නැති වුණු license එක නැවත ලබා ගන්නා විදිය

Nipuna Marasinghe
time
මිනිත්තු 3 කියවීම
feature image

Driving license එක කියන්නේ නිත්‍යානුකූලව වාහනයක් drive කිරීමට අත්‍යාවශ්‍ය වෙන ලියවිල්ලක්. ඉතින් driving license එක නැති වෙනවා කියන්නේ නිතරම වාහනයක් drive කරන කෙනෙක්ට නම් ලොකු පාඩුවක්. අපේ නොසැලකිලිමත් බව වගේම නොදැනුවත් බව නිසා driving license එක නැති වෙන්න පුලුවන්. ඉතින් අද MotorGuide අපි ඔයාට කියන්න හදන්නේ කරදරයක් නැතුව ලේසියෙන්ම නැති වුණ driving license එක හදාගන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ලියවිලි

  • වලංගු, පැහැදිලි ජාතික හැඳුනුම්පත හෝ විදෙස් ගමන් බලපත්‍රය
  • Driving license එක නැති වුණු ප්‍රදේශයේ පොලීසිය විසින් ලබා ගත් පොලිස් සහතිකය
  • නැති වුණු driving license එක 2009ට පෙර ලබා ගත එකක් නම් ජාතික ප්‍රවාහන වෛද්‍ය
  • ආයතනයෙන් නිකුත් කල වෛද්‍ය සහතිකය

RMV එකෙන් දිනයක් වෙන් කරගමු

අවශ්‍ය ලියකියවිලි සියල්ල සූදානම් කර ගත්තට පස්සේ RMV එකේ දිනයක් සහ වෙලාවක් වෙන් කරගන්න ඕනේ. ඔයාට මේ සඳහා ළඟම තියෙන දිස්ත්‍රික් මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලය තෝරාගන්න පුලුවන්. ඒ සඳහා ඔයාට ළඟම දිස්ත්‍රික් කාර්යාලයේ දුරකථන අංකය භාවිතා කරන්න පුලුවන්. එහෙමත් නැත්නම් https://dmtappointments.dmt.gov.lk/ කියන link එක හරහාත් දිනයක් වෙන් කරගන්න පුළුවන්.

Driving license එක අලුත් කරගමු

දිස්ත්‍රික් මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලය හරහා දිනයක් සහ වෙලාවක් වෙන් කරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ අදාළ ලියකියවිලි එක්ක කාර්යාලයට යන එක. ඇතුළට යන්න කලින් ප්‍රධාන ගේට්ටුවෙන් booking එකට අදාළ SMS එක check කරලා booking number එක තහවුරු කරගන්නවා. ඊට පස්සේ අපි H හෝල් එකට තමයි යන්න ඕනේ. එතනදී නැතිවුණු driving license එක ලබා ගැනීම සම්බන්ධයෙන් කවුන්ටර් තුනකට ඔයා යන්න ඕනේ.

පළමු කවුන්ටර් එක

පළමු කවුන්ටර් එකට ගියාම ඔයාගේ ජාතික හැඳුනුම්පත සහ පොලිස් සහතිකය ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. අවශ්‍ය ලියකියවිලි සියල්ල ඉදිරිපත් කළාට පස්සේ ඔයාගේ photo එකක්, finger print එක සහ අත්සන ලබා ගැනීම සිදු කරනවා. ඊට පස්සේ එතනින් ඔයාගේ photo එක සහිත printed application form එකක් ඔයාට ලබා දෙනවා. ඔයාට ලැබෙන application form එකේ a, b, c, d, e සහ f කියලා කොටස් 6ක් තියෙනවා. මේ form එක හරියටම fill කළාට පස්සේ ඔයාට පුලුවන් දෙවනි counter එකට යන්න.

දෙවනි සහ තුන්වෙනි කවුන්ටර් එක

දෙවනි කවුන්ටර් එකේදී වෙන්නේ ඔයාගේ විස්තර පරිගණක ගත කරන එක. ඊට පස්සේ ඔයාව account section එකට යන්න ඕනේ. මෙතනට තමයි නැතිවුණු driving license එක වෙනුවෙන් ලබා ගන්නා අලුත් ලයිසන් එකට මුදල් ගෙවන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ නමට අලුත් driving license එක ලබා දෙනවා. හැබැයි මේ දවස් වල තියෙන cards හිඟකම නිසා A4 size කොළයක තමයි රියදුරු බලපත්‍රය print කරලා දෙන්නේ. ඒක අවුරුද්දක කාලයක් වලංගු වෙනවා.

මේ විදියට තමයි ලේසියෙන්ම නැතිවුණු driving license එක නැවත ලබා ගැනීම සිදු කරන්නේ. ඉතින් MotorGuide අපි කිව්වා විදියට වැඩ කටයුතු කළොත් ඔයාට පුලුවන් අනවශ්‍ය විදියට රස්තියාදු වෙන්නේ නැතුව, මුදල් නාස්ති කරගන්නේ නැතුව ඉක්මනින්ම නැතිවුණු driving license එක වෙනුවෙට අලුත් driving license එකක් ලබා ගන්න.

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    නොවැම්බර් 24 සිට බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ අවස්ථාව

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    වාහනයක වර්ණය වෙනස් කරන නීති මොනවද?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මෝටර් රථ රියදුරන් සඳහා මත්ද්‍රව්‍ය පරීක්ෂාව පිළිබඳ නව රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    අධිවේගයේ යන වාහනවල ආසන පටි පැලඳීම ගැන කැබිනට්ටුවෙන් තීරණයක්

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දකුණු පළාතේ රථවාහන දඩ GovPay හරහා ගෙවීමට ඉඩ

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    අධිවේගී මාර්ගයේ සියලු වාහන සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කළ ගැසට් නිවේදනය

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවන්න අවස්ථාව ලැබෙන දිනය

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මගී ප්‍රවාහන වාහන මාසිකව පරීක්ෂා කිරීම නීතියක් බවට පත් කිරිමේ තීරණයක්

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්

    time
    මිනිත්තු 1 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback

    රු 4.6M - 5.3M

  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 සමාලෝචනය

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4

    රු 5M - 7.5M

  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback

    රු 25M - 40M

  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback
  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4
  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan

    රු 12M - 13.5M

  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan

    රු 15M - 18M

  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

    රු 17.5M - 19.8M

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!