කල් ඉකුත් වුණු license එක අලුත් කරන ආකාරය

time
මිනිත්තු 3 කියවීම
feature image

ඉස්සර නම් license එකක් ගත්තම ජීවිත කාලෙම ඒකෙන් වාහන drive කරන්න පුළුවන්. ඒ කියන්නේ වලංගු කාලය ජීවිතාන්තය වෙනකන් තිබුණා. හැබැයි 2009න් පස්සේ හැම driving license එකම අවුරුදු 8න් 8ට අලුත් කරන්න ඕනේ. මේක ටිකක් කරදර වැඩක් නම් තමයි. හැබැයි එහෙමයි කියලා අපිට license එක නැතුව වාහන drive කරන්න බැහැනේ. ඒ නිසා අද MotorGuide අපි ඔයාට කියන්නේ රස්තියාදු වෙන්නේ නැතුව කල් ඉකුත් වුණු driving license එක අලුත් කරගන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ලියවිලි

  • වලංගු, පැහැදිලි ජාතික හැඳුනුම්පත හෝ විදෙස් ගමන් බලපත්‍රය
  • කල් ඉකුත් වුණු driving license එක
  • Driving license එක නැති වී ඇත්නම් පොලිස් සහතිකයක්
  • ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත් කළ වෛද්‍ය සහතිකය

වෛද්‍ය සහතිකය ලබා ගන්නේ මෙහෙමයි

Driving license එක අලුත් කරන්න නම් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන දෙයක් තමයි වෛද්‍ය සහතිකය කියන්නේ. හැබැයි මේ වෛද්‍ය සහතිකය ඔයාට හිතෙන හිතෙන තැන් වලින් නම් අරගෙන හරියන්නේ නැහැ. ඔයා අනිවාර්යෙන්ම ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් තමයි ලබා ගන්න ඕනේ. ඉතින් මේ ආයතන ලංකාව පුරාම පිහිටලා තියෙනවා. ඔයාට ළඟම තැනකින් වෛද්‍ය වාර්තාව ලබා ගන්න පුලුවන්. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ process එක මොන වගේද කියලා MotorGuide අපි කලින් ඔයාව දැනුවත් කරලා තියෙනවා. ඒ article එක කියවලා ඔයාට දැනුවත් වෙන්න පුලුවන්.

RMV එකෙන් දිනයක් වෙන් කරගමු

Medical එක ගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ ඊළඟ වැඩේ තමයි RMV එකේ දිනයක් සහ වෙලාවක් වෙන් කරගන්න එක. ඔයාට මේ සඳහා ළඟම තියෙන දිස්ත්‍රික් මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලය තෝරාගන්න පුලුවන්. මෙතනදී දිනයක් සහ වේලාවක් හරියටම වෙන් කරගන්න ඔයා තෝරාගත්ත දිස්ත්‍රික් කාර්යාලයේ දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. එහෙමත් නැත්නම් https://dmtappointments.dmt.gov.lk/ කියන ලින්ක් එක හරහාත් දිනයක් වෙන් කරගන්න පුලුවන්.

Driving license එක අලුත් කරගමු

දිස්ත්‍රික් මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලය හරහා දිනයක් සහ වේලාවක් වෙන් කරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ, අදාළ ලියකියවිලි එක්ක කාර්යාලයට යන එක. ඇතුළට යන්න කලින් ප්‍රධාන ගේට්ටුවෙන් booking එකට අදාළ SMS එක check කරලා booking number එක තහවුරු කරගන්නවා. ඊට පස්සේ ඔයා යන්න ඕනේ H හෝල් එකට තමයි යන්න ඕනේ. එතනදී Driving license එක අලුත් කර ගැනීම සම්බන්ධයෙන් කවුන්ටර් තුනකට යන්න ඕනේ.

පළමු කවුන්ටර් එක

පළමු කවුන්ටර් එකට ගියාම ඔයාගේ medical එක, පරණ රියදුරු බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරන්න ඕනේ. අවශ්‍ය ලියකියවිලි සියල්ල ඉදිරිපත් කළාට පස්සේ ඔයාගේ photo එකක්, finger print එක සහ අත්සන ලබා ගැනීම සිදු කරනවා. ඊට පස්සේ ඔයාගේ photo එක සහිත printed application form එකක් එතනින් ඔයාට ලබා දෙනවා.

ඔයාට ලැබෙන application form එකේ a, b, c, d, e සහ f කියලා කොටස් 6ක් තියෙනවා. මේ form එක හරියටම fill කළාට පස්සේ ඔයාට පුලුවන් දෙවෙනි counter එකට යන්න.

දෙවනි සහ තුන්වෙනි කවුන්ටර් එක

දෙවනි කවුන්ටර් එකේදී වෙන්නේ ඔයාගේ විස්තර පරිගණක ගත කරන එක. ඊට පස්සේ ඔයා account section එකට යන්න ඕනේ. මෙතනට තමයි කල් ඉකුත් වුණු license එක වෙනුවෙන් ලබා ගන්නා අලුත් ලයිසන් එකට මුදල් ගෙවන්න ඕනේ. මුදල් ගෙවීමෙන් පස්සේ ඔයාගේ පරණ driving license එක punch කිරීම සිදු කරනවා. ඊට පස්සේ ඔයාගේ නමට අලුත් driving license එක ලබා දෙනවා. හැබැයි මේ දවස් වල තියෙන cards හිඟකම නිසා A4 size කොළයක තමයි රියදුරු බලපත්‍රය print කරලා දෙන්නේ. ඒක අවුරුද්දක කාලයක් වලංගු වෙනවා.

ඉතින් මේ විදියට තමයි කිසිම රස්තියාදුවක් වෙන්නේ නැතිව ලේසියෙන්ම කල් ඉකුත් වුණු driving license එක අලුත් කරගන්නේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    රථවාහන වැරදි සඳහා රියදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය (DEMERIT POINTS SYSTEM) හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය ඇරඹේ

    time
    මිනිත්තු 2 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

  • Kia Sorento Hybrid SX Tech Pack 2026

    SUV

    රු 34.5M - 38.8M

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!