මෝටර් රථ රක්ෂණයක් තෝරගන්න නිවැරදි ක්‍රම මොනවාද?

time
මිනිත්තු 5 කියවීම
feature image

අපි හැමෝම කැමතියි මහන්සියෙන් හම්බකරලා ගත්ත වාහනය සුරක්ෂිතව තියාගන්න. හැබැයි මහන්සියෙන් අරගෙන කොච්චර පරිස්සම් කරන්න හැදුවත් සමහර වෙලාවට අපේ වාහනය හදිසි අනතුරු වලට වගේම සොර සතුරු කරදර, ස්වාභාවික විපත් වලටත් ලක්වන අවස්ථා නැතුවමත් නෙවෙයි. හැබැයි අපිට මේකට කරන්න එක විසඳුමක් තියනවා. ඒ තමයි ඔයාගේ වාහනයට හොඳ motor insurance එකක් දාගන්න එක. ඉතින් අද අපි MotorGuide තුළින් කතා කරන්න යන්නේ ඔයාගේ වාහනයට හොඳම මෝටර් රථ රක්ෂණයක් තෝරා ගන්නේ කොහොමද කියලා.

හොඳ රක්ෂණ සමාගමක් තෝරා ගැනීම

අද බොහෝ දෙනෙක් රක්ෂණ සමාගමක් තෝරා ගන්නකොට තමන්ගේ හිතවතෙක්, යාළුවෙක් කියපු දෙයක් මත තමයි පදනම් වෙන්නේ. හැබැයි ඔයත් ඔයාගේ වාහනයට ආදරය කරනවා නම් හොඳ රක්ෂණ සමාගමක් තෝරා ගන්න එකත් වැදගත්. ඒ නිසාම අපි හැම වෙලාවෙම හොඳ රක්ෂණ ආයතනයක් තෝරා ගැනීමේදී සැළකිලිමත් වෙන්න ඕනේ කරුණු කාරණා කීපයක් තියනවා.

  • අදාළ රක්ෂණ සමාගමේ කීර්තිය
  • මූල්‍ය ස්ථායීභාවය
  • එම සමාගමට තියෙන ශාඛා ජාලය
  • රක්ෂණ ගෙවීම සිදු කරන ආකාරය
  • ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වලින් ස්වාධීනව තක්සේරු කර තිබීම

මෙන්න මේ වගේ කරුණු ගැන අපි වැඩිපුර හිතන්න ඕනේ. ඒ වගේම තමයි මේ රක්ෂණ ආයතනයවල සියලුම විස්තර ඒ ඒ ආයතනයන්ට අදාළ web sites වලින් ගන්න පුළුවන්. මේ විදිහට තොරතුරු සොයා ගන්න එකේ වැදගත්කම වෙන්නේ රට පුරා අවම ශාඛා ජාලයක් තියන ආයතනයක් තෝරා ගත්තොත් ඒක ඔයාලට අවාසි වෙන්න පුළුවන්. ඒකට හේතුව අනතුරකදී හෝ වෙනත් කටයුත්තකදී documents වැනි දේ ඉදිරිපත් කිරීමට තිබුණොත් ඔයා ඉන්න නගරෙම ශාඛාවක් තිබීම ඔයාගේ කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමටත් උපකාරී වෙනවා.

වඩාත් ගැළපෙන රක්ෂණ ඔප්පුවක් මිලදී ගැනීම

අපිට වැදගත් වන ඊළඟ දෙය තමයි රක්ෂණ නිමැයුම් තෝරා ගැනීම. අපි මෙහිදී සැළකිලිමත් විය යුතු කරුණක් තමයි අපි තෝරා ගන්න insurance policy එකේ මොනවගේ අවදානම් ද ආවරණය වෙන්නේ කියන එක. ඒ වගේම තමයි insurance policy එකේ ලක්ෂණ, කොන්දේසි, ප්‍රතිලාභ, සීමා කිරීම් සහ බැහැර කිරීම් වගේම රක්ෂණ සැලැස්මෙහි ඇති කරුණු පිළිබඳව අවබෝධයක් ලබාගැනීමත් වැදගත්. මොකද එහෙම නොවුණොත් ගොඩක් වෙලාවට insurance company එකෙන් claims reject වෙන්න පුළුවන්. ඒ වගේම රක්ෂණ ඔප්පුව මිලදී ගැනීමේදී සැළකිලිමත් විය යුතු තවත් කරුණක් තමයි ඔයා වාහනය පාවිච්චි කරන්නේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ද නැත්නම් rent කිරීම සඳහාද යන්න බලලා අදාළ purpose එක මත policy එක තෝරා ගන්න එක. ඒ මොකද කිව්වොත් private use සඳහා තියන policy එක මිලට අරගෙන ඔයාලා වාහනය hire කළොත් හදිසි අනතුරකදී ඔයාගේ වාහනයට අදාළ රක්ෂණය එම සමාගම විසින් ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. ඒ නිසා තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා හෝ තමන්ගේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා තමන්ගේ වාහනය පාවිච්චි කරනවා නම් ඒ සඳහා private policy එකක්ද එහෙමත් නැත්නම් ඔයාලගේ වාහනයේ free හෝ rewards ගාස්තුවක් හෝ ප්‍රතිලාභයක් ලැබෙනවා නම් ඒ සඳහා hiring සහ rent policy එකක්ද තෝරා ගැනීම අනිවාර්යයෙන් කරන්න ඕනේ.

මෙහිදී ඔයාලට රක්ෂණ ඔප්පුවක් මිලදී ගන්න පුළුවන් ආයතන කිහිපයක් තියනවා.ඒ තමයි,

  • රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි රක්ෂණ සමාගම වෙතින්
  • ලියාපදිංචි රක්ෂණ නියෝජිතයන් සහ තැරැව්කරුවන් වෙතින්
  • රක්ෂණ සමාගම් සමඟ බැංකු සුරැකුම් ක්‍රම ස්ථාපිත කරගත් බැංකු ආයතන මඟින්

ඒ වගේම ඔයා ඔයාගෙම කියලා රක්ෂණ ඔප්පුවක් මිලදී ගන්නකොට අතරමැදියන්ගෙන් වැළකිලා ඉහත සඳහන් කරලා තියන ආයතනයන්ගෙන් විතරක්ම ලබා ගන්නත් අමතක කරන්න එපා.

තමන්ට දැරිය හැකි වාරිකයක් තෝරා ගැනීම

අපි වාහනයක් insurance කරන්න යනකොට හිර වෙන එක තැනක් තමයි වාරිකයකට ආයෝජනය කරන මුදල් ප්‍රමාණය ගැන. අපිට මෙතැනදී හොඳට හිතලා බලලා තීරණයක් ගන්නම වෙනවා. හැම වෙලාවකදීම අපි insurance එකක් හරියට දානවනම් මේ දේ ගැන සැළකිලිමත් වෙන්නම ඕනේ. ඒ වගේම ඔයාට රක්ෂණාවරණයට ගෙවන්න තියන මුදල ඔයාගේ අවශ්‍යතාවයන්ට ගැළපෙනවද කියලා තහවුරු කර ගන්නත් ඕනේ. ඒ වගේම තමයි ඒ ඒ රක්ෂණ සමාගම්වල එකම වාහනයට අය කරන ගණන් සහ ලබා දෙන සේවාවන් එකකට එකක් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසාම ඔයාගේ වාහනයට වඩාත් ලාභදායි විකල්පය තීරණය කරන්න නම් ඒ ඒ රක්ෂණ සමාගම්වල මිල ගණන් වෙන වෙනම සංසන්දනය කරලා බලන්නම වෙනවා. මෙතැනදී සළකා බලන්න ඕන අනිත් කාරණාව තමයි මෝටර් රථයේ වර්තමාන වටිනාකම රක්ෂණකරු සමඟ කෙළින්ම පරික්ෂා කරලා ගෙවිය යුතු වර්තමාන පිරිවැය කතා කරගන්න එක.

Paperless Concept

මෙතැනදී ඔයාලා අනිවාරෙන් බලන්න ඕන තවත් දෙයක් තමයි ඔයාලට කොච්චර පහසුවෙන් සහ ඉක්මනින් insurance company එකෙන් claims ගන්න පුළුවන්ද කියන එක. ඔයාලා එතැනදී සැළකිලිමත් වෙන්න ඕනේ ඒකට ගොඩක් documents එයාලා ඉල්ලනව ද කියන එක ගැනත්. මොකද දැන් තියන technology එකත් එක්ක paperless concept එක ගොඩක් insurance company වල මේ වෙනකොටත් තියනවා. ඒ වගේම ඔයාලා දැනගෙන ඉන්න ඕනේ අනතුරක් වුණාට පස්සේ රක්ෂණ ආයතනයට ඉදිරිපත් කළ යුතු දේවල් මොනවද කියන එක ගැන.

රක්ෂණ සමාගමෙන් සිදු වන සේවාව

විශේෂයෙන් පැය 24ක් පුරාවට පාරිභෝගික ඇමතුම් සේවා මධ්‍යස්ථාන පහසුකම් සහ තක්සේරුකරුවන් යොමු කිරීම යන පහසුකම් තිබීමත් අනිවාර්ය කරුණක්. මොකද අනතුරක් සිදු වුණ ගමන්ම ඒ ගැන රක්ෂණ ආයතනය දැනුවත් කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ලැබෙන වාසි සහ අමතර අදායම පිළිබඳවත් දැනුවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අනතුරක් වුණ වෙලාවට සමාගම විසින් වෙනත් වාහනයක් හෝ hiring charge එකක් වගේ දේවල් ලබාදෙනව ද නැද්ද කියන එක ගැනත් හොයලා බලන්න ඕනේ. පොදුවේ ගත්තම ඕනෑම රක්ෂණ ආයතනයක නිළධාරියෙක් කියන්නේ තමන්ගේ රක්ෂණ ආයතනයේ සේවාව හොඳයි කියලා.

නමුත් ඔයාලා මේ ගැන සැළකිලිමත් වෙන්න ඕනා. මොකද රක්ෂණ ආයතනයත් එක්ක නිතරම සම්බන්ධතා පවත්වන්නේ ගරාජ් හිමිකරුවන්, වාහන අමතර කොටස් සපයන ආයතන සහ වාහන සේවා සපයන ආයතනයි. ඒ නිසා ඔයාට ඒ ස්ථානවලට ගිහිල්ලා වන්දි මුදල හරියටම හරි වෙලාවටම ගෙවන රක්ෂණ ආයතන මොනවද කියන එක ගැන දැනගන්න පුළුවන්.

ඔයත් ඔයාගේ වාහනයට ඔයාටත් වඩා ආදරය කරන කෙනෙක් නම්, දැනටමත් වාහනයට ගැළපෙනම motor insurance එක දාලා නැත්නම් අදම මේ Tips ටික පාවිච්චි කරලා බලන්නකෝ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!