වටරවුමේ නීතිය ගැන දැනුවත්ද?

time
මිනිත්තු 3 කියවීම
feature image

"යම් කෙනෙක් ඔබට කතාවක් කියනකොට ඒ කෙනා අනවශ්‍ය දේවල් කියනවට එහෙම නැත්නම් වටරවුමේ යනවට ඔබ කැමති නෑනේ. හැබැයි ඉතින් drive කරනකොට නම්, ඔබටත් වටරවුමේ යන්න වෙනවා. අපි මේ කියන්නේ, round the bout එක ගැන. මේ වටරවුමේ යන්න නම් අනිවාර්යයෙන්ම අදාළ නීතිරීති ගැන දැනගෙන ඉන්නම ඕනේ. ඇත්තටම round the bout එකක් තුළ drive කරනවා කියන එක ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි. මොකද ඔබ හරියට මාර්ග සංඥා නීතිරීති වලට අනුකූලව drive කළාට, අනිත් drivers ලා ඒ දේවල් හරියට පිළිපදින්නේ නැති වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත්, වටරවුමේ නීතිය ගැන හරියට දැනුවත් වෙන එක ඔබට ගොඩක් වැදගත්. විශේෂයෙන් drive کرنا ඉගෙන ගන්න අයටත් මේ වටරවුම් නීතිය ගොඩක් වැදගත්. ඉතින් අපි හිතුවා වටරවුමේ නීතිය ගැන, Motorguide තුළින් අද ඔබව දැනුවත් කරන්න.

වටරවුමක් කියන්නේ මොකක්ද?

වට වංගුව කියන්නෙත්, වටරවුමටම තමයි. මුලින්ම ඔබ ඒ ගැන දැනගෙන ඉන්න ඕනේ. වටරවුමක් නැත්නම් round the bout එකක් හම්බ වෙන්න කලින් මාර්ග සංඥාවක් මඟින් ""වටරවුම ඉදිරියෙන්""කියලා දක්වනවා. මේ මාර්ග සංඥාව දැකපු ගමන්, ඔබ වාහනය හරියටම සුදුසු තැන තියාගන්න ඕනේ. ඔබ යන්නේ වටරවුමෙන් ඉදිරියටද, වමටද නැත්නම් දකුණටද කියන එක මත වාහනය තියාගන්න ඕන තැන වෙනස් වෙනවා.

Round the bout එකෙන් වමට හරවන්නේ කොහොමද?

Round the bout එකකදී වාහනය වමට හරවනවා නම්, අනිවාර්යයෙන්ම වම් පැත්ත තමයි තෝරාගන්න ඕනේ. වටරවුමකදී ඔබට දකින්න ලැබෙනවා, නවතිනු රේඛා. වමට හරවනකොට මේ නවතිනු රේඛා ළඟ වාහනය නතර කර ගන්න ඕනේ. මොකද දකුණු පසින් එන වාහන වලට ප්‍රමුඛත්වය දෙන්න ඕන නිසා. ඒ කියන්නේ, මෙතනදි මුල් තැන දෙන්න ඕනේ, round the bout එක ඇතුළෙ ඉන්න අයට. ඔබට නැවතුම් රේඛාව මාර්ග සංඥාවකින් දක්වලා තියෙනවා බලා ගන්න පුළුවන්. දකුණු පසින් එන වාහන ගියාට පස්සේ, signal දාලා වම් පැත්තට හරවන්න පුළුවන්. Round the bout එක ඉවර වුණාට පස්සේ, signal light off කරන්න ඕනේ.

Round the bout එකෙන් ඉදිරියට යන්නේ කොහොමද?

Round the bout එකකින් ඉදිරියට යනවා නම්, පාරේ මැද lane එක තමයි භාවිතා කරන්න ඕනේ. කෙළින්ම යනකොට signal දාන්න අවශ්‍ය නැහැ. හැබැයි round the bout එකේ මැදට ගියාට පස්සේ, වමට signal දාන්න ඕනේ. අමතක නොකර round the bout එක පහු වුණාට පස්සේ, signal off කරන්න.

දකුණට හරවන්නේ කොහොමද?

Round the bout එකෙන් දකුණට හරවනවා නම්, දකුණු පස lane එක තමයි ඔබ තෝරාගන්න ඕනේ. එතකොටත් නැවතුම් රේඛාව ළඟ වාහනය නතර කරන්න ඕනේ. නතර කරලා දකුණු පසින් එන වාහන වලට ඉඩ දෙන්න. ඔබ දැන ගන්න ඕන අනිත් දේ තමයි, ඔබට කලින් වෙනත් වාහනයක් round the bout එකට ඇතුල් කළා නම්, ඒ වාහනයට තමයි ප්‍රමුඛතාවය ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔබට වාහනය ඉදිරියට, වමට හෝ දකුණට හරවන්න chance එක තියෙන්නේ. වාහනය දකුණට හරවනකොට අනිවාර්යයෙන්ම signal දාන්න ඕනේ. Round the bout එක ඉවර වුණාට පස්සේ තමයි, signal off කරන්න පුළුවන් වෙන්නේ. දකුණු පැත්තට හැරෙව්වට පස්සේ, හරිම lane එක භාවිතා කරන්න ඕනේ. දකුණු පැත්තට හරවපු නිසා, දකුණු පස lane එක තමයි භාවිතා කරන්න ඕනේ. මොකද ඔබේ වම් පසින් එන වාහන වලට වම් පස lane එක ඉඩ දෙන්න ඕනේ.

හරිම lane එක භාවිතා කරන්න

Round the bout එකක drive කරනකොට වැදගත්ම දේ තමයි, හරි lane එක භාවිතා කරන එක. Round the bout එකට ළං වෙනකොට මං තීරු දිශා සලකුණු පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගෙන තියෙන්න ඕනේ. මොකද ඒ දිශා සලකුණු වලට අනුව තමයි, වාහනය handle කරන්නේ. Round the bout එක ඇතුළට ආවට පස්සේ, ඒ වාහන වලට ප්‍රමුඛත්වය දෙන්න වග බලා ගන්න. ඔබට කලින් වාහනයක් round the bout එකට ඇතුල් වුණා නම්, ඒ වාහනය පිට වෙනකොට තමයි, ඔබේ වාහනය round the bout එක ඇතුළට යොමු කරන්න පුළුවන් වෙන්නේ.

ඔන්න මේ විදිහට තමයි, round the bout එකක වාහනය drive කරන්නේ. ඔබ අනිවාර්යයෙන්ම මේ වටරවුම් නීතිය ගැන දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඔබ දන්න, ඉදිරියේදී drive කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයවත් මේ වටරවුම් නීතිය ගැන දැනුවත් කරන්න. මතක ඇතුව මේ නීතිරීති ඒ විදිහටම පිළිපදින්න. එතකොට ඔබට drive කරනකොට ඇති වෙන අනතුරු අවම කර ගන්න පුළුවන්"

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!