අලුතින් රියදුරු බලපත්‍රයක් ලබා ගන්නේ කෙසේද?

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක් drive කරනවා කියන එක අපි හැමෝගෙම හීනයක්. හැබැයි නීත්‍යානුකූලව වාහනයක් drive කරන්න නම් license එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාව තුළ රියදුරු බලපත්‍රය එහෙමත් නැත්නම් driving license එක ගන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි learners එකක් හරහා driving license එක ලබා ගැනීම. අනෙක් ක්‍රමය තමයි රථ වාහන දෙපාර්තමේන්තුව හරහා තනිවම අයදුම් කිරීම.

ඉතින් අද MotorGuide අපි ඔබට කියන්නේ කොහොමද driving license එකක් ලබා ගන්නේ කියලා.

කාටද පුලුවන්?

හිතුමතේට ඕනම කෙනෙක්ට ගිහින් driving license එක ලබා ගන්න නම් බැහැ. ඒකට වයස් සීමාවක් තියෙනවා. ශ්‍රී ලංකාවේ නීතියට අනුව අවුරුදු 17 සම්පූර්ණ වී ඇති ඕනෑම පුද්ගලයෙක්ට driving license එක සඳහා අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඉන්පසුව ඔබට ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් වෙන්න පුලුවන්. නමුත් ලිඛිත පරීක්ෂණය සමත් වුවත් ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සහභාගී වෙන්න පුලුවන් අවුරුදු 18 සම්පූර්ණ වූ පසුවයි. ඒවගේම තමයි ලිඛිත පරීක්ෂණය සමත් වී අවුරුදු එකහමාරක් යෑමට පෙර ඔබ ප්‍රායෝගික පරීක්ෂණය සමත් වෙන්න ඕනේ.

අවශ්‍ය ලියකියවිලි

  • ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය
  • උප්පැන්න සහතිකයේ මුල් පිටපත
    මෙහිදී අදාළ රෙජිස්ට්‍රාර් කොට්ඨාශයේ ලියාපදිංචි කරන ලද උප්පැන්න සහතිකය ඉදිරිපත් කළ යුතුය. එහි ඡායා පිටපතක්, වෛද්‍ය රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන ලද පිටපත, නොමිලේ නිකුත් කරන ලද පිටපත, ඉංග්‍රීසි පරිවර්තන හෝ උප්පැන්න සහතිකයේ උපුටා ගත් සටහන ප්‍රමාණවත් නොවේ.
  • ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මාස 06 කට නොවැඩි කාලයක් තුළදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
  • Passport ප්‍රමාණයේ photos 5ක්
  • විදේශිකයෙකු නම් විදේශ ගමන් බලපත්‍රය සහ අයදුම් කරන දින සිට ඉදිරියට මාස 06 කට නොඅඩු වීසා බලපත්‍රය.

ලිඛිත පරීක්ෂණය

ඔබ learners එකක් හරහා driving license එක අයදුම් කරනවා නම් ඉහත සඳහන් සියලු ලිපි ලේඛන ඔබ තෝරාගත් leaners එකට භාර දෙන්න ඕනේ. එතකොට ලිඛිත පරීක්ෂණය සඳහා දිනයක් වෙන් කරගන්න පුලුවන්. බහුවරණ ප්‍රශ්න 40කින් යුක්ත ප්‍රශ්න පත්‍රයක් සඳහා ඔබට මුහුණ දීමට සිදු වෙනවා. මෙම පරීක්ෂණය සමත් වෙන්න නම් ඔබ අනිවාර්යයෙන්ම ලකුණු 30ක් ලබා ගන්න ඕනේ. ලිඛිත පරීක්ෂණයෙන් ඔබ සමත් වුණොත් එදිනම පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් (Learner’s Permit) ලබා දෙනවා. මෙම අවසර පත්‍රය උපරිම මාස 18ක් දක්වා පමණයි වලංගු වන්නේ.

ප්‍රායෝගික පරීක්ෂණය

Learner’s Permit එක ලැබුණට පස්සේ ඔබට පුලුවන් වාහනය drive කරන්න පුරුදු වෙන්න. ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීමට නම් වයස අවුරුදු 18 සම්පුර්ණ වෙන්න ඕනේ. ඒ වගේම Learner’s Permit එක ලැබිලා මාස 03 ක් සම්පූර්ණ වුණාට පස්සේ තමයි ඔබට පුලුවන් ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දෙන්න. පරීක්ෂණය සඳහා නොපැමිණි අවස්ථාවන්ද ඇතුළුව ලිඛිත පරීක්ෂණ සඳහා උපරිම අවස්ථා 03ක් හා ප්‍රායෝගික පරීක්ෂණය සඳහා උපරිම අවස්ථා 04 ක් ඔබට ලබා ගන්න පුලුවන්. නමුත් එම කාලය තුළ සමත් වීමට නොහැකි වුණොත් ඔබගේ අයදුම්පත්‍රය අවලංගු වීම සිදු වෙනවා.

සමත් වුණාට පස්සේ...

ඔබ ප්‍රායෝගික පරීක්ෂණය සමත් වුණාට පස්සේ එදිනම තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබා දීම සිදු කරනවා. එම බලපත්‍රය වලංගු වෙන්නේ මාස 6ක කාලයක් විතරයි. නමුත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද උපරිම මාස 2ක වගේ කාලයක් යනකොට ඔබගේ driving license එක තැපෑලෙන් නිවසටම ලබා දීම සිදු වෙනවා.

Learners නොයා license එක ගමු

ඔබට ගෙදර වාහනයක් තියෙනවා නම්, එහෙමත් නැත්නම් වාහන drive කරලා පළපුරුද්දක් තියෙනවා නම් Leaners එකක් හරහා නොයා තනියම රථ වාහන දෙපාර්තමේන්තුව හරහා license එක අයදුම් කරන්න පුලුවන්.

හැබැයි එහිදීත් MotorGuide අපි ඉහත සඳහන් කළ සියලුම ලියකියවිලි අවශ්‍ය වෙනවා. ඉතින් මේ ලියකියවිලි අරගෙන රථ වාහන දෙපාර්තමේන්තුවට ගිහින් ඔබට පුලුවන් license එක සඳහා අයදුම් කරන්න. එතැනදී පෙර සඳහන් කළ පරිදිම ලිඛිත පරීක්ෂණය සඳහා දිනයක් දීම සිදු කරනවා. එය සමත් වුවහොත් ප්‍රායෝගික පරීක්ෂණය සඳහා දිනයක් ලබා ගන්න පුලුවන්.

ඉන් පසු ප්‍රායෝගික පරීක්ෂණය සමත් වුණොත් තාවකාලික රියදුරු බලපත්‍රය ලබා දීම සිදු කෙරෙනවා. පසුව මාස 2ක වගේ කාලයක් යනකොට ඔබගේ driving license එක තැපෑලෙන් නිවසටම ලබා දීම සිදු වෙනවා.

ඉතින් මේ විදියට තමයි ශ්‍රී ලංකාවේ නීතියට අනුව වලංගු රියදුරු බලපත්‍රයක් ලබා ගන්නේ. License එක අතට ගත්තට පස්සේ වාහනයක් drive කරනකොට ඔබේ වගේම පාරේ ගමන් කරන මගීන්ගේ ආරක්ෂාව ගැනත් හිතන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!