වාහන රක්ෂණ වල මොකද්ද මේ No Claim Bonus?

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහන රක්ෂණ ගැන කතා කරද්දි කතා නොකරම බැරි දෙයක් තමයි මේ No Claim Bonus ඒ නිසා Motor Guide අපි හිතුව ඒ ගැන කතා කරන්න. මේක ඇත්තටම ඔබට ලැබෙන හොඳම තෑග්ගක් වගේ දෙයක්. සරලවම කිව්වොත්, "No Claim Bonus" කියන්නේ ඔබ ඔබේ වාහන රක්ෂණ කාලය තුළදී කිසිම Claim කිරීමක් නොකළොත් රක්ෂණ සමාගමෙන් ඔබට ඊළඟ අවුරුද්දේ රක්ෂණය අලුත් කිරීමේදී දෙන විශේෂ වට්ටමක්.

අපි බලමු ඒක වෙන්නෙ කොහොමද කියල. ඔබ අවුරුද්දක් පුරා ඉතා ප්‍රවේශමෙන් වාහනය පදවාගෙන ගිහින්, පොඩි හෝ ලොකු අනතුරක් නිසා රක්ෂණ සමාගමෙන් කිසිම මුදලක් ඉල්ලුවේ නැත්නම්, ඒකෙන් රක්ෂණ සමාගමට ලාභයක්. ඒ නිසා තමයි ඔවුන් ඔබව දිරිමත් කරන්න මේ වට්ටම ඔබට දෙන්නේ. සාමාන්‍යයෙන්, පළමු වසරේදී Claim කිරීමක් නොකළොත්, ඊළඟ වසරේ රක්ෂණ වාරිකයට (Premium එකට) 20% ක් වගේ වට්ටමක් ලබාගන්න පුළුවන්. ඒ වගේම ඔබ ඊළඟ වසරෙත් කිසිම Claim එකක් නොකළොත්, මේ වට්ටම් ප්‍රතිශතය ඊට වඩා වැඩි වෙනවා (උදාහරණයක් ලෙස 25%, 35% ආදී වශයෙන්). මේක අඛණ්ඩව අවුරුදු ගණනක් ගියාම 50% ක් වගේ ඉහළ අගයක් දක්වා වැඩි වෙන්න පුළුවන්. බොහෝ රක්ෂණ සමාගම් වල, මේ වට්ටමට උපරිම සීමාවල ඒ කියන්නෙ 60% හෝ 70% වැනි සීමාවල පවතිනවා.

NCB යනු ඉතාම වටිනා වට්ටමක් නිසා, එය නැතිවී යාම ගැන සැලකිලිමත් වීම වැදගත්. ඔබ රක්ෂණ කාලය තුළදී ඔබේ රක්ෂණය යටතේ Own Damage Claim එකක් දැම්මොත්, ඔබේ සම්පූර්ණ NCB වට්ටම නැතිවී, ඊළඟ වසරේදී නැවත 0% හෝ පළමු ස්ථරයේ ඒ කියන්නෙ 20% සිට නැවත පටන් ගන්න සිද්ධ වෙනවා. ඔබ වරදකරු වුවද, තෙවන පාර්ශ්වයකට පමණක් හානි වූ Claim එකක් නිසා ඔබේ NCB එකට සාමාන්‍යයෙන් හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ දිගින් දිගටම වසර 5කට වඩා වැඩි කාලයක් NCB ලබාගෙන සිටිනවා නම්, සමහර රක්ෂණ සමාගම්වල නීතිවලට අනුව, ඔබ Claim කළත්, ඔබේ NCB එක මුළුමනින්ම නැති නොවී සුළු ප්‍රමාණයක් (උදාහරණයක් ලෙස වසර තුනක වට්ටමක්) පමණක් අඩු වී ඉතිරිය තියාගන්න අවස්ථාව ලැබෙනවා. මේක සමාගමෙන් සමාගමට වෙනස් වෙනවා.

සමහර රක්ෂණ සමාගම් ඉතා කුඩා අමතර වාරිකයක් ගෙවූ විට, වසරකට එක් Claim එකක් දැමුවත් ඔබේ NCB එක 50% වැනි ඉහළ ප්‍රතිශතයක් නැති නොවී ආරක්ෂා කර දෙන විශේෂිත රක්ෂණ අතිරේක ආවරණ (Add-ons) පිරිනමනවා. මේක ඉහළ NCB එකක් ඇති අයට ඉතාම ප්‍රයෝජනවත් වෙනවා.

මේ NCB එකේ තියන තවත් වාසියක් තමයි ඔබ පැරණි වාහනය විකුණා අලුත් වාහනයක් ගත්තත්, ඔබ උපයාගත් NCB වට්ටම අලුත් වාහනයේ රක්ෂණ වාරිකයට මාරු කරගෙන යාමේ හැකියාව තිබෙනවා. මේ වට්ටම අයිති වෙන්නේ වාහනයට නොව, රක්ෂණ ඔප්පුවේ හිමිකරුටයි. එය රක්ෂණ සමාගමෙන් සමාගමට වෙනස් වෙනවා.

  • ලංකාවේ බොහෝ රක්ෂණ සමාගම් දැන් කුඩා අමතර ගෙවීමක් යටතේ ඔබේ NCB එක ආරක්ෂා කර දෙන විශේෂ පහසුකම් (Add-ons) පිරිනමනවා. මෙය විශේෂයෙන්ම 50% වැනි ඉහළ NCB ප්‍රතිශතයක් උපයාගෙන ඇති අයට ඉතා වටිනවා.
  • බොහෝ විට, වාහනයේ ඉදිරිපස හෝ පිටුපස වීදුරුව පමණක් කැඩීම. වෙනත් හානියක් නොමැති නම් ඒ සඳහා කරන Claim එකකට NCB බලපාන්නේ නැත.
  • ස්වාභාවික විපතකින් සිදුවන හානි සඳහා Claim කළත් NCB අහිමි නොවන ආකාරයේ විශේෂ ආවරණ සමහර සමාගම් පිරිනමයි.

ඔබේ වාහනයේ වර්තමාන වෙළඳපල වටිනාකම මත මූලික වාරිකය ගණනය කරන අතර, ඉන් පසුවයි මෙම NCB වට්ටම අඩු කරන්නේ. ඒ නිසා, NCB 50%ක් තිබුණත්, වාහනයේ වටිනාකම වැඩිවී ඇත්නම්, ඔබ ගෙවන මුදල සුළු වශයෙන් වැඩි වීමට ඉඩ තිබේ. ඒ වාගේම ඔබ Claim එකක් දැමුවත්, "Deductible" (වාහන හිමිකරු දරණ අවම මුදල) ගෙවීමට ඔබට සිදුවේ. නමුත් ඔබ NCB ආරක්ෂක Add-on එකක් භාවිතා කළහොත්, ඔබට Deductible ගෙවා NCB එක රැක ගැනීමට පුළුවන්. ඔබ වසරක් පුරා ඔබේ වාහනය භාවිතා නොකළත්, රක්ෂණය අලුත් කිරීමේදී NCB එක ලබා ගැනීමට ඔබට අයිතියක් තිබිය හැකිය.

මේ විස්තර වලින් ඔබට No Claim Bonus එකේ වටිනාකම සහ එය ආරක්ෂා කර ගත යුතු ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!