බර වාහන Licence එක ගැනීමට ඔබට තිබිය යුතු සුදුසුකම්

time
මිනිත්තු 4 කියවීම
feature image

අපි හැමෝගෙම හීනයක් තමයි අවුරුදු 18 සම්පූර්ණ වුණ ගමන් රියදුරු බලපත්‍රය ලබා ගන්න එක. ඉතින් MotorGuide අපි මීට පෙර ලිපි හරහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය පිළිබඳව ගොඩක් දේවල් පිළිබඳව ඔබ දැනුවත් කළා. මේ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයෙන් අපිට drive කරන්න පුලුවන් මෝටර් සයිකල්, කාර්, වෑන් වගේ වාහන විතරයි. බස්, ලොරි වගේ විශාල වාහන drive කරන්න නම් බර වාහන ලයිසන් එකක් තිබීම අනිවාර්යය වෙනවා. අද MotorGuide තුළින් අපි ඔබට කියන්නේ බර වාහන Licence එක පිළිබඳවයි.

Licence එක ගන්න ක්‍රම දෙකක්

නව තාක්ෂණයත් එක්ක smart driving licence එකක් ලබා ගන්න ඔබත් දැන් පුලුවන්. මේ සඳහා ක්‍රම දෙකක් තියෙනවා.

පළවෙනි ක්‍රමය තමයි online ක්‍රමය හරහා licence එක ලබා ගැනීම.

වේරහැර බලපත්‍ර නිකුත් කරන ප්‍රධාන කාර්යාලයේදී හා කුරුණෑගල, කළුතර, හම්බන්තොට, ගම්පහ (මීගමුව උපකාර්යාලයක් පිහිටා ඇත) අනුරාධපුරය, යාපනය, මොණරාගල, නුවර දිස්ත්‍රික්ක කාර්යාලවලදී ඔබට online ක්‍රමය හරහා licence එක ලබා ගන්න පුලුවන්.

දෙවන ක්‍රමය විදිහට අනෙක් සියලුම දිස්ත්‍රික් කාර්යාලවලදී offline ක්‍රමයට licence එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

Licence එක සම්බන්ධයෙන් පොදු අවශ්‍යතා

රියදුරු බලපත්‍රයක් සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම කටයුත්තකදී පහත අවශ්‍යතා ඔබ විසින් අනිවාර්යයෙන්ම සම්පුර්ණ කරන්න ඕනේ.

  • අයදුම්කරු පෞද්ගලිකවම පැමිණීම
  • ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ඒම
  • Online ක්‍රමය භාවිතා වන කාර්යාල වලින් සේවය ලබාගැනීමේදී ඡායාරූප රැගෙන ඒම අවශ්‍ය නොවන අතර පරිගණක ක්‍රියාවලියේදී අදාළ ඡායාරූප ලබා ගැනීම සිදු කරනවා.
  • Offline ක්‍රමය භාවිතා වන කාර්යාල සඳහා පාස්පෝට් ප්‍රමාණයේ ලා පැහැති පසුබිම සහිත කළු සුදු ඡායාරූප 02 ක් රැගෙන ඒම අනිවාර්යයි.

බර වාහන Licence එක ගැනීමට ඔබට තිබිය යුතු සුදුසුකම්

  • අයදුම්කරන දිනට අවම වශයෙන් වසර 02 කට ප්‍රථම සැහැල්ලු වාහන (ද්විත්ව හා/හෝ ත්‍රීරෝද රථ වාහන පංතී පමණි) බලපත්‍රයක් දරන්නෙකු වීම
  • සැහැල්ලු මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩයක් ලබා ගැනීම සඳහා අවම වශයෙන් උස අඩි 4 අඟල් 10 විය යුතුයි.
  • මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩය ලබා ගැනීම සඳහා අවම උස අඩි 5 ක් තිබිය යුතුයි.
  • වයස අවුරුදු 20 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් වෙන්න පුලුවන්.
  • ලිඛිත පරීක්ෂණයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 ක් දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය නිකුත් කිරීම සිදු කරනවා. එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු වෙන්න පුලුවන්. මෙම පුහුණුව බලයලත් රියදුරු උපදේශකයෙකු යටතේ විය යුතුයි. පුහුණුව අවසානයේ අයදුම්කරු වෙත ප්‍රවීණතා සහතිකයක් ලබා දිය යුතුයි. ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වන අවස්ථාවේ මෙම ප්‍රවීනතා සහතිකය ඉදිරිපත් කළ යුතුයි.
  • ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 06 කට නොවැඩි කාලයකදී බර වාහන සඳහා ලබා ගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකයක් ලියාපදිංචි වන අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතුයි.
  • ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වීමට වයස අවුරුදු 21 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 03 ක් සම්පුර්ණ වී තිබිය යුතුයි.
  • ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත්විය යුතුයි. පරීක්ෂණය සඳහා නොපැමිණි අවස්ථාවන්ද ඇතුලත්ව ලිඛිත පරීක්ෂණ සඳහා උපරිම අවස්ථා 03 හා ප්‍රායෝගික පරීක්ෂණය සඳහා උපරිම අවස්ථා 04 ක්ද හිමි වෙනවා. එම කාලය තුළ සමත් වුයේ නොහැකි නම් අයදුම් පත අවලංගු වීම සිදු වෙනවා.

අවශ්‍ය ලියකිවිලි

  • ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය.
  • උප්පැන්න සහතිකයේ මුල් පිටපත. මෙහිදී අදාල රෙජිස්ට්‍රාර් කොට්ඨාශයේ ලියාපදිංචි කරන ලද උප්පැන්න සහතිකය ඉදිරිපත් කරන්න ඕනේ. එහි ඡායා පිටපතක් හෝ වෛද්‍ය රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන ලද පිටපත හෝ නොමිලේ නිකුත් කරන ලද පිටපත හෝ ඉංග්‍රීසි පරිවර්තන හෝ උප්පැන්න සහතිකයේ උපුටා ගත් සටහන ප්‍රමාණවත් වෙන්නේ නැහැ.
  • ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 06 කට නොවැඩි කාලයකදී බර වාහන සඳහා ලබා ගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
  • විදේශිකයකු නම් විදේශ ගමන් බලපත්‍රය සහ අයදුම්කරන දින සිට ඉදිරියට මාස 06 ට නොඅඩු වීසා බලපත්‍රය.
  • සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය.

බර වාහන Licence එක මඟින් ධාවන කළ හැකි වාහන

  • එන්ජින් ධාරිතාව සී.සී. 100 නොඉක්මවන සැහැල්ලු මෝටර් බයිසිකල්
  • එන්ජීන් ධාරිතාව සී.සී. 100 ඉක්මවන මෝටර් බයිසිකල්
  • මෝටර් ට්‍රයිසිකල් හෝ මෝටර් ට්‍රයිසිකල් වෑන්
  • තාර බර කි.ග්‍රෑ. 500 නොඉක්මවන්නාවු ද , වාහනයේ දළ බර කි.ග්‍රෑ. 1000 නොඉක්මවන්නාවුද, මෝටර් ට්‍රයිසිකලයක් හෝ මෝටර් ට්‍රයිසිකල් වෑන්
  • රියදුරු අසුනද ඇතුළුව ආසන සංඛ්‍යාව 09 ට වැඩි නොවන්නා වු සියලුම මෝටර් කාර් රථ
  • වාහන දළ බර කි.ග්‍රෑ. 3500 නොඉක්මවන්නා වු සහ ආසන සංඛ්‍යාව රියදුරු අසුනද ඇතුළුව ආසන 09 කට වැඩි නොවන්නාවුද ද්විත්ව කාර්ය වාහන (එම වාහන වලද අවසර දෙන ලද උපරිම බර කි.ග්‍රෑ. 750 වැඩි නොවන ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය)
  • සැහැල්ලු මෝටර් ලොරි
  • වාහනයේ දල බර කි.ග්‍රෑ. 3500ට අඩුනොවන සහ කි.ග්‍රෑ. 17000ට වැඩි නොවන මෝටර් ලොරි (මෙම පන්තියට අයත් මෝටර් වාහන වලට තාර බර කි.ග්‍රෑ. 750 නොඉක්ම වන්නා වූ ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය)
  • මෝටර් ලොරි (වාහනයේ දල බර කි.ග්‍රෑ. 17000ට වැඩි මෝටර් ලොරිය තාර බර කි.ග්‍රෑ. 750ට වැඩි නොවන ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය)

ඉතින් මේ දේවල් තමයි බර වාහන Licence එක ගැනීමට ඔබට තිබිය යුතු සුදුසුකම්. MotorGuide අපි හිතනවා ඔබට තිබ්බ ලොකු ප්‍රශ්නයකට පිළිතුරැ අද ලැබෙන්න ඇති කියලා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!