කල් ඉකුත් වුණු license එක අලුත් කරන ආකාරය

Nipuna Marasinghe
time
මිනිත්තු 3 කියවීම
feature image

ඉස්සර නම් license එකක් ගත්තම ජීවිත කාලෙම ඒකෙන් වාහන drive කරන්න පුළුවන්. ඒ කියන්නේ වලංගු කාලය ජීවිතාන්තය වෙනකන් තිබුණා. හැබැයි 2009න් පස්සේ හැම driving license එකම අවුරුදු 8න් 8ට අලුත් කරන්න ඕනේ. මේක ටිකක් කරදර වැඩක් නම් තමයි. හැබැයි එහෙමයි කියලා අපිට license එක නැතුව වාහන drive කරන්න බැහැනේ. ඒ නිසා අද MotorGuide අපි ඔයාට කියන්නේ රස්තියාදු වෙන්නේ නැතුව කල් ඉකුත් වුණු driving license එක අලුත් කරගන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ලියවිලි

  • වලංගු, පැහැදිලි ජාතික හැඳුනුම්පත හෝ විදෙස් ගමන් බලපත්‍රය
  • කල් ඉකුත් වුණු driving license එක
  • Driving license එක නැති වී ඇත්නම් පොලිස් සහතිකයක්
  • ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත් කළ වෛද්‍ය සහතිකය

වෛද්‍ය සහතිකය ලබා ගන්නේ මෙහෙමයි

Driving license එක අලුත් කරන්න නම් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන දෙයක් තමයි වෛද්‍ය සහතිකය කියන්නේ. හැබැයි මේ වෛද්‍ය සහතිකය ඔයාට හිතෙන හිතෙන තැන් වලින් නම් අරගෙන හරියන්නේ නැහැ. ඔයා අනිවාර්යෙන්ම ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් තමයි ලබා ගන්න ඕනේ. ඉතින් මේ ආයතන ලංකාව පුරාම පිහිටලා තියෙනවා. ඔයාට ළඟම තැනකින් වෛද්‍ය වාර්තාව ලබා ගන්න පුලුවන්. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ process එක මොන වගේද කියලා MotorGuide අපි කලින් ඔයාව දැනුවත් කරලා තියෙනවා. ඒ article එක කියවලා ඔයාට දැනුවත් වෙන්න පුලුවන්.

RMV එකෙන් දිනයක් වෙන් කරගමු

Medical එක ගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ ඊළඟ වැඩේ තමයි RMV එකේ දිනයක් සහ වෙලාවක් වෙන් කරගන්න එක. ඔයාට මේ සඳහා ළඟම තියෙන දිස්ත්‍රික් මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලය තෝරාගන්න පුලුවන්. මෙතනදී දිනයක් සහ වේලාවක් හරියටම වෙන් කරගන්න ඔයා තෝරාගත්ත දිස්ත්‍රික් කාර්යාලයේ දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. එහෙමත් නැත්නම් https://dmtappointments.dmt.gov.lk/ කියන ලින්ක් එක හරහාත් දිනයක් වෙන් කරගන්න පුලුවන්.

Driving license එක අලුත් කරගමු

දිස්ත්‍රික් මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලය හරහා දිනයක් සහ වේලාවක් වෙන් කරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ, අදාළ ලියකියවිලි එක්ක කාර්යාලයට යන එක. ඇතුළට යන්න කලින් ප්‍රධාන ගේට්ටුවෙන් booking එකට අදාළ SMS එක check කරලා booking number එක තහවුරු කරගන්නවා. ඊට පස්සේ ඔයා යන්න ඕනේ H හෝල් එකට තමයි යන්න ඕනේ. එතනදී Driving license එක අලුත් කර ගැනීම සම්බන්ධයෙන් කවුන්ටර් තුනකට යන්න ඕනේ.

පළමු කවුන්ටර් එක

පළමු කවුන්ටර් එකට ගියාම ඔයාගේ medical එක, පරණ රියදුරු බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරන්න ඕනේ. අවශ්‍ය ලියකියවිලි සියල්ල ඉදිරිපත් කළාට පස්සේ ඔයාගේ photo එකක්, finger print එක සහ අත්සන ලබා ගැනීම සිදු කරනවා. ඊට පස්සේ ඔයාගේ photo එක සහිත printed application form එකක් එතනින් ඔයාට ලබා දෙනවා.

ඔයාට ලැබෙන application form එකේ a, b, c, d, e සහ f කියලා කොටස් 6ක් තියෙනවා. මේ form එක හරියටම fill කළාට පස්සේ ඔයාට පුලුවන් දෙවෙනි counter එකට යන්න.

දෙවනි සහ තුන්වෙනි කවුන්ටර් එක

දෙවනි කවුන්ටර් එකේදී වෙන්නේ ඔයාගේ විස්තර පරිගණක ගත කරන එක. ඊට පස්සේ ඔයා account section එකට යන්න ඕනේ. මෙතනට තමයි කල් ඉකුත් වුණු license එක වෙනුවෙන් ලබා ගන්නා අලුත් ලයිසන් එකට මුදල් ගෙවන්න ඕනේ. මුදල් ගෙවීමෙන් පස්සේ ඔයාගේ පරණ driving license එක punch කිරීම සිදු කරනවා. ඊට පස්සේ ඔයාගේ නමට අලුත් driving license එක ලබා දෙනවා. හැබැයි මේ දවස් වල තියෙන cards හිඟකම නිසා A4 size කොළයක තමයි රියදුරු බලපත්‍රය print කරලා දෙන්නේ. ඒක අවුරුද්දක කාලයක් වලංගු වෙනවා.

ඉතින් මේ විදියට තමයි කිසිම රස්තියාදුවක් වෙන්නේ නැතිව ලේසියෙන්ම කල් ඉකුත් වුණු driving license එක අලුත් කරගන්නේ.

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    නොවැම්බර් 24 සිට බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ අවස්ථාව

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    වාහනයක වර්ණය වෙනස් කරන නීති මොනවද?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මෝටර් රථ රියදුරන් සඳහා මත්ද්‍රව්‍ය පරීක්ෂාව පිළිබඳ නව රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    අධිවේගයේ යන වාහනවල ආසන පටි පැලඳීම ගැන කැබිනට්ටුවෙන් තීරණයක්

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දකුණු පළාතේ රථවාහන දඩ GovPay හරහා ගෙවීමට ඉඩ

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    අධිවේගී මාර්ගයේ සියලු වාහන සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කළ ගැසට් නිවේදනය

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවන්න අවස්ථාව ලැබෙන දිනය

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මගී ප්‍රවාහන වාහන මාසිකව පරීක්ෂා කිරීම නීතියක් බවට පත් කිරිමේ තීරණයක්

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්

    time
    මිනිත්තු 1 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback

    රු 4.6M - 5.3M

  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 සමාලෝචනය

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4

    රු 5M - 7.5M

  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback

    රු 25M - 40M

  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback
  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4
  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan

    රු 12M - 13.5M

  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan

    රු 15M - 18M

  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

    රු 17.5M - 19.8M

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!