක්ෂණය කරනකොට ඔයා සළකා බැලිය යුතු කාරණා කිහිපයක්ම තියෙනවා. ඒ වගේම ඔයා වාහනයක් රක්ෂණය කරනකොට මඟ හැරෙන දේවල් කිහිපයකුත් තියෙනවා. අන්න ඒ නිසා MotorGuide අපි කියන්නේ වාහනයක් රක්ෂණය කරනකොට ඔයාට මඟ හැරෙන කරුණු ගැනයි.

වාහන රක්ෂණයක් කියන්නේ

වාහන රක්ෂණයක් කියන්නේ රිය අනතුරකින් හෝ වාහනයට සිදුවන වෙනත් හානියකින් ඇතිවන මූල්‍ය අලාභ වලින් ඔයාව ආරක්ෂා කිරීම සඳහා ඔයා සහ රක්ෂණ සමාගමක් අතර තියෙන ගිවිසුමක්. ඒ වගේම තුන්වන පාර්ශවයකට සිදු වන තුවාල හෝ හානි සඳහා ඔයා වගකිව යුතු නම් මූල්‍යමය වශයෙන් ඔයාව වාහන රක්ෂණය මඟින් ආරක්ෂා කරනවා. එමෙන්ම රිය අනතුරකදී ඔයාට හානි වුණොත් වාහන රක්ෂණය මඟින් වෛද්‍ය බිල්පත් සඳහා ගෙවීම සිදු කරනවා.

වාහන රක්ෂණයක් තෝරා ගැනීමේදී සැළකිය යුතු කරුණු

රක්ෂණ සමාගමක් තෝරා ගන්නකොට ඔයාල මඟ හැර ගන්න දේවල් කිහිපයක් තියෙනවා. ඒ අනුව අපි රක්ෂණ සමාගමක් තෝරා ගැනීමේදී කරුණු කිහිපයක් ගැන සළකා බලන්න ඕනේ.

- හොඳ රක්ෂණ සමාගමක් තෝරා ගැනීම

අපි රක්ෂණ සමාගමක් තෝර ගන්නකොට මේ රක්ෂණ සමාගම ගැන හොයලා බලන්න ඕනේ. ඒ අනුව අපි මුලින්ම රක්ෂණ සමාගයේ කීර්තිය, මූල්‍ය ස්ථායිතාවය, ශාඛා ජාලය, ගෙවීම් සිදු වන ආකාරය වගේ කාරණා පිළිබඳව සැළකිලිමත් වෙන්න ඕනේ.

- තමන්ට ගැළපෙන රක්ෂණ ඔප්පුවක් මිල දී ගැනීම

ඔයා ලබා ගන්නා රක්ෂණ ඔප්පුව ඔයාට ගැළපෙනවද කියලා බලන්න ඕනේ. ඒ අනුව ඔයා ගන්න රක්ෂණ ඔප්පුවෙන් අවාරණය කරන අනතුරු , රක්ෂණ ඔප්පුවේ ලක්ෂණ, කොන්දේසි, ප්‍රතිලාභ, වගේ කරුණු ගැන සළකා බලන්න ඕනේ.

- තමන්ට දැරිය හැකි වාරිකයක් වීම

ඔයා රක්ෂණයක් ලබා ගන්නකොට සැළකිය යුතු තවත් කාරණාවක් තමයි වාරිකය කියන්නේ. ඔයා ලබා ගන්නා රක්ෂණය සඳහා වාරිකය ඔයාට දැරිය හැකිද කියලා බලන්න ඕනේ. ඒ වගේම ඔයා රක්ෂණයට ගෙවන මුදල් ප්‍රමාණය ඔයාගේ අවශ්‍යතාවන්ට ගැළපෙනවාද කියලා බලන්නත් ඕනේ. තුන්වන පාර්ශව රක්ෂණ ඔප්පු, හදිසි අනතුරකදී, ඔයා විසින් අනෙක් පාර්ශවයට සිදු කරන ලද හානිවල පිරිවැය ආවරණය කරනවා.

- රක්ෂණ සමාගමෙන් ලැබෙන සේවාව

අපිට අනතුරක් සිදු වූ වහාම රක්ෂණ සමාගම දැනුවත් කිරීම කළ යුතුයි. ඒ නිසා ඔබ තෝරාගන්නා රක්ෂණ සමාගම සෑම වෙලාවකම විවෘතව තියෙනවාද කියලා බලන්න ඕනේ. ඒ වගේම රක්ෂණ සමාගමෙන් ඔයාට ලැබෙන වාසි සහ අමතර ආවරණ පිළිබඳවත් ඔයා දැනුවත් වෙන්න ඕනේ.

රක්ෂණ ඔප්පුව ගත හැකි ස්ථාන

  • රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි රක්ෂණ සමාගම වෙතින්
  • ලියාපදිංචි රක්ෂණ නියෝජිතයින් හා තැරැව්කරුවන්ගෙන්.
  • රක්ෂණ සමාගම සමඟ බැංකු සුරැකුම් ක්‍රම ස්ථාපිත කරගත් බැංකු ආයතන මඟින්

වාහන රක්ෂණයකින් වන්දි ලබා දෙන අනතුරු

  • රිය අනතුරු
  • ඇතුළතින් ගිනි ගැනීම්
  • බාහිර පිපිරීම්
  • අකුණු සැර වැදීම්
  • සොරකම් කිරීම්
  • ජල ගැලීම් සහ ස්භාවික විපත්

වාහන රක්ෂණයකින් වන්දි ලබා නොදෙන අනතුරු

  • ඔයා හිතාමතා වාහනයට සිදු කරන හානි

මේ තමයි වාහන රක්ෂණයක් තෝරා ගැනීමේදී සැළකිය යුතු කරුණු. ඉතින් මේ දේවල් හොඳින් අධ්‍යනය කරලා වාහනය රක්ෂණය කරන්න. එහෙම වුණොත් වාහනයට අනතුරක් සිදු වුණොත් කිසිම ප්‍රශ්නයක් නැතුව වන්දි ලබා ගන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!