නොවැම්බර් 24 සිට බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ අවස්ථාව
මිනිත්තු 1 කියවීම
මිනිත්තු 1 කියවීම

එළඹෙන නොවැම්බර් මස 24 වැනිදා සිට බැංකු මගින් නිකුත් කරන ලද ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් බස් රථ ගාස්තු ගෙවීමේ අවස්ථාව මහජනතාවට හිමි වෙනවා.
මේ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබුවා.
මෙම නව පහසුකම හඳුන්වාදීමත් සමඟ, බස් රථවල ගමන් ගන්නා මගීන්ට මුදල් භාවිතයෙන් තොරව (Cashless) ගෙවීම් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.







































